Search This Blog

Monday, May 9, 2016

HSBC ශ්‍රී ලංකාව Up කරයි

HSBC ශ්‍රී ලංකාව Up කරයි

HSBC ශ්‍රී ලංකාව Up කරයි

HSBC විසින් සිදුකරනු ලබන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකාව negative ලැයිස්තුවේ සිට positive ලැයිස්තුව දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඩොලර් බිලියන 1.5 ණය සඳහා ගිවිසුම්ගත වීම හේතුකොට ගෙන රටේ විදේශ විනිමය සංචිතවල වර්ධනයක් සිදුවීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ නවතා තිබෙන ඉදිකිරීම් ව්‍යාපෘති ගණනාවක් යළි ක්‍රියාත්මක වීම තුළ මෙරට ඉදිරිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්තය යළි පිබිදෙන බවයි. එසේම 2015 වසරේ සංචාරක පැමිණීම 18% කින් ඉහළ ගොස් තිබීම ද සුභ සළකුණක් ලෙසින් HSBC නිරීක්ෂණය කර තිබේ.
HSBC සිය ශ්‍රේණිගත කිරීම හිදී ශ්‍රී ලංකාව ඉහළට ඔසවා තබන අතරවාරයේ දී වියට්නාමය positive ශ්‍රේණියේ සිට neutral ශ්‍රේණිය දක්වා පහත හෙළා ඇත.

Thursday, April 7, 2016

අස්ගිරි මහා විහාරයේ අභිනව මහා නායක හිමියන් තෝරා පත් කර ගනී



සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අභිනව මහා නායක හිමිපාණන් වහන්සේ ලෙස අස්ගිරි පාර්ශවයේ අනුනායක බදුලු මුතියංගණ රජමහා විහාරාධිපති පූජ්‍ය වරකාගොඩ ඥානරතන නා හිමියන් ඒකච්ඡන්දයෙන් පත් කර ගැනිණි.
ඒ, අස්ගිරි මහා විහාරයීය මංගල උපෝසතාගාරයේදී ය

Sunday, March 13, 2016

විදුලිය ඇණහිටීමට හේතුව හෙළිවෙයි-ඒත් සම්පූර්ණ පරීක්ෂණයක්

විදුලිය ඇණහිටීමට හේතුව හෙළිවෙයි-ඒත් සම්පූර්ණ පරීක්ෂණයක්

දිවයින පුරා ඇණ හිට තිබූ විදුලි බලය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබේ.

මධ්‍යම රාත්‍රීය වන විට විදුලි බලය යථා  තත්ත්වයට පත් කිරිමට හැකියාව ලැබූ බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

ඊයේ පස්වරු 02.30ට පමණ දිවයින පුරා හදිසි විදුලිය බිද වැටිමක් සිදුවූ අතර ප.ව  06.00 පමණ දක්වාත් මෙම විදුලිය බිද වැටීමට අදාළව නිශ්චිත තොරතුරු සොයා ගැනිමට අපොහොසත්විය.

එහෙත්  විදුලිබල අමාත්‍යංශය කඩින් කඩ ජාතික විදුලි බල පද්ධතිය යළි සක්‍රීය තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරනු ලැබිණි.

මේ අතර විදුලිය බිද වැටීමත් සමග නොරොච්චෝලය බලාගාරයේ විදුලි සැපයුම ද සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.

කෙසේ වෙතත් ඊයේ කෑගල්ල ප්‍රදේශයේදී පැවැති මාධ්‍ය හමුවකදී විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ විදුලිය බිදවැටිම සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කර නිශ්චිත විසදුම් ලබාදිමට කටයුතු කරන බවයි.

එමෙන්ම පාරිභෝගිකයින් පත් වූ අපහසුතාවය පිළිබඳව කණගාටුවට පත් වන අතර ඒ සදහා සමාව අයද සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර අද උදෑසන මෙම විදුලිය බිදවැටිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විමට සැලසුම්කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් අදාළ විදුලිය බිදවැටිමට හේතුව බියගම ප්‍රදේශයේ විදුලි උපපොළක සිදු වූ හදිසි කාර්මික දෝෂයක් බවත්,එහි ප්‍රධාන ට්‍රාන්ස්ප්‍රෝමරයක පුපුරායාමෙන් හානි සිදුවීම ඊට බලපා ඇති බවත් විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන්ද මේ වන විට පරික්ෂණයක් ආරම්භ කර ඇති බව විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සදහන් කළේය.

බියගම සිද්ධිය සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තාවක් කැඳවිමට ද සැලසුම්කර ඇති බව කියා සිටි සභාපතිවරයා මෙය  කඩාකප්පල්කාරි ක්‍රියාවක් ද යන්න සම්බන්ධයෙන් වෙනමම පරික්ෂණයක් සිදු කරන බවද කියා සිටියේය.

මේ අතර මෙම විදුලිය බිදවැටිමේ සිද්ධිය පිළිබඳව පරික්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව සමස්ත ලංකා ආපනශාල හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා සඳහන් කළේය.

Tuesday, March 8, 2016

වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කරනවා


වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කෙසේ වෙතත් ජාතිය ගොඩනැඟීමේ බද්ද වෙනසක් සිදුනොවන බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ඒ අනූව ජාතිය ගොඩනැඟීමේ බද්ද සියයට 2 අනුපාතයේම තබාගන්නා බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වුවද වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කිරීමෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ හා විදුලිබිල මත බර පටවා සාමාන්‍ය ජනතාව පීඩාවට පත් නොකරන බවද අගමැතිවරයා කීවේය.

රාජපක්ෂ රෙජිමය අපේ රට ණය උගුලක සිර කළ බවත්, රෙජීමයේ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත නිසා මේ වන විට රට රුපියල් ට්‍රිලියන 9.5 ක ණය උගුලක හිරවී සිටින බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය.

රාජපක්‍ෂ රෙජීමය අපේ රට හසුකර ඇති ආර්ථික උගුලෙන් රට ගලවා ගැනීමට අකමැති අයත් සිටින බවත්, මේ ආකාරයට උගුලේ සිරවී සිටියොත් රටට අනාගතයක් නැති බව ඒ අය දන්නා බවත්, එහෙත්  ඒ අයට අවශ්‍ය රට විනාශයට පත් වෙනවා දැකීමට බවත් පැවසූ අග්‍රාමාත්‍යවරයා ඉන්පසු ‘මෙන්න, යහපාලන ආණ්ඩුව රට විනාශ කළා, රට හදන්න පුළුවන් අපිටයි’ කියමින් නැවත බලයට පත් වීම යැයිද පෙන්වාදුන්නේය.

රාජපක්‍ෂ රෙජීමය කළේ ණය ගෙවීම සඳහා තව තව ණය ගැනීම බවද, මේ නිසා සිදුවූයේ ණය පිට ණය හා පොලී පිට පොලී පැටවීම බවද කියා සිටි අගමැතිවරයා රාජපක්‍ෂ රෙජීමය මේ ආකාරයට වැඩි වැඩියෙන් ණය ගනිමින් සුරංගනා ආර්ථිකයක් මවා පෙන්නා රටේ සමහරු පමණක් නොව, ආර්ථික දර්ශක සකස් කරන ජාත්‍යන්තර ආයතන පවා රැවටූ බවද කියා සිටියේය.

මේ නිසා පටු දේශපාලන කෝණ වලින් නොබලා, මේ ගමන යන්නට එකට එක් වන ලෙසත්, සියලුදෙනා එකාවන්ව මේ අභියෝග ජය ගැනීමට අවංක චේතනාවෙන් එක් වුවහොත්, අපේ රට ඉහළට ඔසවා තැබීමට හැකි බවත්, අගමැතිවරයා පැවසුවේය.

Tuesday, March 1, 2016

යෝෂිත ඇතුළු සිව්දෙනෙකුගෙන් මානව හිමිකම් පෙත්සම්


දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යොෂිත රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් නම් කර ඇති බව අදදෙරණ වාර්තාකරු පවසයි.

තමන් ඇතුළු පිරිස සී.එස්.එන් ආයතනයේ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් චෝදනා කොට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් පෙන්වාදී තිබේ.

