Search This Blog

Tuesday, January 26, 2016

ඇඹිලිපිටිය ගැටුමේ CCTV දර්ශන පිටවෙයි


පසුගිය දිනක  ඇඹිලිපිටිය පොලීසය හා සාදයකට  සහභාගී වූ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙක් මිට ගියානේ.
අදාළ ගැටුම ඇතුළත් සීසීටීවී  දර්ශන ඇති වීඩියෝවක් මේ වන විට අප වෙත ලැබී තිබෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න

Monday, January 25, 2016

මරුටි ලියාපදිංචිය 31% කින් අඩුවෙලා


2015 දෙසැම්බර් මාසයේ දී මෙරට තුළ මරුටි වර්ගයේ මෝටර් රථ ලියාපදිංචිය 31% කින් පහළ බැස ඇතැයි වාර්තා වේ. පසුගිය නොවැම්බර් මාසයේ දී මෙරට තුළ මරුටි රථ 5,631 ක් ලියාපදිංචි කර ඇති අතර දෙසැම්බර් මාසයේ දී එය 3,882 දක්වා මේ අනුව අඩු වී තිබේ.
2015 සැප්තැම්බර් මාසය තුළ දී මෙතෙක් වාර්තා වී තිබෙන වැඩිම මරුටි රථ ලියාපදිංචිය වාර්තා වන අතර එය ඒකක 8,029 කි.
මේ අතර පසුගිය දෙසැම්බර් මාසයේ දී ලියාපදිංචි කර තිබෙන සම්පූර්ණ මෝටර් කාර් ප්‍රමාණය 7,177 ක් ලෙසින් වාර්තා වන අතර එය නොවැම්බර්යේ දී ලියාපදිංචි කර තිබූ මෝටර් කාර් ප්‍රමාණය වූ 10,084 හා සැසඳීමේ දී 29% ක පහළ යාමකි.
2015 දෙසැමර්බර් මාසය තුළ ලියාපදිංචි කර තිබෙන ත්‍රී රෝද රථ ප්‍රමාණය 10,480 ක් ලෙසින් වාර්තා වන අතර නොවැම්බරයේ දී එම ප්‍රමාණය 13,668 ක් විය. මෙය 23% ක අඩුවීමකි.
කෙසේවෙතත් දෙසැම්බර් මාසය තුළ ලියාපදිංචි කර තිබෙන මෝටර් බයිසිකල් ප්‍රමාණය 30,241 ක් ලෙසත්, නොවැම්බර් මාසයේ දී එය 31,262 ක් ලෙසත් වාර්තා වේ. මෙය 3% ක පමණ සුළු පහළ යාමක් ලෙසින් දැක්විය හැකිය.
2015 නොවැම්බර් මාසය තුළ මෙරට ලියාපදිංචි කර තිබෙන සම්පූර්ණ වාහන ප්‍රමාණය 61,864 ක් වන අතර එය දෙසැම්බර් මාසයේ දී 54,139 දක්වා පහත වැටී ඇත. මෙය 12.5% ක පමණ අඩුවීමකි.
JB සිකියුරිටීස් ආයතනය විසින් කළ සමීක්ෂණ වාර්තාවකින් මෙම කරුණු අනාවරණය කර තිබේ.

මුහුද ගල් ගැසෙයි


අමෙරිකාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය නිසා  එම රටේ මේ වන විට   ජනතාව මහත් අසීරුතාවයන් රාශියකට මුහුණපා තිබෙනවා.
අමෙරිකාවට මේ වන විට  සුළු කුණාටු තත්ත්වයක්  පවතිනවා කියලා   කොයි කවුරුත් දන්න කාරණයක්නේ, මිලියන 50ක ජනතාව දැඩි පීඩාවට පත්කළ මේ කුණාටුවත් සමඟ, ඊසානදිග අමෙරිකාව අසාමාන්‍ය ශීත කාලගුණයකින් වැසී  ගිහින් කියලත් වාර්තා වෙනවා.
මේ හීතලේ තරම කොයි තරම්දැයි කිවහොත්, මැසචුසෙට් ජනපදයට මායිම් ව ඇති මුහුද ද හීතල දරාගත නො හැකිව  මුහුදු රළ, රළ විදිහට ම නැවතී  ගල් ගැසී තිබෙන බව වාර්තා වෙනවා.
දරාගත නො හීතල කොහොමින් ම හරි දරාගෙන, හීතල විසින් මැවූ සුන්දරත්වය සෙසු ලෝකය සමඟින් බෙදාගන්නට තරම් උණුහුම් හිතක් තිබුණු ඡායාරූප ශිල්පියෙක් වන ජොනතන් නිමේර්ෆ්රෝවිසින් කැමරා කාචයේ රඳවාගත් මැසචුසෙට් මුහුදේ ඡායාරූපයි මේ.





Sunday, January 24, 2016

නිල් චිත්‍රපටි වල රඟපෑම අසීලාචාර නෑ – සනී අක්කා වැඩසටහනක් උණූසුම් කරයි



Hot Seat කියන්නෙ ඉන්දියාවේ තියෙන රූපවාහිනි වැඩසටහනක්. ඒකට පහුගිය දවසක ඉන්දියාවේ ගිනි සිළුව සනී ලියෝන් සහභාගී වුණා.
එකේදී නිවේදකයා අහපු ප්‍රශ්නවලට සනි උත්තර දුන්නේ මෙහෙමයි..
Q- කරන්ජිත් සනී ලියොන් වූ හැටි කියන්න පුලුවන්ද?
A – තවමත් මගේ යාලුවෝ සහ පවුලේ අය මට කියන්නේ කරන්ජිත් කියලා තමා.
Q- ඔබේ ජීව්තයේ ඔබ පසු තැවෙන එක හේතුවක් කියන පුලුවන්ද?
A – මගේ රාජකාරී ජීවිතයේ කිසිම පසුතැවිමක් මේ වෙනකන් නෑ . මගේ වැරදීම් වලින් මං පාඩම් ඉගෙන ගන්නවා. මම මේ ක්‍ෂේත්‍රයට ආපු කාලේ බොලිවූඩ් මට සංස්කෘතික කම්පනයක් වගේ දැනුනා.
Q- ඔබත් එක්ක අමිර් ඛාන් එකට වැඩ කරයි කියල ඔබට හිතෙනවද?
A -අමිර් ඛාන් මාත් එක්ක එකට වැඩ කරන එකක් නෑ මගේ අතීතය නිසා. නමුත් මං කැමති ඔහුත් සමඟ එකට වැඩ කරන්න. මොකද මාත් ඔහුගේ හොදම රසිකාවියක්.
Q- ඔබේ අතීතය ඔබේ බොලිවුඩ් හි ඉදිරි පැවැත්මට බලපානවා නේද ?
A – මං කළ හැම දෙයක්ම තමා මාව මේ තත්වයට ගෙනත් තියෙන්නේ. ඒක නිසා මට කිසිම පසු තැවිමක් නම් නෑ.
Q- නිල් චිත්‍රපට නිලියක් වීමට ඔබට ඕනි වුනාද?
A – නෑ, කාටවත් නිල් චිත්‍රපට නිලියක් විමට වුවමනා නෑ. මගේ අනාගත බලාපොරොත්තුව වූනේ නෑ කවදාවත්ම නිල් චිත්‍රපට නිළියක් වීමට.
Q- එහෙනම් කොහොමද ඔබ නිල් චිත්‍රපට නිළියක් වුනේ?
A – එය ඉබේම වෙච්ච දෙයක්. මට එය අශිලාචාරී දෙයක් විදියට පෙනුනේ නෑ. මං එය හොද දෙයක් විදියට දැක්කේ, තමන්ට කැමති දෙයක් කිසිම ප්‍රශ්නයක් නැතිව නිදහසේ කරන්න පුලුවන්.
Q- ඔබ ඔබව රංගන ශිල්පිනියක් හැටියට දකිනවද?
A – ඔවූ, අනිවාර්යෙන්ම. ඔව්, මං හිතෙනවා.
Q- ඔබේ පෙනුමෙන් විතරක් නොවේද ඔබ මේ ක්ෂේත්‍රයේ රැදී සිටින්නේ?
A – නෑ. පෙනුම අනිවාර්යෙන්ම අවශ්‍යයි, තමන්ට තියෙන රඟ පෑමේ හැකියාවට අමතරව.
Q- දැනට ඉන්දියාවේ නිල් චිත්‍රපට නරඹන ප්‍රමාණයේ වැඩි විමක් පෙන්නුම් කරනවා, එයට ඔබේ සම්බන්ධයක් තියෙනවද?
A – මං හිතන්නේ නෑ මං ඒකට වග කියනන ඕනි කියල.
Q- සාමාන්‍යයෙන් ඔබ කැමැති මොන වගේ චිත්‍රපට වලට සම්බන්ධ වෙන්නද ?
A – මං කැමතියි හොඳ කතාවක් තියෙන චිත්‍රපට වලට සම්බන්ධ වෙන්න. තිර රචනයට මම බොහෝ විට අකාර්ෂණය වෙනවා.

Friday, January 22, 2016

නදීශාගෙන් පසු අතුල සමිතාත් සිල් බිඳගත්තාද?