එසේ වුවද තමාට එල්ලවන චෝදනා පදනම් විරහිත බැවින් එකී චෝදනාවලින් නිදහස් කරලීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්,තමාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Thursday, February 11, 2016

යෝෂිත-නිශාන්ත ඇතුළු පිරිස 25 දක්වා යළි රිමාන්ඩ්



රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අද(11) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 25 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සී.එස්.එන් නාළිකාවේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙකු පසුගියදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට මහේස්ත්ත්‍රාත්වරයා නියෝග ‍කළේය.

ඒ අනුව අද දිනයේ යෝෂිත රාජපක්ෂ,නිශාන්ත රණතුංග ඇතුළු මහතා ඇතුළු පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු ප්‍රකාශකර සිටියේය.

අද දිනයේ තම සේවාදායකයින් වෙනුවෙන් ඇප අයදුම් කළද අධිකරණය විසින් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත්,චෝදනා කරන අන්දමට යෝෂිත රාජපක්ෂ සී.එස්.එන් නාලිකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කර නැති බවත්,එසේම මෙම නාලිකාවට මිලියන 2.3ක විදේශ මුදලක් ලැබුණු බවට එල්ලවන චෝදනාවද අසත්‍යයක් බවත් විත්ති‍ පාර්ශවයේ නීතිඥ ප්‍රේමනාත් සී.දොලවත්ත මහතා පවසයි.

කෙසේ වෙතත් අධිකරණය ඉදිරියේ විමර්ශනය වන කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි,අමාත්‍ය සාගල රත්නායක මහතා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු දක්වා ඇති බැවින් එසේ කරුණු දැක්වීම ජන මනසට හා අධිකරණ මනසට එල්ල කළ බලපෑමක් වශයෙන් සලකන බවත් නීතිඥවරයා සඳහන් කළේය.

 කෙසේ වෙතත් තම සේවාදායකයන් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට කටයුතු කරන බව නීතිඥ දොලවත්ත මහතා වැඩිදුරටත් කියා සිටියි.

සරාගී Deshii අන්තර්ජාලය හොල්ලයි (ඡායාරූප)



Deshii Senadhira   නම් වූ මෝස්තර නිරූපණ ශිල්පිණියගේ නවතම ඡායාරූප පෙළ මෙන්න…..










පරිණිතාගේ වීඩියෝව ඉන්දියාවම හොල්ලයි (වීඩියෝ)


පරිනිතා චොප්රා  කියන්නේ ඉන්දියාවේ ඉන්න ප්‍රසිද්ධ සුරූපී චරිතයක්නේ. ඔන්න එයා පසුගිය දා සිංදුවක් එළියට දැම්මා. ඒ සිංදුව එක දවසින් පැය කිහිපයක් ඇතුළත විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් නරඹලා තියෙනවා. ඒ කියන්නේ එක දවසට ප්‍රේක්ෂකයින් 50,000ක් බලලා. ඒ වීඩියෝව පහතින් බලන්න.

Tuesday, January 26, 2016

ඇඹිලිපිටිය ගැටුමේ CCTV දර්ශන පිටවෙයි


පසුගිය දිනක  ඇඹිලිපිටිය පොලීසය හා සාදයකට  සහභාගී වූ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙක් මිට ගියානේ.
අදාළ ගැටුම ඇතුළත් සීසීටීවී  දර්ශන ඇති වීඩියෝවක් මේ වන විට අප වෙත ලැබී තිබෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න

Monday, January 25, 2016

මරුටි ලියාපදිංචිය 31% කින් අඩුවෙලා


2015 දෙසැම්බර් මාසයේ දී මෙරට තුළ මරුටි වර්ගයේ මෝටර් රථ ලියාපදිංචිය 31% කින් පහළ බැස ඇතැයි වාර්තා වේ. පසුගිය නොවැම්බර් මාසයේ දී මෙරට තුළ මරුටි රථ 5,631 ක් ලියාපදිංචි කර ඇති අතර දෙසැම්බර් මාසයේ දී එය 3,882 දක්වා මේ අනුව අඩු වී තිබේ.
2015 සැප්තැම්බර් මාසය තුළ දී මෙතෙක් වාර්තා වී තිබෙන වැඩිම මරුටි රථ ලියාපදිංචිය වාර්තා වන අතර එය ඒකක 8,029 කි.
මේ අතර පසුගිය දෙසැම්බර් මාසයේ දී ලියාපදිංචි කර තිබෙන සම්පූර්ණ මෝටර් කාර් ප්‍රමාණය 7,177 ක් ලෙසින් වාර්තා වන අතර එය නොවැම්බර්යේ දී ලියාපදිංචි කර තිබූ මෝටර් කාර් ප්‍රමාණය වූ 10,084 හා සැසඳීමේ දී 29% ක පහළ යාමකි.
2015 දෙසැමර්බර් මාසය තුළ ලියාපදිංචි කර තිබෙන ත්‍රී රෝද රථ ප්‍රමාණය 10,480 ක් ලෙසින් වාර්තා වන අතර නොවැම්බරයේ දී එම ප්‍රමාණය 13,668 ක් විය. මෙය 23% ක අඩුවීමකි.
කෙසේවෙතත් දෙසැම්බර් මාසය තුළ ලියාපදිංචි කර තිබෙන මෝටර් බයිසිකල් ප්‍රමාණය 30,241 ක් ලෙසත්, නොවැම්බර් මාසයේ දී එය 31,262 ක් ලෙසත් වාර්තා වේ. මෙය 3% ක පමණ සුළු පහළ යාමක් ලෙසින් දැක්විය හැකිය.
2015 නොවැම්බර් මාසය තුළ මෙරට ලියාපදිංචි කර තිබෙන සම්පූර්ණ වාහන ප්‍රමාණය 61,864 ක් වන අතර එය දෙසැම්බර් මාසයේ දී 54,139 දක්වා පහත වැටී ඇත. මෙය 12.5% ක පමණ අඩුවීමකි.
JB සිකියුරිටීස් ආයතනය විසින් කළ සමීක්ෂණ වාර්තාවකින් මෙම කරුණු අනාවරණය කර තිබේ.

මුහුද ගල් ගැසෙයි


අමෙරිකාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය නිසා  එම රටේ මේ වන විට   ජනතාව මහත් අසීරුතාවයන් රාශියකට මුහුණපා තිබෙනවා.
අමෙරිකාවට මේ වන විට  සුළු කුණාටු තත්ත්වයක්  පවතිනවා කියලා   කොයි කවුරුත් දන්න කාරණයක්නේ, මිලියන 50ක ජනතාව දැඩි පීඩාවට පත්කළ මේ කුණාටුවත් සමඟ, ඊසානදිග අමෙරිකාව අසාමාන්‍ය ශීත කාලගුණයකින් වැසී  ගිහින් කියලත් වාර්තා වෙනවා.
මේ හීතලේ තරම කොයි තරම්දැයි කිවහොත්, මැසචුසෙට් ජනපදයට මායිම් ව ඇති මුහුද ද හීතල දරාගත නො හැකිව  මුහුදු රළ, රළ විදිහට ම නැවතී  ගල් ගැසී තිබෙන බව වාර්තා වෙනවා.
දරාගත නො හීතල කොහොමින් ම හරි දරාගෙන, හීතල විසින් මැවූ සුන්දරත්වය සෙසු ලෝකය සමඟින් බෙදාගන්නට තරම් උණුහුම් හිතක් තිබුණු ඡායාරූප ශිල්පියෙක් වන ජොනතන් නිමේර්ෆ්රෝවිසින් කැමරා කාචයේ රඳවාගත් මැසචුසෙට් මුහුදේ ඡායාරූපයි මේ.