අමායා අධිකාරිගෙන් වෙන්වී යළිත් සමිතා වෙත ගිය අතුල අධිකාරි සිය පැරණි බිරිඳ සමග එක්ව සිය පැරණි ප්‍රේමය මියුසික් වීඩියෝවකින් නිර්මාණය කොට තිබෙනවා.
ලබන පෙබරවාරි මස 5 වැනිදා එළි දකින ඉනෝකා සත්‍යාංගනීගේ සින්ඩ්‍රෙල්ලා චිත‍්‍රපටය වෙනුවෙන් මේ මියුසික් වීඩියෝව නිර්මාණය වී තියෙනවා කියලත් ආරංචියක් තියෙනවා.
ඉතින් මේ මියුසික් වීඩියෝවට අතුල සහ සමිතා පෙනී සිටින පේ‍්‍රමාන්විත දර්ශන කිහිපයක් ඇතුළත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනූව සින්ඩ්‍රෙල්ලා චිත‍්‍රපටයට ඔවුන් දෙදෙනා ගයන ගීතයක් මේ මියුසික් වීඩියෝව සඳහා ඔවුන් භාවිත කර තිබෙනවා.
මේ මියුසික් වීඩියෝව රූපගත කොට ඇත්තේ නුගේගොඩ, ගංගොඩවිල ප‍්‍රදේශයේ බවත් වාර්තා වෙනවා.මෙම ගීතයත් මියුසික් වීඩියෝවත් තවත් දින කිහිපයකින් අන්තර්ජාලයට එක් කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.




ලබන මස සිට ජංගම දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ ගාස්තු වෙනස් වන්නේ මෙහෙමයි.


පෙබරවාරි පළමුදා සිට ජංගම දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ ගාස්තු වෙනස් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව(TRCSL) තීරණය කර තිබෙනවා. මෙහි අරමුණ වී තිබෙන්නේ සියලුම සේවා සපයන්නන් හට පොදු ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීමයි. විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව නිකුත් කල චක්‍රලේඛනයට අනුව කෙටි පණිවිඩ(SMS) පවතින සත 10 යේ සිට සත 20 දක්වා ඉහල යනු ඇත. ඒ වගේම එකම ජාලය තුල ලබා ගන්නා ඇමතුමක් සඳහා වන ගාස්තුව පසු ගෙවුම් පාරිභෝගිකයන්ට සත 50 කින් වැඩි වෙනු ඇත. ඒ අනුව නව අගය රු:1.50 කි. පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට වෙනත් ජාලවලට ලබා ගන්නා ඇමතුමකට(විනාඩි 1ක් සඳහා) මෙතෙක් අය කල රුපියල් 2.50ක ගාස්තුව රුපියල් 1.80 ක් දක්වා පහල යනු ඇත. නමුත් ජාලය තුල මෙතෙක් විනාඩියක ඇමතුමකට අය කල ගාස්තුව රුපියල් 1.50 සිට 1.80 දක්වා වැඩි වෙනු ඇත.
සමස්තයක් විදියට මේ නව වෙනස්කමට අනුව මෙතෙක් ජාලය තුල සහ ජාලයෙන් පිටත ලෙස අය කෙරුණු වෙනස් ගාස්තු අහෝසි වෙනු ඇත. ඒ වෙනුවට පොදු ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

Thursday, January 21, 2016

සූරූපි තරුණියක ලෙස චැට් කරමින් බුකියේ කො‍ල්ලෙක් නන්නත්තාර කරලා



සුරූපී තරුණීයන් ලෙස පෙනී සිටිමින් ෆෙස්බුක් සමාජ වෙබ් අඩවියේ සිටින තරුණයින් සමග ප්‍රේම සම්බන්ධතා ඇති කර ගනිමින් ඔවුන් රවටා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ගෙන්වාගෙන ඒවා ප්‍රසිද්ධ කරන බවට  තර්ජනය කර ලක්ෂ ගණනින් කප්පම් ගන්නා සංවිධානාත්මක කල්ලියක් ගැන පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී සලකා බැලූ අවස්ථ‍ාවේදීය. ඒ අනුව එම සිද්ධිය ගැන වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙත නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියට මුල්ව ඇත්තේ එක්තරා  හමුදා සෙබළෙක්  ෆෙස්බුක් වෙබ් අඩවිය ඔස්සේ අදහස් හුවමාරු කරගනිමින් සුරූපී තරුණීයකට රැවටී තම නිරුවත් ඡයාරූප සහ වීඩියෝ දර්ශන ලබාදීම බව එහිදි හෙළිව තිබෙනවා. පසුව එම වීඩියෝ දර්ශන හා ඡායාරූප ප්‍රසිද්ධ නොකර සිටීමට නම් කප්පමක්  වශයෙන් එම හමුදා සෙබළාට රුපියල් දෙලක්ෂ දස දහසක මුදලක් ගෙවීමට සිදුව ඇති අතර ඒ අනූව ඔහු මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා.

පැමිණිලිකාර යුද හමුදා සෙබළාගේ ෆෙස්බුක් ගිණුමට සුරූපී තරුණීයක විසින් ඇරයුමක් (ෆෙන්ඩ් රික්වෙස්ට්) ලබාදී ඇති බවත්, පසුව පැමිණිලිකරු විසින් එම තරුණීයක ලෙසින් පෙනී සිටි අය සමග සමීප ඇසුරක් පවත්වා ඇති බවත්, ඔහු සිය පැමිණිල්ලෙන් දක්වා තිබෙනවා. මෙම සමීප ඇසුර හේතුවෙන් තරුණීයක ලෙස ෆෙස්බුක් වෙබ්අඩවියේ පෙනී සිටි තැනැත්තා විසින් පැමිණිලිකාර හමුදා සෙබළාගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන විශාල ප‍්‍රමාණයක් ඉල්ලා ඇති බවත්, මෙම අය කාන්තාවක ලෙස සිතූ පැමිණිලිකරු එම ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන ද ලබා දී ඇත්තේ ඔහුගේ ජංගම දුරකථනය මගින් බවත් රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබෙනවා.

පසුව පැමිණිලිකරුගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප‍්‍රචාරය කරන බව පවසමින් අදාළ ෆෙස්බුක් ගිණුම හිමි කණ්ඩායම විසින් පැමිණිලිකාර හමුදා සෙබළා බිය ගන්වා තර්ජනය කර අවස්ථා දෙකකදී මුදල් රුපියල් දෙලක්ෂ දස දහසක මුදලක් ගිණුම් අංක දෙකකට බැර කරවාගෙන ඇති බවද රහස් පොලිසිය අධිකරණයේදී අනාවරණය කර තිබෙනවා. මෙවැනි පැමිණිලි රාශියක් සම්බන්ධයෙන් මේ වන විට තම අංශය වෙත තොරතුරු ලැබෙමින් පවතින බවද මෙහිදී පවසා ඇති රහස් පොලිසිය සිද්ධියට අදාළව එක් පුද්ගලයකු නොව සංවිධානාත්මක කණ්ඩායමක් කටයුතු කරනු ලබන බවද අධිකරණයට දැනුම්දී තිබෙනවා.
ඒ අනුව, පැමිණිල්ලට අදාළ කප්පම් මුදල් ලබාදුන් බව කියන බැංකු ගිණුම්වල තොරතුරු මෙන්ම අදාළ ඒ.ටී.එම් යන්ත‍්‍රවල සී.සී.ටී.වී කැමරා දර්ශන ද ලබාගෙන මෙම පරීක්ෂණය කඩිනමින් සිදුකර අධිකරණයට සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණය රහස් පොලිසියට නියම කර තිබෙනවා.

Tuesday, January 19, 2016

ඔටාරා මුහුදු වෙරළේ දාපු වැඩ එළියට (ඡායාරූප)



ඔටාරා ගුණවර්ධන යනු නව ප්‍රවණතාවයන් මවනා ශ්‍රී ලාංකීය ව්‍යවසායිකාවක, ප්‍රබෝධමත් ව්‍යාපාරිකාවක, මානව හිතවාදිනියක සහ වෙනස්කම් ඇති කරන්නියක ලෙසින් ජනාදරයට පත්ව ඇති චරිතයක්නේ.
ඇය තුළ පවතින සුවිශේෂීත්වය නම් ඇය සතුන් කෙරෙහි දක්වන අසීමිත කරුණාව සහ දයාව මෙන්ම සත්ත්ව සුබසාධනය ඉහළ නැංවීමට දරනා නිරන්තර උත්සාහයයි.

සත්ත්ව සුබසාධනය සම්බන්ධයෙන් ඔටාරා‍ විසින් බිහි කළ සංවිධාන බොහොමයි.
කොහොම වුණත් අපි මේ දැන් ඒ සංවිධාන ගැන කතා කරන්න යනවා නෙවෙයි.
මේ කියන්න  යන්නේ ඔටාරාගේ පෞද්ගලික ජිවිතය ගැන කතාවත්.
ඔටාරා කියන්නේ ඉතාම  සුන්දර චරිතයක්නේ. ඒ කියන්නේ එයා තවමත් හරිම  ලස්සනයි. ඒ වගේම ශරිර සෞඛ්‍ය මට්ටමත් හොඳයි වගේ පෙනෙවා.

මේ දේවල් වලට ගොඩක් රහස් ඇති. ඔන්න ඒ රහස් වලින් එකක් අපිට පසුගිය දවසක දැනගන්න ලැබුණා.
ඒ ඇය විසින් පසුගිය දවසක  ෆේස්බුක් පිටුවට එකතු කරලා තිබුණු ඡායාරූප කිහිපයක් හේතුවෙන්.
ඒ ඡායාරූප වලින් පෙන්නුම් කරන්නේ ඔටාරා යෝගා ක්‍රීඩාවේ යෙදෙන ආකාරයයි.
යෝගා කියන්නේ වෙනත් විවිධ ක්‍රම මඟින් කායික නිරෝගී බව පමණක් ආරක්‍ෂා වෙද්දී යෝග තුළින් කායික, මානසික, ආධ්‍යාත්මික නිරෝගී බව ආරක්‍ෂා වෙනවා.
මෙයට වසර දහස් ගණනකට පෙර විසූ ඉන්දියානු ඍෂිවරුන්ගෙන් දර්ශනයන්ට අනුකූල වූ යෝග කාන්තාවන්ගේ සිරුර, මනස, ආධ්‍යාත්මය පිරිසුදු කරන ආභරණයක් වැනිය.
රුව අලංකරණය සඳහා ආලේප කරන ආලේපනවලින් ලැබෙනුයේ බාහිර අලංකරණයක් පමණි. නමුත් යෝග ඇතුළාන්තයෙන්ම ක්‍රියාත්මක වී අභ්‍යන්තර පවිත්‍රතාව, රූප සෝබාවය ආරක්‍ෂා කරයි. රෝග නිවාරණය කරවාලයි.
බලන්නකෝ ඔටාරා AcroYoga‬ කරන අපූරාව.  කොහාම වුණත් මේ ඡායාරූප දිහා බලලා කවුරුවත් පහත් ලෙස නොසිතනවානම් ගොඩක් හොඳයි.






MKADS අභාවප‍්‍රාප්ත වෙයි..



කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඉඩම් ඇමති එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ.
මේ වන විට ඔහුගේ මෘත දේහය එම රෝහලේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් කියයි.
ගුණවර්ධන මහතා පසුගිය මාස කිහිපය තිස්සේම රෝගී තත්වයෙන් පසු වූ අතර මාස දෙකකට ආසන්න කාලයක් එංගලන්තයේ රෝහලක නැවතී ප‍්‍රතිකාර ලැබීය.
ගුණවර්ධන මහතා 2015 ජනවාරි 08 වැනිදා මෙරට සිදු වූ දේශපාලන බල පෙරලියේ පෙරගමන්කරුවෙකි.
මෙසේ අභ‍්‍රාවප‍්‍රප්ත වන විට ඒ මහතා 69වන වියේ පසුවිය.

Sunday, January 17, 2016

බැරැක් ඔබාමාගේ සාක්කුවේ බුදුපිළිමයක්



අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සිය කළිසම් සාක්කුව තුළ රැගෙන යන දෑ පිළිබඳව හෙළිදරව්වක් කර තිබෙනවා.
රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදී මෙම හෙළිදරව්ව සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සිය දේශපාලන දිවිය තුළ විවිධ පුද්ගලයින් විසින් තමාට ලබාදුන් තෑගී මෙලෙස රැගෙන යන බව බැරැක් ඔබාමා  ප්‍රකාශ කර තිබෙනවා.
එම සම්මුඛ සාකච්ඡාවේ දී සිය කළිසම් සාක්කුවෙන් අදාළ දෑ පිටතට ගනිමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රදර්ශනය කරනු ලැබුවා.
ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් පිළිගන්වනු ලබන කිතුණු නව ගුණ වැලක්, බෞද්ධ භික්ෂු වහන්සේ නමක් විසින් ලබාදුන් කුඩා බුදු පිළිමයක්, කාන්තාවක් විසින් ලබාදුන් හනුමාන් දේවරූපයක් සහ ඉතියෝපියාවේ සංචාරයකදී ලැබුණු කුරුසයක් ද ඒ අතර දක්නට ලැබුණා.
තමන්ට මුණගැසුණු පුද්ගලයින් සහ තමාට ලැබුණු දේවල මතකයේ තබා ගැනීම පිණිස මෙලෙස ඒවා කළිසම් සාක්කුවේ රැගෙන යාම සිදුකරන බවයි අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කර ඇත්තේ.

Friday, January 15, 2016

සමාජයෙන් ඉවත දමපු ඔවුන් අද සුපිරි තරු



1) ශාරුක් ඛාන් අවුරුදු ගණනක් වේටර් කෙනෙක් විදියට ආපන ශාලාවක වැඩකරපු කෙනෙක්.
ඒ වගේමයි දමිල සිනමාවේ සක්විති රැජිනි කාන්ත් අවුරුදු විසි පහේදී බස් කොන්දොස්තර කෙනෙක්.

2) සින්දු කියන්න අසාවෙන් හිටපු තරුණයෙක් හිටියා ඔහු අවුරුදු ගණනක් වේදිකාවල මුදලක් නොගෙන ගීත ගායනා කළා.
සමහරු ඔහුට හූ තිබබා.ඔහු ගීත ගායනා කල මුල්ම චිත්‍රපට ගීතයත් නිෂ්පාදක කපල ඉවත් කලා..
චිත්‍රපට නිෂ්පාදකයා බැන වැදුනේ ඔහුට සිනමාවට ගැලපෙන කට හඩක් නැහැයි කියල. එහෙත් ඔහු උත්සාහය අත ඇරියේ නැහැ .
ඒ තමා අපි කව්රුත් හදුරන එච්. ආර්. ජෝතිපාල ජනප්‍රිය ගායක ශිල්පියා.

3) අවුරුදු 7 වන විටත් වචනයක් වත් කියවගන්න බැරි කොලු ගැටයෙක් හිටියා.
ඔහු පන්තියේ හැමදාමත් අන්තීමය උන.කව්රුත් ඔහුව ගණන් ගත්තේ නැහැ.
දෙමව්පියෝ හිතුවේ ඔහු මානසික රෝගියෙක් කියල.ඒ තමා ලෝකයම දිනපු ප්‍රසිද්ද විද්වතා ඇල්බට් අයින්ස්ටයින් .

3) අනාතයෙකුව ඉපදුනු කුඩා දරුවෙක් හිටියා.ඔහු ඔහුගේ ළමා කාලය ගත කලේ මහා මග.
අනුන්ගේ කඩපිලි වල.තරුණ වියට පත් වෙද්දී ඔහු රැකියාව විදියට මහා මාර්ගයේ යනෙන මිනිස්සු හිනැස්සුව.
ඒ දවසට පවුම් දෙකක් හොයා ගන්න.එහෙත් ඔහු මැරෙද්දි මුළු ලෝකයක්ම ඔහු වෙනුවෙන් හැඩුවා..
ඔහුගේ නම චාලි චැප්ලින්.

4) තරුණ වියේදී එක තරුනයෙකුව කැලිෆෝනියා සිනමා පාසලෙන් නෙරප දැමුවා.
ඔහුගේ එකම සීහීනය වුනේ සිනමා උපාධියක් අරගන්න.ඔහු උත්සාය අත ඇරියේ නැහැ.
තමා සීනයක් ව ප්‍රර්ථනා කරපු උපාදිය 2002 වසරේදී විශ්ව විද්‍යාලය විසින් නොමිලේම ඔහුට පිරිනැමුණා.
ස්ටීවන් ස්පිල්බර්ග් ලෝ ප්‍රකට සිනමාවේදියා.

5) සැමියා අතහැර දැමු වැන්දබු කාන්තාවක් තමා එකම දරුවා ජිවත් කරගන්න පත්තර වලට සුරංගනා කතා ලිව්වා.
ඒ කතා සියල්ලම පුවත් පත් වලින් ප්‍රතික්ෂේප කරද්දීත් ඇය තීරණය කලා පොතක් ලියන්න.
ඒ පොතත් රැගෙන ඇය සියගණනක් ප්‍රකාශන ආයතන වලට පයින් ගියා..
එඅහෙත් සෑම කෙනෙක්ම එය බාල වර්ගයේ නිර්මාණයක් ලෙස විසිකර දැමුවා.
අවසානයේ එක සමාගමක් එය ප්‍රකාශ කරන්නට බාරගත්තා..
මේ තමා ජේ.කේ රෝව්ලින් සහ අයගේ මුල්ම නිර්මාණය “හැරි පොටර් ” නවකතාවේ ඉතිහාසය.

6) වරක් ගීත නිෂ්පාදන ආයතනයක් එක තරුනයෙක්ව තම සමාගමෙන් අස් කර දැමුවා.
“උබට සින්දු කියන්න බෑ උබට පුළුවන් ට්‍රක් එලවන්න විතරයි” සමාගමේ අය්තිකරු ඔහුට එසේ කිව්වේ ඔහු වෘතියෙන් ට්‍රක් එලවන්නෙකු වුනු නිසා….
එහෙත් තරුණය එහින් සැලුනේ නෑ..ඔහු නැවත නැවතත් උත්සා කලා.
ඔහු පසුකාලයේ ජනප්‍රිය වුණා “එල්විස් ප්‍රෙස්ලි ” නමින්.

7) දුප්පත් ගොවියෙකුට දාව උපන් දරුවෙක් හිටියා.
කුඩා කාලයේ අධ්‍යාපන ලැබීමේ වාසනාව ඔහුට නොලැබුණේ ඔහුගේ දුප්පත් කම නිසා.
කුඩා කාලයේම මුදල් උපයන්න ඔරු පදින්නෙකු ලෙසත් දුම්රිය මාර්ග සදන්නෙකු ලෙසත් සේවය කලා.
ඒ උපාය ගත් මුදලින් ඔහු නීති විද්‍යාලයට බැදී නීති උපාදියත් සමග දේශපාලනයට අවතීර්ණ වුන.
දහතුන් වතාවක් චන්දයෙන් පැරදුනු ඔහු 1961 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත් වුණා.
ඒබ්‍රහම් ලින්කන්…

අපි දුප්පත් වෙලා ඉපදුනොත් එක අපේ වැරද්දක් නෙමේ. එහෙත් අපි දුප්පතෙක් විදියටම මැරුනොත් ඒක අපේ වැරද්දක්.
ජිවිතයේ වැටෙන වැටෙන හැම මොහොතකම අපි ආයේ නැගිටින්න ඕනේ.
ජිවිතයේ වැටෙන හැම මොතේම තවත් ශක්තිමත් වෙන්න ඕනේ.
මැරෙන මොහොතේදී හදවතට ජීවිතය ගැන දුකක් දැනෙන්න තියන්න එපා…
තමන් හැම මොහොතේම ජීවිතය දිනන්න උත්සහ කලා කියන හැගීම හදවතට දැනෙන්න ඉඩ දෙන්න.