Sunday, January 24, 2016

නිල් චිත්‍රපටි වල රඟපෑම අසීලාචාර නෑ – සනී අක්කා වැඩසටහනක් උණූසුම් කරයි



Hot Seat කියන්නෙ ඉන්දියාවේ තියෙන රූපවාහිනි වැඩසටහනක්. ඒකට පහුගිය දවසක ඉන්දියාවේ ගිනි සිළුව සනී ලියෝන් සහභාගී වුණා.
එකේදී නිවේදකයා අහපු ප්‍රශ්නවලට සනි උත්තර දුන්නේ මෙහෙමයි..
Q- කරන්ජිත් සනී ලියොන් වූ හැටි කියන්න පුලුවන්ද?
A – තවමත් මගේ යාලුවෝ සහ පවුලේ අය මට කියන්නේ කරන්ජිත් කියලා තමා.
Q- ඔබේ ජීව්තයේ ඔබ පසු තැවෙන එක හේතුවක් කියන පුලුවන්ද?
A – මගේ රාජකාරී ජීවිතයේ කිසිම පසුතැවිමක් මේ වෙනකන් නෑ . මගේ වැරදීම් වලින් මං පාඩම් ඉගෙන ගන්නවා. මම මේ ක්‍ෂේත්‍රයට ආපු කාලේ බොලිවූඩ් මට සංස්කෘතික කම්පනයක් වගේ දැනුනා.
Q- ඔබත් එක්ක අමිර් ඛාන් එකට වැඩ කරයි කියල ඔබට හිතෙනවද?
A -අමිර් ඛාන් මාත් එක්ක එකට වැඩ කරන එකක් නෑ මගේ අතීතය නිසා. නමුත් මං කැමති ඔහුත් සමඟ එකට වැඩ කරන්න. මොකද මාත් ඔහුගේ හොදම රසිකාවියක්.
Q- ඔබේ අතීතය ඔබේ බොලිවුඩ් හි ඉදිරි පැවැත්මට බලපානවා නේද ?
A – මං කළ හැම දෙයක්ම තමා මාව මේ තත්වයට ගෙනත් තියෙන්නේ. ඒක නිසා මට කිසිම පසු තැවිමක් නම් නෑ.
Q- නිල් චිත්‍රපට නිලියක් වීමට ඔබට ඕනි වුනාද?
A – නෑ, කාටවත් නිල් චිත්‍රපට නිලියක් විමට වුවමනා නෑ. මගේ අනාගත බලාපොරොත්තුව වූනේ නෑ කවදාවත්ම නිල් චිත්‍රපට නිළියක් වීමට.
Q- එහෙනම් කොහොමද ඔබ නිල් චිත්‍රපට නිළියක් වුනේ?
A – එය ඉබේම වෙච්ච දෙයක්. මට එය අශිලාචාරී දෙයක් විදියට පෙනුනේ නෑ. මං එය හොද දෙයක් විදියට දැක්කේ, තමන්ට කැමති දෙයක් කිසිම ප්‍රශ්නයක් නැතිව නිදහසේ කරන්න පුලුවන්.
Q- ඔබ ඔබව රංගන ශිල්පිනියක් හැටියට දකිනවද?
A – ඔවූ, අනිවාර්යෙන්ම. ඔව්, මං හිතෙනවා.
Q- ඔබේ පෙනුමෙන් විතරක් නොවේද ඔබ මේ ක්ෂේත්‍රයේ රැදී සිටින්නේ?
A – නෑ. පෙනුම අනිවාර්යෙන්ම අවශ්‍යයි, තමන්ට තියෙන රඟ පෑමේ හැකියාවට අමතරව.
Q- දැනට ඉන්දියාවේ නිල් චිත්‍රපට නරඹන ප්‍රමාණයේ වැඩි විමක් පෙන්නුම් කරනවා, එයට ඔබේ සම්බන්ධයක් තියෙනවද?
A – මං හිතන්නේ නෑ මං ඒකට වග කියනන ඕනි කියල.
Q- සාමාන්‍යයෙන් ඔබ කැමැති මොන වගේ චිත්‍රපට වලට සම්බන්ධ වෙන්නද ?
A – මං කැමතියි හොඳ කතාවක් තියෙන චිත්‍රපට වලට සම්බන්ධ වෙන්න. තිර රචනයට මම බොහෝ විට අකාර්ෂණය වෙනවා.

Friday, January 22, 2016

නදීශාගෙන් පසු අතුල සමිතාත් සිල් බිඳගත්තාද?



අමායා අධිකාරිගෙන් වෙන්වී යළිත් සමිතා වෙත ගිය අතුල අධිකාරි සිය පැරණි බිරිඳ සමග එක්ව සිය පැරණි ප්‍රේමය මියුසික් වීඩියෝවකින් නිර්මාණය කොට තිබෙනවා.
ලබන පෙබරවාරි මස 5 වැනිදා එළි දකින ඉනෝකා සත්‍යාංගනීගේ සින්ඩ්‍රෙල්ලා චිත‍්‍රපටය වෙනුවෙන් මේ මියුසික් වීඩියෝව නිර්මාණය වී තියෙනවා කියලත් ආරංචියක් තියෙනවා.
ඉතින් මේ මියුසික් වීඩියෝවට අතුල සහ සමිතා පෙනී සිටින පේ‍්‍රමාන්විත දර්ශන කිහිපයක් ඇතුළත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනූව සින්ඩ්‍රෙල්ලා චිත‍්‍රපටයට ඔවුන් දෙදෙනා ගයන ගීතයක් මේ මියුසික් වීඩියෝව සඳහා ඔවුන් භාවිත කර තිබෙනවා.
මේ මියුසික් වීඩියෝව රූපගත කොට ඇත්තේ නුගේගොඩ, ගංගොඩවිල ප‍්‍රදේශයේ බවත් වාර්තා වෙනවා.මෙම ගීතයත් මියුසික් වීඩියෝවත් තවත් දින කිහිපයකින් අන්තර්ජාලයට එක් කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.




ලබන මස සිට ජංගම දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ ගාස්තු වෙනස් වන්නේ මෙහෙමයි.


පෙබරවාරි පළමුදා සිට ජංගම දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ ගාස්තු වෙනස් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව(TRCSL) තීරණය කර තිබෙනවා. මෙහි අරමුණ වී තිබෙන්නේ සියලුම සේවා සපයන්නන් හට පොදු ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීමයි. විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව නිකුත් කල චක්‍රලේඛනයට අනුව කෙටි පණිවිඩ(SMS) පවතින සත 10 යේ සිට සත 20 දක්වා ඉහල යනු ඇත. ඒ වගේම එකම ජාලය තුල ලබා ගන්නා ඇමතුමක් සඳහා වන ගාස්තුව පසු ගෙවුම් පාරිභෝගිකයන්ට සත 50 කින් වැඩි වෙනු ඇත. ඒ අනුව නව අගය රු:1.50 කි. පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට වෙනත් ජාලවලට ලබා ගන්නා ඇමතුමකට(විනාඩි 1ක් සඳහා) මෙතෙක් අය කල රුපියල් 2.50ක ගාස්තුව රුපියල් 1.80 ක් දක්වා පහල යනු ඇත. නමුත් ජාලය තුල මෙතෙක් විනාඩියක ඇමතුමකට අය කල ගාස්තුව රුපියල් 1.50 සිට 1.80 දක්වා වැඩි වෙනු ඇත.
සමස්තයක් විදියට මේ නව වෙනස්කමට අනුව මෙතෙක් ජාලය තුල සහ ජාලයෙන් පිටත ලෙස අය කෙරුණු වෙනස් ගාස්තු අහෝසි වෙනු ඇත. ඒ වෙනුවට පොදු ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

Thursday, January 21, 2016

සූරූපි තරුණියක ලෙස චැට් කරමින් බුකියේ කො‍ල්ලෙක් නන්නත්තාර කරලා



සුරූපී තරුණීයන් ලෙස පෙනී සිටිමින් ෆෙස්බුක් සමාජ වෙබ් අඩවියේ සිටින තරුණයින් සමග ප්‍රේම සම්බන්ධතා ඇති කර ගනිමින් ඔවුන් රවටා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ගෙන්වාගෙන ඒවා ප්‍රසිද්ධ කරන බවට  තර්ජනය කර ලක්ෂ ගණනින් කප්පම් ගන්නා සංවිධානාත්මක කල්ලියක් ගැන පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී සලකා බැලූ අවස්ථ‍ාවේදීය. ඒ අනුව එම සිද්ධිය ගැන වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙත නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියට මුල්ව ඇත්තේ එක්තරා  හමුදා සෙබළෙක්  ෆෙස්බුක් වෙබ් අඩවිය ඔස්සේ අදහස් හුවමාරු කරගනිමින් සුරූපී තරුණීයකට රැවටී තම නිරුවත් ඡයාරූප සහ වීඩියෝ දර්ශන ලබාදීම බව එහිදි හෙළිව තිබෙනවා. පසුව එම වීඩියෝ දර්ශන හා ඡායාරූප ප්‍රසිද්ධ නොකර සිටීමට නම් කප්පමක්  වශයෙන් එම හමුදා සෙබළාට රුපියල් දෙලක්ෂ දස දහසක මුදලක් ගෙවීමට සිදුව ඇති අතර ඒ අනූව ඔහු මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා.