බඩ අඩුකරගන්නෙ මෙහෙමයි….



උදරය ඉදිරියට නෙරා යෑම බොහෝ දෙනෙකු පවතින ගැටලුකාරී තත්වයක් බව පැහැදිළි කරුණකි. මෙම තත්වය මග හැරීම සඳහා අනිවාර්‍යයෙන්ම ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය කරුණක්. ව්‍යායාම වලට අමතරව මේ සදහා අනුගමනය කළ යුතු තවත් පුරුදු කිහිපයක් ගැන මෙම ලිපියෙන් අවධානය යොමු කරනවා.

1. දෙහි යුෂ වීදුරුවකින් දවස ආරම්භ කරන්න.
ඉදිරියට නෙරා ආ උදරය අඩු කර ගැනීමට අනුගමනය කළ යුතු වැදගත්ම පියවරක් ලෙස මෙය හැදින්විය හැකිය. උණුවතුර වීදුරුවකට දෙහි යුෂ ස්වල්පයක් මිරිකාගෙන එයට ලුණු ටිකක් එක් කරගෙන පානය කළ යුතු අතර මෙය දිනපතා සිදු කිරීම මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවන් වේගවත් වී අමතර මේදය දහනය වී ඉදිරියට නෙරා ආ උදරය ක්ෂය වී යනවා.

2. සුදු බත් ආහාරයෙන් වැලකෙන්න.
සුදු සහල් වලින් තැනූ බත් වෙනුවට රතු සහල් වලින් තැනූ බත් හෝ ධාන්‍ය වර්ග ආහාරයට එකතු කර ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා.

3. සීනි සහිත ආහාරයන් පාලනය කරන්න.
සීනි අධික ආහර සහ පැණි රස බීම මෙන්මඅධික තෙල් සහිත ආහාරයන් ලබා ගැනීමද අවම කළ යුතු වෙනවා. එයට හේතු වන්නේ එම ආහර මගින් උදරය වැනි ප්‍රදේශ තුළ අමතර මේදය ගබඩා කිරීම සිදු කරන නිසා ය.

4. හැකි පමණ ජලය පානය කරන්න.
මෙලෙස හැකි පමණ ප්‍රමාණවත් තරම් ජලය පානය කළ විට අමතර මේදය පාලනය වීම මෙන්ම ශරීරයේ නිපදවෙන විශ ශරීරයෙන් බැහැර වී පරිවෘත්තිය වේගය ඉහළ යාමට ද හේතු වෙනවා.

5. අමු සුදු ළූණු අනුභවය කරන්න.
පළමු පියවරෙන් සදහන් කළ දෙහි යුෂ පානය කිරීමට පෙරඅමු සුදු ළූණු ස්වල්පයක් හැපීමට හැකි නම් මෙම ක්‍රියාවලිය දෙගුණ කිරීමට එය හේතු වෙනවා. මෙමගින් ශරීරයේ රුධිර සංසරණය මෘදු සහ වඩාත් කාර්‍යක්ෂම වෙනවා.

6. මස් මාංශ අනුභවය හැකි පමණ අඩු කිරීම.
අනවශ්‍ය මේදය දහනය කිරීමට නම් මස් මාංශ අනුභවය සැලකිය යුතු ලෙස අවම කළ යුතු ය.

7. දිනපතා එළවලු සහ පළතුරු අනුභවය කරන්න.
මෙමගින් ශරීරය ප්‍රතිඔක්සිකාරක, කණිජ සහ විටමින් වලින් පරිපූර්ණ කෙරෙනවා.

8. කුළුබඩු යෙදූ සැර ආහර අනුභව කරන්න.
කුරුදු, ඉගුරු සහ ගම්මිරිස් වැනි කුළුබඩු එකතු කළ ආහර අනුභවය මගින් රුධිරයේ ඉන්සියුලීන් මට්ටම වැඩි කර සීනි මට්ටම අඩු කිරීමට හේතු වෙනවා.

ඔබට මෙම රෝග ලක්ෂණ තිඛෙනවාද? එහෙනම් පරිස්සම් වෙන්න.

හිසකෙස් රෝග වලට හොදම බෙහෙත රෝස වතුර….



ගෙවත්ත හැඩ කරන මල් කුමරියන් අතර රෝස මල්වලට වැඩි ඉඩකඩක් හිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි රෝස ඔබේ රුව හැඩ කරන්න හා ඖෂධයක් ලෙසත් භාවිතයට ගන්නවා.
623242761_287
රෝස වතුර
ඉතා හොඳ රූපලාවණ්‍ය සත්කාරයක් සහ ප්‍රතිකාරයකි. රෝස පෙතිවල සාරයෙන් රෝස වතුර හා රෝස තෙල් සාදාගෙන සිරුර අභ්‍යන්තරයට හා බාහිරවද සත්කාර කරයි.
භාවිතය
රෝස මල් පෙතිවලින් විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදන හා ආහාර රසකාරත් නිපදවයි. ඇතැම් ඖෂධීය සත්කාරවලදීත් රෝස පෙති යොදා ගනියි. මෙතරම් ප්‍රයෝජනවත් රෝස මල් ඔබට ක්‍රම රැසකින්ම පිළියෙල කර ගන්නත් පුළුවන්.
නිවෙසේදීම සාදාගන්න
මුලින්ම ඔබ ගන්නා ජලය හා භාජනද පිරිසුදු වීම වැදගත්.
අවශ්‍ය ද්‍රව්‍ය
රෝස පෙති 50
ආසවනයෙන් වෙන් කළ වතුර
(වතුර නටවා එම හුමාලයෙන්) ගත් වතුර.
පිනිදිය (රාත්‍රියේ එළියේ කෝප්පයක් තබා පාන්දර වනතෙක් එක් කර ගත් වතුර බෝතලයක්)
මින් කුමන හෝ ආකාරයකට පිරිසුදු කර ලබාගත් වතුර ළිප තබා 100ධඛ් උෂ්ණත්වයේ නටවා ගන්න. දැන් ළිප නිවා එයට රෝස පෙති එක් කරන්න. එය මඳ වේලාවක් වසා තබා රෝස පෙති හුමාලයෙන් තැම්බීමට හරින්න. එය නිවුණු පසු පියන විවර කළ විට රෝස පෙතිවල වර්ණය ජලයට මිශ්‍ර වී රෝස පෙති සුදු පැහැවිය යුතුයි. එම වතුර පෙරහනයකින් එක්වරක් පෙරන්න. නැවැත එම වතුර පෙරහන් කඩදාසියකින් පෙරා ගන්න.
බෝතල් කිරීම
මෙලෙස සාදාගත් රෝස වතුර විසබීජ ඉවත් කර පිරිසුදු කරගත් 30ථත කුප්පිවලට පුරවා ගන්න. (එක බෝතලයකට පමණක් දැමූ පසු එය විටින් විට විවෘත කිරීමේදී විසබීජ ඇතුළු වී එය ඉක්මනින් නරක් වෙයි.)
ඉන් පසුව එම බෝතල් ශීතකරණයේ තබා තම අවශ්‍යතාව අනුව පාවිච්චියට ගන්න. මෙය මාස 6ක් හෝ අවුරුද්දක් පමණ තබා ගැනීමට හැකියි.
සත්කාර
දැන් මෙම රෝස වතුර සමට පමණක් නොව හිසකෙස්වලට නිරෝගී බවටත් සත්කාරයක් ලෙස භාවිත කළ හැකියි. අතිශයින්ම පිරිසුදු රෝස වතුර
ඇස් ලෙඩවලදී දෑස් හොඳින් සේදීමටත්, ඥරඥඤපධන එකක් විදියටත්.
සුවඳකාරකයක් ලෙස සිරුරේ තැවැරීමට හා ආසාදිත කුරුළෑ සහිත සම හොඳින් පිරිසුදු කර ගැනීමටත් භාවිතයට ගන්න පුළුවන්.
rosepetals
හිසකෙස්වලටත්
සමට මෙන්ම හිස සෝදා හිස්හොරි මර්දනය කිරීමටත් මෙය කදිම සත්කාරයකි. හිසකෙස් හොඳින් සෝදා ගත් පසුව රෝස වතුරින් හිසකෙස් සෝදා දිලිසෙන නිරෝගී බවක් ලබා ගන්න ඔබටත් පුළුවන්.

අඩුවෙන් නිදාගත් විට අපේ ශරීරයට මොකද වෙන්නේ?



නින්දේ ඇති වැදගත්කම මේ කාලයේ ඉතාමත් ජනප්‍රිය මාතෘකාවක් වෙලයි තිඛෙන්නේ. ඒ අපි අඩුවෙන් නිදාගන්න එක අපේ සමාජයේ ගොඩක් ලොකු ගැටළුවක් වෙමින් තිඛෙන නිසයි.

අපි ඇතිවෙන්න නිදාගත්තහම අපිට පුළුවන් නැවත ජවයක් ලබාගෙන ඵලදායි හොද සෞක්‍ය සම්පන්න විදිහට අවදි වෙන්න. එත් අපිට මේ හැම දෙයක්ම කරන්න වෙලාවක් නැති වෙන්න පුළුවන් අපි රෑ ඇහැරගෙන වැඩ කරනවා වෙන්න පුළුවන්.

එක් එක් වයස් සීමාවන් සදහා නිදාගත යුතු කාලසීමාවන් පහත ආකාරයට හදුන්වලා දෙන්න පුළුවන්. ඔයාලත් මොන වයස සීමාවේද ඉන්නේ කියලා බලන්න.

• වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්• පැය 7-8 අතර
• වයස අවුරුදු 26-64 අතර වැඩිහිටියන්• පැය 7-9 අතර
• වයස අවුරුදු 18-25 අතර තරුණ පුද්ගලයන්• පැය 7-9 අතර
• වයස අවුරුදු 14-17 අතර නව යොවුන් වියේ පුද්ගලයන්• පැය 8-10 අතර
• වයස අවුරුදු 6-13 අතර පාසල් දරුවන්• පැය 9-11 අතර
• වයස අවුරුදු 3-5 අතර පෙර පාසල් දරුවන්• පැය 10-13 අතර
• වයස අවුරුදු 1-2 අතර සිගිත්තන්• පැය 11-14 අතර
• වයස මාස 4-11 අතර අත දරුවන්• පැය 12-15 අතර
• වයස මාස 3 ට අඩු අළුත උපන් දරුවන්• පැය 14-17 අතර

අපි අඩුවෙන් නිදාගත්තහම අපේ මොලයේ තිඛෙන සුදු පදාර්ථ වෙනස් වීමකට පත්වෙලා අපේ ජාන වලට බලපෑමක් ඇති වෙනවා. වාසනාවකට වගේ අපේ ශරීරයට හැකියාව තිඛෙනවා, අපි හොදට නිදාගත් විට තනියම අළුත්වැඩියා වෙන්න. සමහර විට අඩුවෙන් නිදාගත් විට ඇතිවෙන රෝග ටික කලක් ගිය විට තමයි මතුවෙන්නේ.

අපි අඩුවෙන් නිදාගත් විට අපේ ශරීරයට මොකද වෙන්නේ?
අපිට ප්‍රමාණවත් ආකාරයට නින්ද නොලැබුණු විට අපේ මොලයට විතරක් නෙමෙයි හානි වෙන්නේ. ඒක විවිධ විදිහට බලපාන්න පුළුවන්.

• අපිව අසනීප වෙනවා
ප්‍රතිශක්තීකරණ පද්ධතියත් අඩුවෙන් නිදා ගැනීමත් අතර ඍජු සම්බන්ධතාවයක් තියනවා. අඩුවෙන් නිදාගැනීම මගින් රෝග ඇතිවීමේ අවදානමක් තිඛෙනවා.
• අපිට සිතීමේ ගැටළු ඇතිවෙනවා
අපිට ප්‍රමාණවත් නින්දක් නොලැබුණු විට අපේ තීරණ ගැනීමේ හැකියාව අඩුවෙනවා, ගැටළුවක් විසදා ගැනීමේ හැකියාව අඩුවී යම් දේයකට ප්‍රතිචාර දැක්වීමට කාලය වැය වෙනවා.
• අපේ බර වැඩි වෙනවා
අඩුවෙන් නිදාගැනීම සහ බර වැඩිවීම අතර තියන සම්බන්ධය ඉතා ප්‍රසිද්ධයි. රෑට පැය පහකට වඩා අඩුවෙන් නිදා ගන්න පුද්ගලයෙකු මහත වැඩිවී තරබාරු වීමේ අවදානමක් තියනවා.
• අපි ඉක්මනට වයසට යනවා
වැඩිහිටි වියේදී අඩුවෙන් නිදා ගැනීමෙන් සම රැලි වැටී සම මත පැල්ලම් හටගෙන වයස වැඩියෙන් පෙනීමට පටන් ගන්නවා.
• අපි අපේ හදවත හානි කරගන්නවා
අඩුවෙන් නිදාගැනීමෙන් අපේ හදවතට හානි සිදු වෙනවා. එමගින් හෘද රෝග ඇතිවීමේ අවධානමක් තියනවා.
• අපි පිළිකා සැදීමේ විශාල අවධානමකට මුහුණ දෙනවා
පිළිකා රෝගින් පැය හතක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් නිදා ගැනීමෙන් මරණ අනුපාතය අඩු වෙලා තියනවා.
• අපේ ලිංගික ආශාව අඩුවෙනවා
අපි පැය පහකට වඩා අඩුවෙන් නිදා ගැනීමෙන් අපේ ලිංගික හෝමෝන මට්ටම 15% කින් පහල බහිනවා. ඒවගේම ලිංගිකව එක්වීමට ඇති ආසාවද අඩුවී යනවා.
• අපිට ඉක්මනටම අමතක වෙනවා
අපි නිදාගන්නා විට අපේ සිතේ තිඛෙන දේවල් නැවත නැවත සිහිපත් වෙනවා. අපි අඩුවෙන් නිදා ගන්නා විට එම තත්වයට බාධා ඇතිවී යම්කිසි දේවල් ඉක්මනින්ම අමතක වී යනවා.

නින්ද කියන්නේ කෙටි විවේකයක් විතරක් නෙමෙයි නිසිපරිදි නිදා ගැනීම අපේ සෞඛය්‍යට ඉතාමත් විශාල ලෙස වාසි අත් කරගන්න පුළුවන්. ඔබට නිරෝගී සහ දිගු දිවියක් ගත කිරීමට ප්‍රමාණවත් පරිදි නිදා ගන්න.

ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය




අඹූ සැමි සබඳතාවක් සවිමත් වීමට හා වඩාත් පී්‍රතිමත් ස්වරූපයකට පත්වීමට එම දෙපළගේ මානසික හා කායික ඒකාග්‍රතාව දැඩිව බලපානූ ඇත. එහෙයින් එය සමබරව පවත්වා ගෙන යෑම බොහෝ වැදගත් වේ. විශේෂයෙන්ම අඹූ සැමි දෙපළගේ මානසික හා කායික සබඳතා ප්‍රබලත්වයකින් පසූවීම මත දෙදෙනා අතර නූරුස්නා ස්වභාවය මත ගැටූම් අක්‍රිය හා උදාසීන බව අසාර්ථකවීම් මඟහැරි යයි. එහෙයින් ඔවූන්ගේ කායික සබඳතාවන් අඹූසැමි ජීවිතයට ලබා දෙන ප්‍රබල දායකත්වය අධ්‍යනය කිරීම වැදගත්ය.
සාමාන්‍යයෙන් අප පිළිගන්නා පරිදි යහමින් ව්‍යායාමවල හෝ කය වෙහෙසෙන කටයූතුවල යෙදීමෙන් මිනිස් ලිංගිකත්වය උසස් මටිටමකට පත් වේ. එලෙසින්ම යහපත් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන්ද ඔබේ මනසට ප්‍රබල ප්‍රබෝධයක් සේම කායිකවද නිරෝගි බවක් ලැබේ. කදිම රුධිර සංසරණය, නිරොගි හදවතක් ලැබීමටද එය වැදගත්ය. එහෙයින් අඹූසැමි දෙපළක් අතර ඇතිවන ප්‍රබල කායික බැඳීමක් ඔවූන්ගේ ජීවිතවලට යහපතක් ඉටූ කර දෙන කරුණූ 5 ක් කෙරෙහි අපි ඔබේ අවධානය යොමූ කරමූ.


හෘදය සවිමත්වීම
ලිංගිකත්වය පිළිබඳව වෛද්‍ය උපදේශකවරයෙකුවන ආචාර්ය බී හෝන්ස්ලේ පවසන පරිදි නිවැරදිව හා තෘප්තිමත් කායික සබඳතාවක් සැමවිටම සමාන වන්නේ ව්‍යායාමයක යෙදීමටය. උදාහරණයක් ලෙසින් වේගවත් ඇවිදීමකින් සිදුවන තරමේ හෘද ස්පන්දනය වේගවත් වීමක් එයින් සිදු වේ. එමගින් පෙනහලු පූළුල් වීමක් සිදුවීමෙන් වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ඒ තුළට පිරේ. එහි ප්‍රතිඵලය වන්නේ රුධිරයෙහි වූ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම වී ඒ වෙනූවට ඔක්සිජන් එක්වීමය. එය ඔබේ සිත කය දෙකම සැහැල්ලුවට හා ප්‍රබල ක්‍රියාශීලි බවක් අත්කර දේ.


එහෙයින් සාර්ථක සැමියෙකු ප්‍රාර්ථනා කරන සෑම බිරිඳක විසින්ම තම සැමියාට ලිංගික සබඳකම් සඳහා තමාගේ දායකත්වය ලබාදීම වගකීමක්ව පවතී. බොහෝ කාර්යාලයන්හි මළානික ස්වරූපයට කෝපයට පත්වීම හෝ අලස ස්වරූපයකට බොහෝ පිරිමින් පත්වන්නේද මෙම අවශ්‍යතාව නිවැරදිව ඉටූ නොවීමෙනි. එහෙයින් ඔවූන්ට කාර්යාලිය හෝ පෞද්ගලික දිවියෙහි ජයග්‍රහණයන් ලැබීම අසීරු වේ. එයට අමතරව අඹූ සැමියන්ගේ කායික සබඳතා වඩාත් සූන්දර පසූබිමකට පත්වීම තුළින් තවත් ප්‍රතිලාභයක් ලැබීමට මඟක්ද ආචාර්ය හෝන්ස්ලේ යෝජනා කර සිටී. ඒ ඔවූන්ගේ කායික සබඳතාව පැවැත්වෙද්දී ගැඹූරින් හූස්ම ගැනීමක්ද සිදු කිරීමය. එවිට එය ව්‍යායාමයක ස්වභාවය ගන්නා අතර හෘද නාල වෙතට රුධිරය ගලා ඒම වේගවත් වේ. එය රුධිරයෙහි වූ කොලොස්ටෝල් ප්‍රතිශතයෙන් සිදුවන හානි අවම කෙරේ. එය තවත් පැත්තකින් බිරිඳක ලෙසින් ඔබේ රූපය වර්ධනය කිරීමටද හේතු වේ.