පැමිණිලිකාර යුද හමුදා සෙබළාගේ ෆෙස්බුක් ගිණුමට සුරූපී තරුණීයක විසින් ඇරයුමක් (ෆෙන්ඩ් රික්වෙස්ට්) ලබාදී ඇති බවත්, පසුව පැමිණිලිකරු විසින් එම තරුණීයක ලෙසින් පෙනී සිටි අය සමග සමීප ඇසුරක් පවත්වා ඇති බවත්, ඔහු සිය පැමිණිල්ලෙන් දක්වා තිබෙනවා. මෙම සමීප ඇසුර හේතුවෙන් තරුණීයක ලෙස ෆෙස්බුක් වෙබ්අඩවියේ පෙනී සිටි තැනැත්තා විසින් පැමිණිලිකාර හමුදා සෙබළාගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන විශාල ප‍්‍රමාණයක් ඉල්ලා ඇති බවත්, මෙම අය කාන්තාවක ලෙස සිතූ පැමිණිලිකරු එම ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන ද ලබා දී ඇත්තේ ඔහුගේ ජංගම දුරකථනය මගින් බවත් රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබෙනවා.

පසුව පැමිණිලිකරුගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප‍්‍රචාරය කරන බව පවසමින් අදාළ ෆෙස්බුක් ගිණුම හිමි කණ්ඩායම විසින් පැමිණිලිකාර හමුදා සෙබළා බිය ගන්වා තර්ජනය කර අවස්ථා දෙකකදී මුදල් රුපියල් දෙලක්ෂ දස දහසක මුදලක් ගිණුම් අංක දෙකකට බැර කරවාගෙන ඇති බවද රහස් පොලිසිය අධිකරණයේදී අනාවරණය කර තිබෙනවා. මෙවැනි පැමිණිලි රාශියක් සම්බන්ධයෙන් මේ වන විට තම අංශය වෙත තොරතුරු ලැබෙමින් පවතින බවද මෙහිදී පවසා ඇති රහස් පොලිසිය සිද්ධියට අදාළව එක් පුද්ගලයකු නොව සංවිධානාත්මක කණ්ඩායමක් කටයුතු කරනු ලබන බවද අධිකරණයට දැනුම්දී තිබෙනවා.
ඒ අනුව, පැමිණිල්ලට අදාළ කප්පම් මුදල් ලබාදුන් බව කියන බැංකු ගිණුම්වල තොරතුරු මෙන්ම අදාළ ඒ.ටී.එම් යන්ත‍්‍රවල සී.සී.ටී.වී කැමරා දර්ශන ද ලබාගෙන මෙම පරීක්ෂණය කඩිනමින් සිදුකර අධිකරණයට සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණය රහස් පොලිසියට නියම කර තිබෙනවා.

Tuesday, January 19, 2016

ඔටාරා මුහුදු වෙරළේ දාපු වැඩ එළියට (ඡායාරූප)



ඔටාරා ගුණවර්ධන යනු නව ප්‍රවණතාවයන් මවනා ශ්‍රී ලාංකීය ව්‍යවසායිකාවක, ප්‍රබෝධමත් ව්‍යාපාරිකාවක, මානව හිතවාදිනියක සහ වෙනස්කම් ඇති කරන්නියක ලෙසින් ජනාදරයට පත්ව ඇති චරිතයක්නේ.
ඇය තුළ පවතින සුවිශේෂීත්වය නම් ඇය සතුන් කෙරෙහි දක්වන අසීමිත කරුණාව සහ දයාව මෙන්ම සත්ත්ව සුබසාධනය ඉහළ නැංවීමට දරනා නිරන්තර උත්සාහයයි.

සත්ත්ව සුබසාධනය සම්බන්ධයෙන් ඔටාරා‍ විසින් බිහි කළ සංවිධාන බොහොමයි.
කොහොම වුණත් අපි මේ දැන් ඒ සංවිධාන ගැන කතා කරන්න යනවා නෙවෙයි.
මේ කියන්න  යන්නේ ඔටාරාගේ පෞද්ගලික ජිවිතය ගැන කතාවත්.
ඔටාරා කියන්නේ ඉතාම  සුන්දර චරිතයක්නේ. ඒ කියන්නේ එයා තවමත් හරිම  ලස්සනයි. ඒ වගේම ශරිර සෞඛ්‍ය මට්ටමත් හොඳයි වගේ පෙනෙවා.

මේ දේවල් වලට ගොඩක් රහස් ඇති. ඔන්න ඒ රහස් වලින් එකක් අපිට පසුගිය දවසක දැනගන්න ලැබුණා.
ඒ ඇය විසින් පසුගිය දවසක  ෆේස්බුක් පිටුවට එකතු කරලා තිබුණු ඡායාරූප කිහිපයක් හේතුවෙන්.
ඒ ඡායාරූප වලින් පෙන්නුම් කරන්නේ ඔටාරා යෝගා ක්‍රීඩාවේ යෙදෙන ආකාරයයි.
යෝගා කියන්නේ වෙනත් විවිධ ක්‍රම මඟින් කායික නිරෝගී බව පමණක් ආරක්‍ෂා වෙද්දී යෝග තුළින් කායික, මානසික, ආධ්‍යාත්මික නිරෝගී බව ආරක්‍ෂා වෙනවා.
මෙයට වසර දහස් ගණනකට පෙර විසූ ඉන්දියානු ඍෂිවරුන්ගෙන් දර්ශනයන්ට අනුකූල වූ යෝග කාන්තාවන්ගේ සිරුර, මනස, ආධ්‍යාත්මය පිරිසුදු කරන ආභරණයක් වැනිය.
රුව අලංකරණය සඳහා ආලේප කරන ආලේපනවලින් ලැබෙනුයේ බාහිර අලංකරණයක් පමණි. නමුත් යෝග ඇතුළාන්තයෙන්ම ක්‍රියාත්මක වී අභ්‍යන්තර පවිත්‍රතාව, රූප සෝබාවය ආරක්‍ෂා කරයි. රෝග නිවාරණය කරවාලයි.
බලන්නකෝ ඔටාරා AcroYoga‬ කරන අපූරාව.  කොහාම වුණත් මේ ඡායාරූප දිහා බලලා කවුරුවත් පහත් ලෙස නොසිතනවානම් ගොඩක් හොඳයි.






MKADS අභාවප‍්‍රාප්ත වෙයි..



කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඉඩම් ඇමති එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ.
මේ වන විට ඔහුගේ මෘත දේහය එම රෝහලේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් කියයි.
ගුණවර්ධන මහතා පසුගිය මාස කිහිපය තිස්සේම රෝගී තත්වයෙන් පසු වූ අතර මාස දෙකකට ආසන්න කාලයක් එංගලන්තයේ රෝහලක නැවතී ප‍්‍රතිකාර ලැබීය.
ගුණවර්ධන මහතා 2015 ජනවාරි 08 වැනිදා මෙරට සිදු වූ දේශපාලන බල පෙරලියේ පෙරගමන්කරුවෙකි.
මෙසේ අභ‍්‍රාවප‍්‍රප්ත වන විට ඒ මහතා 69වන වියේ පසුවිය.

Sunday, January 17, 2016

බැරැක් ඔබාමාගේ සාක්කුවේ බුදුපිළිමයක්



අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සිය කළිසම් සාක්කුව තුළ රැගෙන යන දෑ පිළිබඳව හෙළිදරව්වක් කර තිබෙනවා.
රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදී මෙම හෙළිදරව්ව සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සිය දේශපාලන දිවිය තුළ විවිධ පුද්ගලයින් විසින් තමාට ලබාදුන් තෑගී මෙලෙස රැගෙන යන බව බැරැක් ඔබාමා  ප්‍රකාශ කර තිබෙනවා.
එම සම්මුඛ සාකච්ඡාවේ දී සිය කළිසම් සාක්කුවෙන් අදාළ දෑ පිටතට ගනිමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රදර්ශනය කරනු ලැබුවා.
ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් පිළිගන්වනු ලබන කිතුණු නව ගුණ වැලක්, බෞද්ධ භික්ෂු වහන්සේ නමක් විසින් ලබාදුන් කුඩා බුදු පිළිමයක්, කාන්තාවක් විසින් ලබාදුන් හනුමාන් දේවරූපයක් සහ ඉතියෝපියාවේ සංචාරයකදී ලැබුණු කුරුසයක් ද ඒ අතර දක්නට ලැබුණා.
තමන්ට මුණගැසුණු පුද්ගලයින් සහ තමාට ලැබුණු දේවල මතකයේ තබා ගැනීම පිණිස මෙලෙස ඒවා කළිසම් සාක්කුවේ රැගෙන යාම සිදුකරන බවයි අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කර ඇත්තේ.

Friday, January 15, 2016

සමාජයෙන් ඉවත දමපු ඔවුන් අද සුපිරි තරු



1) ශාරුක් ඛාන් අවුරුදු ගණනක් වේටර් කෙනෙක් විදියට ආපන ශාලාවක වැඩකරපු කෙනෙක්.
ඒ වගේමයි දමිල සිනමාවේ සක්විති රැජිනි කාන්ත් අවුරුදු විසි පහේදී බස් කොන්දොස්තර කෙනෙක්.

2) සින්දු කියන්න අසාවෙන් හිටපු තරුණයෙක් හිටියා ඔහු අවුරුදු ගණනක් වේදිකාවල මුදලක් නොගෙන ගීත ගායනා කළා.
සමහරු ඔහුට හූ තිබබා.ඔහු ගීත ගායනා කල මුල්ම චිත්‍රපට ගීතයත් නිෂ්පාදක කපල ඉවත් කලා..
චිත්‍රපට නිෂ්පාදකයා බැන වැදුනේ ඔහුට සිනමාවට ගැලපෙන කට හඩක් නැහැයි කියල. එහෙත් ඔහු උත්සාහය අත ඇරියේ නැහැ .
ඒ තමා අපි කව්රුත් හදුරන එච්. ආර්. ජෝතිපාල ජනප්‍රිය ගායක ශිල්පියා.

3) අවුරුදු 7 වන විටත් වචනයක් වත් කියවගන්න බැරි කොලු ගැටයෙක් හිටියා.
ඔහු පන්තියේ හැමදාමත් අන්තීමය උන.කව්රුත් ඔහුව ගණන් ගත්තේ නැහැ.
දෙමව්පියෝ හිතුවේ ඔහු මානසික රෝගියෙක් කියල.ඒ තමා ලෝකයම දිනපු ප්‍රසිද්ද විද්වතා ඇල්බට් අයින්ස්ටයින් .

3) අනාතයෙකුව ඉපදුනු කුඩා දරුවෙක් හිටියා.ඔහු ඔහුගේ ළමා කාලය ගත කලේ මහා මග.
අනුන්ගේ කඩපිලි වල.තරුණ වියට පත් වෙද්දී ඔහු රැකියාව විදියට මහා මාර්ගයේ යනෙන මිනිස්සු හිනැස්සුව.
ඒ දවසට පවුම් දෙකක් හොයා ගන්න.එහෙත් ඔහු මැරෙද්දි මුළු ලෝකයක්ම ඔහු වෙනුවෙන් හැඩුවා..
ඔහුගේ නම චාලි චැප්ලින්.

4) තරුණ වියේදී එක තරුනයෙකුව කැලිෆෝනියා සිනමා පාසලෙන් නෙරප දැමුවා.
ඔහුගේ එකම සීහීනය වුනේ සිනමා උපාධියක් අරගන්න.ඔහු උත්සාය අත ඇරියේ නැහැ.
තමා සීනයක් ව ප්‍රර්ථනා කරපු උපාදිය 2002 වසරේදී විශ්ව විද්‍යාලය විසින් නොමිලේම ඔහුට පිරිනැමුණා.
ස්ටීවන් ස්පිල්බර්ග් ලෝ ප්‍රකට සිනමාවේදියා.

5) සැමියා අතහැර දැමු වැන්දබු කාන්තාවක් තමා එකම දරුවා ජිවත් කරගන්න පත්තර වලට සුරංගනා කතා ලිව්වා.
ඒ කතා සියල්ලම පුවත් පත් වලින් ප්‍රතික්ෂේප කරද්දීත් ඇය තීරණය කලා පොතක් ලියන්න.
ඒ පොතත් රැගෙන ඇය සියගණනක් ප්‍රකාශන ආයතන වලට පයින් ගියා..
එඅහෙත් සෑම කෙනෙක්ම එය බාල වර්ගයේ නිර්මාණයක් ලෙස විසිකර දැමුවා.
අවසානයේ එක සමාගමක් එය ප්‍රකාශ කරන්නට බාරගත්තා..
මේ තමා ජේ.කේ රෝව්ලින් සහ අයගේ මුල්ම නිර්මාණය “හැරි පොටර් ” නවකතාවේ ඉතිහාසය.

6) වරක් ගීත නිෂ්පාදන ආයතනයක් එක තරුනයෙක්ව තම සමාගමෙන් අස් කර දැමුවා.
“උබට සින්දු කියන්න බෑ උබට පුළුවන් ට්‍රක් එලවන්න විතරයි” සමාගමේ අය්තිකරු ඔහුට එසේ කිව්වේ ඔහු වෘතියෙන් ට්‍රක් එලවන්නෙකු වුනු නිසා….
එහෙත් තරුණය එහින් සැලුනේ නෑ..ඔහු නැවත නැවතත් උත්සා කලා.
ඔහු පසුකාලයේ ජනප්‍රිය වුණා “එල්විස් ප්‍රෙස්ලි ” නමින්.

7) දුප්පත් ගොවියෙකුට දාව උපන් දරුවෙක් හිටියා.
කුඩා කාලයේ අධ්‍යාපන ලැබීමේ වාසනාව ඔහුට නොලැබුණේ ඔහුගේ දුප්පත් කම නිසා.
කුඩා කාලයේම මුදල් උපයන්න ඔරු පදින්නෙකු ලෙසත් දුම්රිය මාර්ග සදන්නෙකු ලෙසත් සේවය කලා.
ඒ උපාය ගත් මුදලින් ඔහු නීති විද්‍යාලයට බැදී නීති උපාදියත් සමග දේශපාලනයට අවතීර්ණ වුන.
දහතුන් වතාවක් චන්දයෙන් පැරදුනු ඔහු 1961 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත් වුණා.
ඒබ්‍රහම් ලින්කන්…

අපි දුප්පත් වෙලා ඉපදුනොත් එක අපේ වැරද්දක් නෙමේ. එහෙත් අපි දුප්පතෙක් විදියටම මැරුනොත් ඒක අපේ වැරද්දක්.
ජිවිතයේ වැටෙන වැටෙන හැම මොහොතකම අපි ආයේ නැගිටින්න ඕනේ.
ජිවිතයේ වැටෙන හැම මොතේම තවත් ශක්තිමත් වෙන්න ඕනේ.
මැරෙන මොහොතේදී හදවතට ජීවිතය ගැන දුකක් දැනෙන්න තියන්න එපා…
තමන් හැම මොහොතේම ජීවිතය දිනන්න උත්සහ කලා කියන හැගීම හදවතට දැනෙන්න ඉඩ දෙන්න.

බඩ අඩුකරගන්නෙ මෙහෙමයි….



උදරය ඉදිරියට නෙරා යෑම බොහෝ දෙනෙකු පවතින ගැටලුකාරී තත්වයක් බව පැහැදිළි කරුණකි. මෙම තත්වය මග හැරීම සඳහා අනිවාර්‍යයෙන්ම ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය කරුණක්. ව්‍යායාම වලට අමතරව මේ සදහා අනුගමනය කළ යුතු තවත් පුරුදු කිහිපයක් ගැන මෙම ලිපියෙන් අවධානය යොමු කරනවා.

1. දෙහි යුෂ වීදුරුවකින් දවස ආරම්භ කරන්න.
ඉදිරියට නෙරා ආ උදරය අඩු කර ගැනීමට අනුගමනය කළ යුතු වැදගත්ම පියවරක් ලෙස මෙය හැදින්විය හැකිය. උණුවතුර වීදුරුවකට දෙහි යුෂ ස්වල්පයක් මිරිකාගෙන එයට ලුණු ටිකක් එක් කරගෙන පානය කළ යුතු අතර මෙය දිනපතා සිදු කිරීම මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවන් වේගවත් වී අමතර මේදය දහනය වී ඉදිරියට නෙරා ආ උදරය ක්ෂය වී යනවා.