ආලේපන ගැල්වීම වෙනූවට
තම සැමියා සමග බිරිඳක විසින් පවත්වනූ ලබන තෘප්තිමත් කායික සබඳතාවක් මගින් ඔහූගේ සාර්ථකත්වය සේම සමෙහි අලංකාරයට ඔබ වැය කරන මූදලද ඉතිරි කර ගැනීමට හැකි වේ. මන්ද කදිම රුධිර සංසරණයක් හේතුවෙන් ඔබේ මූහූණට හා සමට ප්‍රබල දීප්තියක් එමගින් එක් වේ. විශේෂයෙන්ම ලිංගික සදබඳකමකින් පසූව නිවැරදිව පරීක්ෂා කළහොත් ඔබේ මූහූණට ආලෝකයක් ලැබී ඇති බවක් සොයා ගැනීමට ඔබටම හැකි වේ.

මෙය තවත් පැත්තකින් විමසා බැලුවොත් බොහෝ සකී්‍රය ලිංගික සබඳතා පවත්වන්නියන්ගේ රුව බොහෝ අලංකාර වීම හා වයසට නොයන තත්ත්වයකට පත්වන්නේද එම හේතුව නිසාවෙනි. ප්‍රබල රුධිර සංසරණය හේතුවෙන් සම මතුපිට ප්‍රබල පෝෂණයක් ඇතිිකිරීම කායික සබඳතා මගින් සිදු වේ.


විෂ සහිත දේ පිටව යෑම
සිරුරෙහි අපද්‍රව්‍ය බැහැර කිරීමටද කායික සබඳකම් දායකත්වයක් ලබා දේ යැයි ඔබ නොසිතුවාට සැකයක් නොවේ. එයට හේතුවන්නේ කායික සබඳතාවකදී සිදුවන සිරුරෙහි උණූසූම් වීම හා දහදිය දෑමීම මත ඒසමගම සම තුළ වූ අහිතකර රසායනිකයන්ද පිටව යෑමය. වෛද්‍ය මතයට අනූව පැය භාගයක් ප්‍රබල කායික බැඳීමක් ඇති කර ගන්නා අඹූ සැමියන්ගේ එම ක්‍රියාවලිය සමාන වන්නේ පැය සම්භාහන ආයතනයක කල් ගෙවීමටය.

එසේ දෙදෙනා දෑඩි ක්‍රියාකාරත්වයක් හා දහදිය දෑමීමක් සිදුවීමෙන් අපද්‍රව්‍ය පිටවීමෙන් දහදිය දුගද හැමීමක් ද සිදු නොවේ.


කඩිසරබව ඇතිවේ
ආචාර්ය හෝන්ස්ලේ පවසන පරිදි අඹූසැමි සබඳතාවකදී කැලරි දෑවීමක් සිදුවන අතර එහි ප්‍රමාණය රඳා පවතින්නේ සබඳතාවෙහි දීර්ඝත්වය මතය. එයට අමතරව එමගින් මාංශ පේශින් ලිහිල් වීමක්ද සිදු වේ. එහෙයින් එය ගර්භනී කතුන්ට වඩාත් ප්‍රතිඵල දායක වේ. විශේෂයෙන්ම මෙහිදී උකුල උදරය හා කළවාවන්හි මාංශ පේශින් ලිහිල් වීමක් සිදුවීමෙන් ප්‍රබල කාර්යක්ෂම බවක් ජීවිතයට එක් වේ.



ආත්ම ආඩම්බරය
කායික සබඳතාවකදී ඔබට සැහැල්ලුවට හා උද්යෝගි බවට පත් කරන හෝමෝන නිකුත් වීමද ඔබේ ජීවිතයට ප්‍රබලව බලපායි. එහෙයින් එයින් පසූව ඔබ යම් කටයූත්තක යෙදෙද්දී බොහෝ සරල බවක් හැඟේ. අලුත් හැඟීම් හා සිතුවිලි ඇති වේ.
තවද කදිම කායික සබඳතාවකදී දෙදෙනා තුළම ප්‍රබල ආත්ම ආඩම්බරයක් ඇතිවීම මෙහිදී බොහෝ වැදගත් වේ. විශේෂයෙන්ම පිරිමියෙකු තුළ සියූම් ජයග්‍රාහී ස්වරූපයක් ඇති වීමෙන් ඔහූගේ දෛනික ජීවිතයේ කටයූතු වඩාත් පහසූ වේ. ගැහැනියක ලෙසින් ඔබට එයින් ආදරය ලබන්නියක යන හැඟීම, ආරක්ෂක බව හ ජීවිතය පරිපූර්ණ වූයේ යැයිද හැඟේ. එම මානසිකත්වය ඔබව ගෘහ අලංකාරයට රස ආහාර පිළියෙල කිරීම පවූලේ ප්‍රබල සමගියක් ඇති කර ගැනීමට බලපායි.


පවූලේ සමගිය

යහපත් කායික සබඳකමක් පවත්වන අඹූසැමි යූවලක අතර ප්‍රබල සමීපතාවක් ඇති වේ. මන්ද ඔවූන් කායිකව ඇතිකර ගත් සමීපතාව මත ප්‍රබල වේ. මෙය සමාන වන්නේ විවාහයට පෙර පෙම්වතුන්ව සිටියදී දෙදෙනා අතර වූ බැඳීමටය. අඹූ සැමියන් වූ පසූව දෙදෙනා අතර මෙම කායික බැඳීම ඉහළ මටිටමක තිබිය යූත්තේ එය පවූලේ දියූණූවට ප්‍රබලව බලපෑම් කිරීමෙනි.

වින්දනාත්මක හා සංතෘප්ත කායික බැඳීම් අඹූ සැමියන් අතර නොතිබූණූ විටදී දෙදෙනා ලෝක දෙකක ජීවත් වීම අරඹන අතර එම අතෘප්තිකර හැඟීම නූරුස්නා බවකින් අන් සියලු දෙයෙහිද මතු වේ.් නමූත් එයට හේතුව මෙම කායික සබඳතාවන්ගේ දුර්වලත්වය බව එළිපිට හෙළි දරව් නොවන්නේ එය කතා කිරීම ලැජ්ජා වීමෙනි. එහෙයින් සෑම බිරිඳක්ම සැමියා තමා වෙතින් නිසි ලෙසින් තෘප්තිමත් වන්නේද යන්න ගැන අවබෝධයකින් පසූවීම අත්‍යවශ්‍ය වේ.එය පවූලේ සාර්ථකත්වයට හා දෙදෙනාගෙ එකඟතාවට දෑඩිව බලපායි.

Wednesday, January 13, 2016

කාන්තා හිංසනයට එරෙහිව ස්විස් කලාකාරිනියක් නිරුවතින් විරෝධයේ.. [Video]



ලොව පුරා ජනතාව නව වසර උදාව සමරමින් සිටින අතරවාරයේ ජර්මනියේ කොලෝන් නගරයේ කාන්තාවන් සියගණනක් හිංසනයට ලක්වීමේ සිදුවීමට විරෝධය පළ කරමින් ස්විට්සර්ලන්ත ජාතික කලාකාරිනියක් නිරුවත් වී ඇත.
ඩසල්ඩෝර්ෆ්හි කලාකාරිනියක් හා නිරූපිකාවක් ලෙස කටයුතු කරන 32 හැවිරිදි මිලෝ මොයර් කොලෝන්හි දේවස්ථානය ඉදිරියේ නිරුවතින් විරෝධය දක්වමින් පවසා ඇත්තේ කාන්තාවන්ට ගරු කළ යුතු බවයි.
කාන්තාවන්ට ලිංගික උපකරණයක් ලෙස නොව පරිපූර්ණ ජීවියෙකු ලෙසින් සිය ජීවිතය ගත කිරීමට ඉඩ ලැබිය යුතු බව මොයර් පවසා තිබේ.
මේ අතර අගෝස්තු මසදී ලක්‍ෂ ගණනක් සරණාගතයින් සඳහා ජර්මානු දේශසීමාව විවෘත කිරීමට චාන්ස්ලර් ඇන්ජල් මර්කල් ගත් තීරණයෙන් අනතුරුව ගම්මිරිස් දියර හා තුවක්කු අලෙවිය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
බර්ලින් නගරයේ ගිනි අවි අලෙවිසැලක් පවත්වාගෙන යන පාවෙල් ස්වර්ඞ්ලොව් පවසා ඇත්තේ මෙතරම් ආත්මාරක්‍ෂක අවි අලෙවි වනු තමන් මින් පෙර දැක නොමැති බවයි.
දෙසැම්බර් 31වන දිනය තුළ කොලෝන් නගරයේ දුම්රිය ස්ථානය හා දේවස්ථානය අතර ප‍්‍රදේශයේදී කාන්තාවන් 121ක් පමණ මංකොල්ල කා, තර්ජනයට ලක්ව හෝ ලිංගික අඩන්තේට්ටම්වලට ලක්ව ඇතැයි වාර්තා විය.
මෙතෙක් හඳුනාගෙන ඇති සැකකරුවන් 32 දෙනෙකුගෙන් 27 දෙනෙකු මැදපෙරදිග හෝ උතුරු අප‍්‍රිකානුවන් වන අතර ඔවුන්ගෙන් 22 දෙනෙකු සරණාගතයින් ලෙස පැමිණ ඇති පුද්ගලයින් බව පැවසේ.