2. සුදු බත් ආහාරයෙන් වැලකෙන්න.
සුදු සහල් වලින් තැනූ බත් වෙනුවට රතු සහල් වලින් තැනූ බත් හෝ ධාන්‍ය වර්ග ආහාරයට එකතු කර ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා.

3. සීනි සහිත ආහාරයන් පාලනය කරන්න.
සීනි අධික ආහර සහ පැණි රස බීම මෙන්මඅධික තෙල් සහිත ආහාරයන් ලබා ගැනීමද අවම කළ යුතු වෙනවා. එයට හේතු වන්නේ එම ආහර මගින් උදරය වැනි ප්‍රදේශ තුළ අමතර මේදය ගබඩා කිරීම සිදු කරන නිසා ය.

4. හැකි පමණ ජලය පානය කරන්න.
මෙලෙස හැකි පමණ ප්‍රමාණවත් තරම් ජලය පානය කළ විට අමතර මේදය පාලනය වීම මෙන්ම ශරීරයේ නිපදවෙන විශ ශරීරයෙන් බැහැර වී පරිවෘත්තිය වේගය ඉහළ යාමට ද හේතු වෙනවා.

5. අමු සුදු ළූණු අනුභවය කරන්න.
පළමු පියවරෙන් සදහන් කළ දෙහි යුෂ පානය කිරීමට පෙරඅමු සුදු ළූණු ස්වල්පයක් හැපීමට හැකි නම් මෙම ක්‍රියාවලිය දෙගුණ කිරීමට එය හේතු වෙනවා. මෙමගින් ශරීරයේ රුධිර සංසරණය මෘදු සහ වඩාත් කාර්‍යක්ෂම වෙනවා.

6. මස් මාංශ අනුභවය හැකි පමණ අඩු කිරීම.
අනවශ්‍ය මේදය දහනය කිරීමට නම් මස් මාංශ අනුභවය සැලකිය යුතු ලෙස අවම කළ යුතු ය.

7. දිනපතා එළවලු සහ පළතුරු අනුභවය කරන්න.
මෙමගින් ශරීරය ප්‍රතිඔක්සිකාරක, කණිජ සහ විටමින් වලින් පරිපූර්ණ කෙරෙනවා.

8. කුළුබඩු යෙදූ සැර ආහර අනුභව කරන්න.
කුරුදු, ඉගුරු සහ ගම්මිරිස් වැනි කුළුබඩු එකතු කළ ආහර අනුභවය මගින් රුධිරයේ ඉන්සියුලීන් මට්ටම වැඩි කර සීනි මට්ටම අඩු කිරීමට හේතු වෙනවා.

ඔබට මෙම රෝග ලක්ෂණ තිඛෙනවාද? එහෙනම් පරිස්සම් වෙන්න.

හිසකෙස් රෝග වලට හොදම බෙහෙත රෝස වතුර….



ගෙවත්ත හැඩ කරන මල් කුමරියන් අතර රෝස මල්වලට වැඩි ඉඩකඩක් හිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි රෝස ඔබේ රුව හැඩ කරන්න හා ඖෂධයක් ලෙසත් භාවිතයට ගන්නවා.
623242761_287
රෝස වතුර
ඉතා හොඳ රූපලාවණ්‍ය සත්කාරයක් සහ ප්‍රතිකාරයකි. රෝස පෙතිවල සාරයෙන් රෝස වතුර හා රෝස තෙල් සාදාගෙන සිරුර අභ්‍යන්තරයට හා බාහිරවද සත්කාර කරයි.
භාවිතය
රෝස මල් පෙතිවලින් විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදන හා ආහාර රසකාරත් නිපදවයි. ඇතැම් ඖෂධීය සත්කාරවලදීත් රෝස පෙති යොදා ගනියි. මෙතරම් ප්‍රයෝජනවත් රෝස මල් ඔබට ක්‍රම රැසකින්ම පිළියෙල කර ගන්නත් පුළුවන්.
නිවෙසේදීම සාදාගන්න
මුලින්ම ඔබ ගන්නා ජලය හා භාජනද පිරිසුදු වීම වැදගත්.
අවශ්‍ය ද්‍රව්‍ය
රෝස පෙති 50
ආසවනයෙන් වෙන් කළ වතුර
(වතුර නටවා එම හුමාලයෙන්) ගත් වතුර.
පිනිදිය (රාත්‍රියේ එළියේ කෝප්පයක් තබා පාන්දර වනතෙක් එක් කර ගත් වතුර බෝතලයක්)
මින් කුමන හෝ ආකාරයකට පිරිසුදු කර ලබාගත් වතුර ළිප තබා 100ධඛ් උෂ්ණත්වයේ නටවා ගන්න. දැන් ළිප නිවා එයට රෝස පෙති එක් කරන්න. එය මඳ වේලාවක් වසා තබා රෝස පෙති හුමාලයෙන් තැම්බීමට හරින්න. එය නිවුණු පසු පියන විවර කළ විට රෝස පෙතිවල වර්ණය ජලයට මිශ්‍ර වී රෝස පෙති සුදු පැහැවිය යුතුයි. එම වතුර පෙරහනයකින් එක්වරක් පෙරන්න. නැවැත එම වතුර පෙරහන් කඩදාසියකින් පෙරා ගන්න.
බෝතල් කිරීම
මෙලෙස සාදාගත් රෝස වතුර විසබීජ ඉවත් කර පිරිසුදු කරගත් 30ථත කුප්පිවලට පුරවා ගන්න. (එක බෝතලයකට පමණක් දැමූ පසු එය විටින් විට විවෘත කිරීමේදී විසබීජ ඇතුළු වී එය ඉක්මනින් නරක් වෙයි.)
ඉන් පසුව එම බෝතල් ශීතකරණයේ තබා තම අවශ්‍යතාව අනුව පාවිච්චියට ගන්න. මෙය මාස 6ක් හෝ අවුරුද්දක් පමණ තබා ගැනීමට හැකියි.
සත්කාර
දැන් මෙම රෝස වතුර සමට පමණක් නොව හිසකෙස්වලට නිරෝගී බවටත් සත්කාරයක් ලෙස භාවිත කළ හැකියි. අතිශයින්ම පිරිසුදු රෝස වතුර
ඇස් ලෙඩවලදී දෑස් හොඳින් සේදීමටත්, ඥරඥඤපධන එකක් විදියටත්.
සුවඳකාරකයක් ලෙස සිරුරේ තැවැරීමට හා ආසාදිත කුරුළෑ සහිත සම හොඳින් පිරිසුදු කර ගැනීමටත් භාවිතයට ගන්න පුළුවන්.
rosepetals
හිසකෙස්වලටත්
සමට මෙන්ම හිස සෝදා හිස්හොරි මර්දනය කිරීමටත් මෙය කදිම සත්කාරයකි. හිසකෙස් හොඳින් සෝදා ගත් පසුව රෝස වතුරින් හිසකෙස් සෝදා දිලිසෙන නිරෝගී බවක් ලබා ගන්න ඔබටත් පුළුවන්.

අඩුවෙන් නිදාගත් විට අපේ ශරීරයට මොකද වෙන්නේ?



නින්දේ ඇති වැදගත්කම මේ කාලයේ ඉතාමත් ජනප්‍රිය මාතෘකාවක් වෙලයි තිඛෙන්නේ. ඒ අපි අඩුවෙන් නිදාගන්න එක අපේ සමාජයේ ගොඩක් ලොකු ගැටළුවක් වෙමින් තිඛෙන නිසයි.

අපි ඇතිවෙන්න නිදාගත්තහම අපිට පුළුවන් නැවත ජවයක් ලබාගෙන ඵලදායි හොද සෞක්‍ය සම්පන්න විදිහට අවදි වෙන්න. එත් අපිට මේ හැම දෙයක්ම කරන්න වෙලාවක් නැති වෙන්න පුළුවන් අපි රෑ ඇහැරගෙන වැඩ කරනවා වෙන්න පුළුවන්.

එක් එක් වයස් සීමාවන් සදහා නිදාගත යුතු කාලසීමාවන් පහත ආකාරයට හදුන්වලා දෙන්න පුළුවන්. ඔයාලත් මොන වයස සීමාවේද ඉන්නේ කියලා බලන්න.

• වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්• පැය 7-8 අතර
• වයස අවුරුදු 26-64 අතර වැඩිහිටියන්• පැය 7-9 අතර
• වයස අවුරුදු 18-25 අතර තරුණ පුද්ගලයන්• පැය 7-9 අතර
• වයස අවුරුදු 14-17 අතර නව යොවුන් වියේ පුද්ගලයන්• පැය 8-10 අතර
• වයස අවුරුදු 6-13 අතර පාසල් දරුවන්• පැය 9-11 අතර
• වයස අවුරුදු 3-5 අතර පෙර පාසල් දරුවන්• පැය 10-13 අතර
• වයස අවුරුදු 1-2 අතර සිගිත්තන්• පැය 11-14 අතර
• වයස මාස 4-11 අතර අත දරුවන්• පැය 12-15 අතර
• වයස මාස 3 ට අඩු අළුත උපන් දරුවන්• පැය 14-17 අතර

අපි අඩුවෙන් නිදාගත්තහම අපේ මොලයේ තිඛෙන සුදු පදාර්ථ වෙනස් වීමකට පත්වෙලා අපේ ජාන වලට බලපෑමක් ඇති වෙනවා. වාසනාවකට වගේ අපේ ශරීරයට හැකියාව තිඛෙනවා, අපි හොදට නිදාගත් විට තනියම අළුත්වැඩියා වෙන්න. සමහර විට අඩුවෙන් නිදාගත් විට ඇතිවෙන රෝග ටික කලක් ගිය විට තමයි මතුවෙන්නේ.

අපි අඩුවෙන් නිදාගත් විට අපේ ශරීරයට මොකද වෙන්නේ?
අපිට ප්‍රමාණවත් ආකාරයට නින්ද නොලැබුණු විට අපේ මොලයට විතරක් නෙමෙයි හානි වෙන්නේ. ඒක විවිධ විදිහට බලපාන්න පුළුවන්.

• අපිව අසනීප වෙනවා
ප්‍රතිශක්තීකරණ පද්ධතියත් අඩුවෙන් නිදා ගැනීමත් අතර ඍජු සම්බන්ධතාවයක් තියනවා. අඩුවෙන් නිදාගැනීම මගින් රෝග ඇතිවීමේ අවදානමක් තිඛෙනවා.
• අපිට සිතීමේ ගැටළු ඇතිවෙනවා
අපිට ප්‍රමාණවත් නින්දක් නොලැබුණු විට අපේ තීරණ ගැනීමේ හැකියාව අඩුවෙනවා, ගැටළුවක් විසදා ගැනීමේ හැකියාව අඩුවී යම් දේයකට ප්‍රතිචාර දැක්වීමට කාලය වැය වෙනවා.
• අපේ බර වැඩි වෙනවා
අඩුවෙන් නිදාගැනීම සහ බර වැඩිවීම අතර තියන සම්බන්ධය ඉතා ප්‍රසිද්ධයි. රෑට පැය පහකට වඩා අඩුවෙන් නිදා ගන්න පුද්ගලයෙකු මහත වැඩිවී තරබාරු වීමේ අවදානමක් තියනවා.
• අපි ඉක්මනට වයසට යනවා
වැඩිහිටි වියේදී අඩුවෙන් නිදා ගැනීමෙන් සම රැලි වැටී සම මත පැල්ලම් හටගෙන වයස වැඩියෙන් පෙනීමට පටන් ගන්නවා.
• අපි අපේ හදවත හානි කරගන්නවා
අඩුවෙන් නිදාගැනීමෙන් අපේ හදවතට හානි සිදු වෙනවා. එමගින් හෘද රෝග ඇතිවීමේ අවධානමක් තියනවා.
• අපි පිළිකා සැදීමේ විශාල අවධානමකට මුහුණ දෙනවා
පිළිකා රෝගින් පැය හතක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් නිදා ගැනීමෙන් මරණ අනුපාතය අඩු වෙලා තියනවා.
• අපේ ලිංගික ආශාව අඩුවෙනවා
අපි පැය පහකට වඩා අඩුවෙන් නිදා ගැනීමෙන් අපේ ලිංගික හෝමෝන මට්ටම 15% කින් පහල බහිනවා. ඒවගේම ලිංගිකව එක්වීමට ඇති ආසාවද අඩුවී යනවා.
• අපිට ඉක්මනටම අමතක වෙනවා
අපි නිදාගන්නා විට අපේ සිතේ තිඛෙන දේවල් නැවත නැවත සිහිපත් වෙනවා. අපි අඩුවෙන් නිදා ගන්නා විට එම තත්වයට බාධා ඇතිවී යම්කිසි දේවල් ඉක්මනින්ම අමතක වී යනවා.

නින්ද කියන්නේ කෙටි විවේකයක් විතරක් නෙමෙයි නිසිපරිදි නිදා ගැනීම අපේ සෞඛය්‍යට ඉතාමත් විශාල ලෙස වාසි අත් කරගන්න පුළුවන්. ඔබට නිරෝගී සහ දිගු දිවියක් ගත කිරීමට ප්‍රමාණවත් පරිදි නිදා ගන්න.

ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය




අඹූ සැමි සබඳතාවක් සවිමත් වීමට හා වඩාත් පී්‍රතිමත් ස්වරූපයකට පත්වීමට එම දෙපළගේ මානසික හා කායික ඒකාග්‍රතාව දැඩිව බලපානූ ඇත. එහෙයින් එය සමබරව පවත්වා ගෙන යෑම බොහෝ වැදගත් වේ. විශේෂයෙන්ම අඹූ සැමි දෙපළගේ මානසික හා කායික සබඳතා ප්‍රබලත්වයකින් පසූවීම මත දෙදෙනා අතර නූරුස්නා ස්වභාවය මත ගැටූම් අක්‍රිය හා උදාසීන බව අසාර්ථකවීම් මඟහැරි යයි. එහෙයින් ඔවූන්ගේ කායික සබඳතාවන් අඹූසැමි ජීවිතයට ලබා දෙන ප්‍රබල දායකත්වය අධ්‍යනය කිරීම වැදගත්ය.
සාමාන්‍යයෙන් අප පිළිගන්නා පරිදි යහමින් ව්‍යායාමවල හෝ කය වෙහෙසෙන කටයූතුවල යෙදීමෙන් මිනිස් ලිංගිකත්වය උසස් මටිටමකට පත් වේ. එලෙසින්ම යහපත් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන්ද ඔබේ මනසට ප්‍රබල ප්‍රබෝධයක් සේම කායිකවද නිරෝගි බවක් ලැබේ. කදිම රුධිර සංසරණය, නිරොගි හදවතක් ලැබීමටද එය වැදගත්ය. එහෙයින් අඹූසැමි දෙපළක් අතර ඇතිවන ප්‍රබල කායික බැඳීමක් ඔවූන්ගේ ජීවිතවලට යහපතක් ඉටූ කර දෙන කරුණූ 5 ක් කෙරෙහි අපි ඔබේ අවධානය යොමූ කරමූ.


හෘදය සවිමත්වීම
ලිංගිකත්වය පිළිබඳව වෛද්‍ය උපදේශකවරයෙකුවන ආචාර්ය බී හෝන්ස්ලේ පවසන පරිදි නිවැරදිව හා තෘප්තිමත් කායික සබඳතාවක් සැමවිටම සමාන වන්නේ ව්‍යායාමයක යෙදීමටය. උදාහරණයක් ලෙසින් වේගවත් ඇවිදීමකින් සිදුවන තරමේ හෘද ස්පන්දනය වේගවත් වීමක් එයින් සිදු වේ. එමගින් පෙනහලු පූළුල් වීමක් සිදුවීමෙන් වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ඒ තුළට පිරේ. එහි ප්‍රතිඵලය වන්නේ රුධිරයෙහි වූ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම වී ඒ වෙනූවට ඔක්සිජන් එක්වීමය. එය ඔබේ සිත කය දෙකම සැහැල්ලුවට හා ප්‍රබල ක්‍රියාශීලි බවක් අත්කර දේ.