Monday, January 11, 2016

කොළඹ කොටස් සීඝ්‍රයෙන් පහළට


කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද මධ්‍යහ්න 12.00 පමණ වන විට ඒකක 66.40 කින් පහත වැටී තිබිණ.මෙය පෙර දිනයට සාපේක්ෂව 0.99% ක කඩා වැටීමකි. දිනයේ මුල් භාගය තුළ දක්නට ලැබුණු මෙම පහළ යාම මෑත කාලයේ දක්නට ලැබුණු විශාලතම කඩා වැටීම ලෙසින් සැලකිය හැකිය

මේ වන විට ලොව පුරා කොටස් වෙළෙඳපොළ බොහෝමයක් පත්ව සිටින්නේ ද මේ හා සමාන තත්ත්වයකටය.
Cambridge, Massachusetts-based EPFR Global Inc විසින් සිදුකර ඇති සමීක්ෂණයකට අනුව 2016 වසරේ මේ දක්වා කාලය තුළ දී, ලොව පුරා ආයෝජකයින් ඩොලර් බිලියන 8.8 ක් කොටස් ආයෝජන තුළින් ඉවත් කර ගෙන ඇති බව අනාවරණය වී ඇත.

තරබාරුවීමේ අතුරු ප්‍රතිඵල



විශේෂඥ වෛද්‍ය සංජීවනී ෆොන්සේකා සමේ රෝග විශේෂඥ කථිකාචාර්ය
තරබාරුවීමත් සමඟ ඇතිවෙන අතුරු විපාක පිළිබඳ බොහෝ අයට අවබෝධයක් නැහැ. එම නිසා ප්‍රතිකාර කරන්නේ තරබාරුවට පමණයි. මේ කියන්නේ එසේ වෙනම ප්‍රතිකාර කරගත යුතු තරබාරුවේ අතුරු ප්‍රතිවිපාක ගැනයි.
සම කළුවීම(Acanthosis Nigricans)
මෙය බහුලවම දැකිය හැකි රෝගී තත්ත්වයකි. බෙල්ලේ සම කළු පැහැයට හැරීම කිහිලි, ඉකිලි ආදී නිතර ගැටෙන ස්ථාන කළු පැහැයට හැරීම මෙන්ම නහය හා කට වටා කළු පැහැවීම ඇතිවෙන්නේ තරබාරුවීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙසයි. තරබාරුකම අඩුකර ගැනීමෙන් මේවා පාලනය කර ගත හැකියි. මේ නිසා කුඩා කාලයේ පටන්ම උසට සරිලන බර පවත්වා ගෙන යා යුතුය.

ඉන්නන් (ඉඬඪද ඊචඨඵ)
විශේෂයෙන්ම මෙහිදී බෙල්ලේ හා කිහිලිවල සම වර්ධනය වීමෙන් ඉන්නන් වැනි තත්ත්ව මතුවෙයි. මෙය බෝ වන රෝගයක් නොවේ. කුඩා ගැටිති ලෙස බෙල්ල හා කිහිලිවල ඇති වන මේවා ඇතැම් විට මුහුණේද ඇති විය හැකිය. මේවා ඉවත් කළහැකි වුවත් තරබාරුකම පාලනය නොවන්නේ නම් නැවත ඇතිවීමේ ඉඩකඩ වැඩිය.

රෝම අධිකව වර්ධනය
ස්ථුලතාව සමඟ ඇතිවන හෝමෝන වෙනස්කම් නිසා (ර්ථීධතරජරඵබඪජ ර්ණීමඥපර ච්ඪඵඥචඵඥ) සමේ රෝම අධිකව වර්ධනයක් පෙන්නුම් කරන අවස්ථා ඇත. විශේෂයෙන්ම ගැහැනු දරුවන් වැඩිවියට පත්වීමෙන් පසු අධිකව තරබාරු නම් ආර්තවය හරියාකාරව සිදුවන්නේ නැත්නම් (ර්ථීධතරජරඵබඪජ ර්ණීමඥපර ච්ඪඵඥචඵඥ) රෝගය ඇති බව තහවුරු වෙයි. එවැනි පුද්ගලයන්ගේ මුහුණ, කලවා, උදරය, පිට ප්‍රදේශ ආදියේ රෝම අධිකව වර්ධනය වෙයි. තරබාරු ගැහැනු ළමයින් වැඩිවියට පත්වූ පසු මෙම තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩිය. මේ නිසා මොවුන් බර පාලනය කර ගැනීම අනිවාර්යයි.

ස්ට්‍රෙච් මාර්ක්
සිහින් ශරීරය හිමි අය තරබාරු වීමෙන් සහ තරබාරු අය කෙට්ටු වීම නිසාද සම මත මෙවැනි ස්ට්‍රෙච් මාර්ක්ස් ඇති වෙයි. දෑතේ දෙපාවල උදරය හා පිට වැනි ස්ථානවල මෙම පැල්ලම් ඇති වූ විට ඒවා ඉවත් කිරීම ඉතා අපහසුය.

කුරුලෑ වැනි ආසාදන
තරබාරු අයගේ කුරුලෑ වැඩි වශයෙන් දැකිය හැකිය. මොවුන්ගේ ර්ථීධතරජරඵබඪජ හෝමෝන වැඩි නිසා දරුවන් වැඩි වියට පත්වූ පසු කුරුලෑ ආසාදන, තරබාරු අයගේ ඉකිලි, කිහිලි, පියයුරු යට වැනි ස්ථානවල දහදිය එක්වීම නිසා දිලීර ආසාදන ලෙස ඉස්මතු වෙයි. තරබාරුකම පාලනය කර ගන්නේ නම් මෙම තත්ත්වය පාලනය කර ගන්නට හැකියි.

යටි පතුලේ සම වර්ධනය
තරබාරු අයගේ යටි පතුලේ සම ගනවීමක් පෙන්නුම් කරයි. එවිට යටි පතුලේ සම පැළීමට ලක් වෙයි. මෙයටද තරබාරුකම පාලනය කරගැනීම පිළියමකි.
ඉහත කාරණාවලට අමතරව මොවුන් දියවැඩියා රෝගයට ගොදුරු වීමේ අවදානමද වැඩිය.

පිළියම
සමේ ඇතිවන මෙවැනි වෙනස්වීම්වලට නිසි පිළියම වන්නේ බර අඩුකර ගැනීමයි. දිලීර රෝග ඇත්නම් ප්‍රතිකාර කිරීමත් ඉන්නන් ඇති වේ නම් පුලුස්සා ඉවත් කිරීමත් කළ හැකි නමුත් ආහාර පාලනය කර ගනිමින් හෝ තරබාරුකම පාලනය කළ යුතුවෙයි. දරුවන් තරබාරු නම් අඩු වයසින්ම කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය වැනි රෝග මතුවන නිසා එය පාලනය කර ගැනීමට උනන්දු වන්න.
ශාලිකා රංගනී සමරදිවාකර

නගෝ.. නගෝ අක්කා ඉන්දියන් සිංදුවකට දාපු ඩාන්ස් එක කොහොමද බලන්න


නගෝ නගෝ අක්කා ඉන්දියාවේ සිංදුවක් කිය කිය නටන විදිහ කොහොමද
වීඩියෝ එක බලන්න මෙතනින් යන්න

ඔබගේ දත් කහපාටද? නිවසේදීම දත් ටික සුදු කර ගන්න ක‍්‍රමයක් මෙන්න



අපි හැමෝම කැමතියිනේ ලස්සන සුදු වන් දත් දේපලක් තියා ගන්න. ඒ සදහා අපි හැමදාම දත් මදිනවා.

 
 ඒක එක තැන් වලට ගිහිල්ලා දත් සුද්ද කර ගන්නවා. එත් ඔයාලා කවමදාකවත් දැන ගෙන හිටියද ස්වාභාවික දෙයක් තුලින් ඉතාම පහසුවෙන් නිවසේදීම දත් ටික සුදු කර ගන්න ක‍්‍රමයක් තියෙනවා කියලා. හරි අද විශ්ම ලෝකය තුලින් ඵ් ගැන කියලා දෙන්නම්.
 
 
මේ සදහා අපි යොදා ගන්නේ කෙසෙල් ලෙලි. කෙසෙල් ලෙල්ලේ ඇතුලත පැත්ත හොදින් අපේ දත් වල ඉලීම තුලින් දත් සුදු වෙනවා. කෙසෙල් ලෙල්ලේ අඩංගු වෙලා තියෙනවා Potassium, Magnesium හා Magnese කියන පෝෂණ සංගටක. ඉතින් මේ කෙසෙල් ලෙලි වල ඇතුලත පැත්ත දත් වල උලන කොට මේ සංගටක ටික දත් වලට උරා ගැනීම සිදු වෙනවා. ඒ තුලින් තමයි දත් ටික සුදු වෙන්නේ.
 
 
ඒ වගේම මෙහි තියෙන තවත් වාසියක් වන්නේ මේ ක‍්‍රමය මගින් දත් වලට කිසිම සීරීමක් වෙන්නේ නැති එක. හරි අපි දැන් වැඬේ පටන් ගමු
 
 
මුලින්ම ඉදුණු කෙසෙල් ගෙඩියක් අරන් එකෙන් ගලව ගන්න කෙසෙල් ලෙලි කැබැල්ලක්. හොදින් මතක තියා ගන්න මේ ලෙලි කැබැල්ල ගලවන්න පටන් ගන්න ඕනේ කෙසෙල් ගෙඩිය යට පැත්තේ ඉදන්. ඒ වගේම මේ සදහා එක වරකට අවශ්‍ය වන්නේ කෙසෙල් ගෙඩියකින් කුඩා ලෙලි කැබැල්ලක් පමණක් නිසා ඔයාට පුළුවන් එක කෙසෙල් ගෙඩියක් දවස් 4ක් විතර මේ වැඬේ සදහා යොදා ගන්න.
 