එහෙයින් සාර්ථක සැමියෙකු ප්‍රාර්ථනා කරන සෑම බිරිඳක විසින්ම තම සැමියාට ලිංගික සබඳකම් සඳහා තමාගේ දායකත්වය ලබාදීම වගකීමක්ව පවතී. බොහෝ කාර්යාලයන්හි මළානික ස්වරූපයට කෝපයට පත්වීම හෝ අලස ස්වරූපයකට බොහෝ පිරිමින් පත්වන්නේද මෙම අවශ්‍යතාව නිවැරදිව ඉටූ නොවීමෙනි. එහෙයින් ඔවූන්ට කාර්යාලිය හෝ පෞද්ගලික දිවියෙහි ජයග්‍රහණයන් ලැබීම අසීරු වේ. එයට අමතරව අඹූ සැමියන්ගේ කායික සබඳතා වඩාත් සූන්දර පසූබිමකට පත්වීම තුළින් තවත් ප්‍රතිලාභයක් ලැබීමට මඟක්ද ආචාර්ය හෝන්ස්ලේ යෝජනා කර සිටී. ඒ ඔවූන්ගේ කායික සබඳතාව පැවැත්වෙද්දී ගැඹූරින් හූස්ම ගැනීමක්ද සිදු කිරීමය. එවිට එය ව්‍යායාමයක ස්වභාවය ගන්නා අතර හෘද නාල වෙතට රුධිරය ගලා ඒම වේගවත් වේ. එය රුධිරයෙහි වූ කොලොස්ටෝල් ප්‍රතිශතයෙන් සිදුවන හානි අවම කෙරේ. එය තවත් පැත්තකින් බිරිඳක ලෙසින් ඔබේ රූපය වර්ධනය කිරීමටද හේතු වේ.


ආලේපන ගැල්වීම වෙනූවට
තම සැමියා සමග බිරිඳක විසින් පවත්වනූ ලබන තෘප්තිමත් කායික සබඳතාවක් මගින් ඔහූගේ සාර්ථකත්වය සේම සමෙහි අලංකාරයට ඔබ වැය කරන මූදලද ඉතිරි කර ගැනීමට හැකි වේ. මන්ද කදිම රුධිර සංසරණයක් හේතුවෙන් ඔබේ මූහූණට හා සමට ප්‍රබල දීප්තියක් එමගින් එක් වේ. විශේෂයෙන්ම ලිංගික සදබඳකමකින් පසූව නිවැරදිව පරීක්ෂා කළහොත් ඔබේ මූහූණට ආලෝකයක් ලැබී ඇති බවක් සොයා ගැනීමට ඔබටම හැකි වේ.

මෙය තවත් පැත්තකින් විමසා බැලුවොත් බොහෝ සකී්‍රය ලිංගික සබඳතා පවත්වන්නියන්ගේ රුව බොහෝ අලංකාර වීම හා වයසට නොයන තත්ත්වයකට පත්වන්නේද එම හේතුව නිසාවෙනි. ප්‍රබල රුධිර සංසරණය හේතුවෙන් සම මතුපිට ප්‍රබල පෝෂණයක් ඇතිිකිරීම කායික සබඳතා මගින් සිදු වේ.


විෂ සහිත දේ පිටව යෑම
සිරුරෙහි අපද්‍රව්‍ය බැහැර කිරීමටද කායික සබඳකම් දායකත්වයක් ලබා දේ යැයි ඔබ නොසිතුවාට සැකයක් නොවේ. එයට හේතුවන්නේ කායික සබඳතාවකදී සිදුවන සිරුරෙහි උණූසූම් වීම හා දහදිය දෑමීම මත ඒසමගම සම තුළ වූ අහිතකර රසායනිකයන්ද පිටව යෑමය. වෛද්‍ය මතයට අනූව පැය භාගයක් ප්‍රබල කායික බැඳීමක් ඇති කර ගන්නා අඹූ සැමියන්ගේ එම ක්‍රියාවලිය සමාන වන්නේ පැය සම්භාහන ආයතනයක කල් ගෙවීමටය.

එසේ දෙදෙනා දෑඩි ක්‍රියාකාරත්වයක් හා දහදිය දෑමීමක් සිදුවීමෙන් අපද්‍රව්‍ය පිටවීමෙන් දහදිය දුගද හැමීමක් ද සිදු නොවේ.


කඩිසරබව ඇතිවේ
ආචාර්ය හෝන්ස්ලේ පවසන පරිදි අඹූසැමි සබඳතාවකදී කැලරි දෑවීමක් සිදුවන අතර එහි ප්‍රමාණය රඳා පවතින්නේ සබඳතාවෙහි දීර්ඝත්වය මතය. එයට අමතරව එමගින් මාංශ පේශින් ලිහිල් වීමක්ද සිදු වේ. එහෙයින් එය ගර්භනී කතුන්ට වඩාත් ප්‍රතිඵල දායක වේ. විශේෂයෙන්ම මෙහිදී උකුල උදරය හා කළවාවන්හි මාංශ පේශින් ලිහිල් වීමක් සිදුවීමෙන් ප්‍රබල කාර්යක්ෂම බවක් ජීවිතයට එක් වේ.



ආත්ම ආඩම්බරය
කායික සබඳතාවකදී ඔබට සැහැල්ලුවට හා උද්යෝගි බවට පත් කරන හෝමෝන නිකුත් වීමද ඔබේ ජීවිතයට ප්‍රබලව බලපායි. එහෙයින් එයින් පසූව ඔබ යම් කටයූත්තක යෙදෙද්දී බොහෝ සරල බවක් හැඟේ. අලුත් හැඟීම් හා සිතුවිලි ඇති වේ.
තවද කදිම කායික සබඳතාවකදී දෙදෙනා තුළම ප්‍රබල ආත්ම ආඩම්බරයක් ඇතිවීම මෙහිදී බොහෝ වැදගත් වේ. විශේෂයෙන්ම පිරිමියෙකු තුළ සියූම් ජයග්‍රාහී ස්වරූපයක් ඇති වීමෙන් ඔහූගේ දෛනික ජීවිතයේ කටයූතු වඩාත් පහසූ වේ. ගැහැනියක ලෙසින් ඔබට එයින් ආදරය ලබන්නියක යන හැඟීම, ආරක්ෂක බව හ ජීවිතය පරිපූර්ණ වූයේ යැයිද හැඟේ. එම මානසිකත්වය ඔබව ගෘහ අලංකාරයට රස ආහාර පිළියෙල කිරීම පවූලේ ප්‍රබල සමගියක් ඇති කර ගැනීමට බලපායි.


පවූලේ සමගිය

යහපත් කායික සබඳකමක් පවත්වන අඹූසැමි යූවලක අතර ප්‍රබල සමීපතාවක් ඇති වේ. මන්ද ඔවූන් කායිකව ඇතිකර ගත් සමීපතාව මත ප්‍රබල වේ. මෙය සමාන වන්නේ විවාහයට පෙර පෙම්වතුන්ව සිටියදී දෙදෙනා අතර වූ බැඳීමටය. අඹූ සැමියන් වූ පසූව දෙදෙනා අතර මෙම කායික බැඳීම ඉහළ මටිටමක තිබිය යූත්තේ එය පවූලේ දියූණූවට ප්‍රබලව බලපෑම් කිරීමෙනි.

වින්දනාත්මක හා සංතෘප්ත කායික බැඳීම් අඹූ සැමියන් අතර නොතිබූණූ විටදී දෙදෙනා ලෝක දෙකක ජීවත් වීම අරඹන අතර එම අතෘප්තිකර හැඟීම නූරුස්නා බවකින් අන් සියලු දෙයෙහිද මතු වේ.් නමූත් එයට හේතුව මෙම කායික සබඳතාවන්ගේ දුර්වලත්වය බව එළිපිට හෙළි දරව් නොවන්නේ එය කතා කිරීම ලැජ්ජා වීමෙනි. එහෙයින් සෑම බිරිඳක්ම සැමියා තමා වෙතින් නිසි ලෙසින් තෘප්තිමත් වන්නේද යන්න ගැන අවබෝධයකින් පසූවීම අත්‍යවශ්‍ය වේ.එය පවූලේ සාර්ථකත්වයට හා දෙදෙනාගෙ එකඟතාවට දෑඩිව බලපායි.