හරි දැන් මේ ගැලව ගත්තු ලෙල්ලේ ඇතුලත පැත්ත හොදින් දත් වල උලන්න. කෙසෙල් ලෙල්ලේ යට පැත්තේ තියෙන ඔක්කොම ටික දත් වලට වදින ගානට උලන්න. ටික වෙලාවක් මෙහෙම කරනකොට ඔයාට තේරේවි දත් ටික සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි කිසියම් තට්ටුවක් බැදිලා වගේ. 
 
එතකොට ඔබ මේක නවත්තලා විනාඩි 10ක් ඉන්න ඕනේ මේ කෙසෙල් ලේල්ලෙන් අපේ දත් වලට ගත්තු පෝෂන සංගටක ටික හොදින් දත් වලට වදිනකම්. තොල් දෙක දිව දත්වල නොගෙවන පරිදි මේ කාලය ඔබ ගත කරන්න ඕනේ.
 
ඊට පස්සේ ඔබේ බුරුසුව අරන් දත් බෙහෙත් හෝ වතුර නැතුව නිකන්ම දත් ටික මදින්න. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අර දත් වල බැදිලා තියෙන කෙසෙල් පොත්තේ ච්ිඑැ එක හොදින් දත් ිැඑ එකේ හැම අස්සක් මුල්ලක් නෑරම පතුරුවන එක. ඉන්පසු නැවත වතාවක් දත් බෙහෙත් යොදා ගෙන දත් ටික මදින්න.
 
 
මේ වැඬේ හැමදාම කරොත් දවස් 14 ක් වගේ පුංචි කාලයක් තුලදී ඔබේ දත් ටික නිවසේදීම සුදු කර ගන්න පුලූවන්.
 
 
තව දෙයක් ඔයාලා මේ විදියට දත් ටික සුදු කරන්න ගන්න කෙසෙල් ලෙලි පාවිච්චි කරලා නිකන් විසි කරන්න එපා. කෙසෙල් ලෙලි කියන්නේ හොද ඛනිජමය පොහොරක් ශාක වලට. එක නිසා කෙසෙල් ලෙලි එක්කෝ ඔබගේ ජදපචදිඑ කසල බදුනට එකතු කරන්න, නැත්තම් හොදින් ඉකැබාැර කරලා කෙලින්ම ශාක අවට පසට එකතු කරන්න

ඩිල්ෂාන්ට හොඳටම තදවෙලා – ප්‍රේක්ෂකයෙක් ඩිල්ෂාන්ට විශ්‍රාම යන්න කියලා (වීඩියෝ)


පසුගිය දා පැවති නවසීන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟය අතරතුරේදී  ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිදුවුණා.
ඒ මොකක්ද දන්නවාද? තරඟය නරඹන්න පැමිණි ප්‍රේක්ෂකයෙකු අදාළ ක්‍රීඩකයාට  ප්‍රේක්ෂකාගාරයට යන විට ටිකක් අමුතු වචන ටිකක් දාලා.
ඒ ක්‍රීඩකයා කවුද දන්නවාද? වෙන කවුරුත් නෙවෙයි. ශ්‍රී ලංකාවේ ඉන්න සුපිරි ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන්.
කොහොම හරි එදා තිබුණු තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වෙලා තියෙනවා.
ඒ හින්දද කොහෙද ඒ ප්‍රේක්ෂයා මේ විදියේ වචන ටිකක් ඩිල්ෂාන්ට කියලා තියෙන්නේ .
හැබැයි වීඩියෝවේ පේන විදියටනම් ඩිල්ෂාන්ට ටිකක් හොඳටම මළ පැනලා වගේ පේනවා.
ඒ වීඩියෝව බලන්නකෝ පහතින්.

Friday, January 8, 2016

ලිංගිකත්වයේ අවශ්‍යයතාවය…(need of sexuality)

අන්තර්ජාලයෙන් කරුණු උපුටා ගෙන සකස් කරන ලද ලිපියකි.

sex in sinhala




මානව ලිංගිකත්වය හා ප්‍රජනනය යනු එකිනෙකින් වෙන්කර ගැනීමට අපහසු වු කරුණු දෙකක් වේ. වඩා වැදගත් වන්නේ ලින්ගිකත්වයද එසේත් නැතිනම් ප්‍රජනනයද යන්න පිලිබඳ මාගේ අදහස කුමක් වුවද මානව පැවැත්මේ මුලික අරමුණ වන ප්‍රජනන්යෙන් ඔබ්බට ගොස් ලිංගිකත්වය තුලම හිස ගල්වාගෙන පවත්වාගැනීම කොතරම් වැදගත් වේ දැයි සිතීම ඔබටම භාරකරන්නට සිත්නි. එබැවින් ඒ පිලිබඳ ඔබම මදක් සිතා බලන්න. කෙසේ වුවද මිනිසා නම් ජීවියාගේ පැවත්මට ප්‍රජනනයට වඩා ලින්ගිකත්වය ඉතා වැදගත් සාධකයක් බවනම් නොරහසකි.

ලිංගිකත්වය වැදගත්වන්නේ ඇයි…(importance of sex)

ඔබ කුඩා වසු පැටවෙකු දැක ඇත්නම්, එසෙත් නැත්නම් වෙනත් ඕනැම ක්ෂිරපායි සතෙකු සැලකුවද පොඩු ලක්ෂණය වන්නේ උපන් මොහෝතේ පටන් ඔවුන් ස්වාධීනත්වය සොයා ගමන් කරන බවයි. දෙමාපියන්ගෙන් ඔවුනට ලැබෙන්නේ ඉතා සුලු උපකාරයක් පමණි. එසේත් නැතිනම් නැති තරම්ය. මිනිස් දරුවා ඉපදී අවුරුදු එකකින් ඇවිදින විට වෙනත් එකෙකු පැයකටත් වඩා අඩු කාලයකින් ඇවිදීම අරබන්නේ එසේ නොකරන එකෙකු උපන් මොහොතේම ස්වාභාවික වරණයට ලක්වීමට ඉඩ හසර සලසමිනි.

ඉතින් මෙවන් ස්වාභාවිකවරනයෙන් බැහැරට ගිය ජීවියෙකු ඇතිදැඩි කිරීම මවකට පමනක් පහසුවෙන් කල හැකි කරුණක් නොවිය හැකිය. එබැවින් පියගේද සහය ඒ සඳහා ලබා ගැනීමට ඇති සාධකය වන්නේ ලිංගිකත්වයයි. එකම ගර්භනීකාලයක් ඇති මිනිසා හා හරකා යන දෙදෙනාගේ මද කිපීම හා ආර්තව චක්‍රය ගතහොත් ඉතා විශල වෙනසක් පෙන්වයි. මෙයට හේතුවන්නේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා දීර්ඝ කාලීනව පවත්වා ගැනීම මිනිස් දරුවාගේ පැවැත්මට වැදගත් වන බැවිනි.
එහි අවසන් ප්‍රතිඵලය ලෙස මිනිසා හා ලිංගිකත්වය දෙකක් නොව එකක් බවට පත්ව ඇත.

ලිංගිකත්වය හා සමාජ සම්බන්ධතා…(benefit of sex for the society)

එසේ සලකන කල මිනිස් සමාජය තුල ප්‍රජනනයට වඩා ලිංගිකත්වය ඉස්මතුවන්නේ වඩා වැදගත් සමාජ සබදතා තුලින් තම ආරක්ෂාව හා පැවැත්ම තහවුරු කර ගැනීමට නොවේද්..? මගේ අදහසනම් එය එසේ විය යුතු යන්නයි. එයට හේතු බොහොමයක් වුවද කිහිපයක් පමනක් සලකන්නට සිතුනි. එහි පලමු වැන්න වෙනකක් නොව කලින් සඳහන් කල දරුවගේ වර්ධනය සඳහා මවුපිය දායකත්වයයි. ඒ තුල ගොඩ නැගෙන ආදරය මුල්කරගත් බැදීම බොහෝවිට ජීවිතයේ අවසන දක්වා ‍රැදී නොපවතින්නේ ඉතා ස්වල්පයක් වු මමත්වය හා මුල අමතක වීම වැනි කුහක ලක්ෂණ පවතින පුදගලයන්ගේ පමණි. ඒ තුල දරුවාගේ මෙන්ම වැඩිහිටි කල දෙමාපියන්ගේද ආරක්ෂාව ස්ථාපනය වේ.
human relationship in sinhala
එහි දෙවැන්න වන්නේ විවාහයයි. අද කෙසේ වුවද එදා විවාහය ප්‍රජනය සඳහා අවස්තාවකට වඩා සමාජ කොටස් දෙකක් අතර සබදතා ගොඩනගා ගැනීමට හේතු වු බව පැහැදිලිය.

මානව ලිංගිකත්වය තුල මතුවන විෂම ලක්ෂණ…..(abnormal sexual functions)

කවුරුන් කෙසේ කීවද මානවයාද තවත් එක් වනචාරී ජීවියෙකු පමණි. ඔහුගේ එම සිත ප්‍රඥව නැමති තිර කඩකින් වැසීතිබීම නිසා එම ලක්ෂණය පිටතට දිස්වීමක් නොමැත. එසේවුවද ලිංගිකත්වය තුල විටෙක සෞම්‍යබව මෙන්ම විටෙක රවුද්‍ර බව කැටි වන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසය. විටෙක ආදරණීය චරිතයක් වන පුද්ගලයෙක් තවත් විටෙක ඉතා රවුද්‍ර කොටියෙකු වීම නොවැලැක්විය හැකිය. එය තුල අනෙකුත් සතුන්ට වඩා ලිංගික ක්‍රියාවලිය තුල මිනිසාගේ අපුර්වත්වය ‍රැදී පවතී.

සමාජය තුල මතුවන විෂම ලිංගික ලක්ෂණ….(abnormal sexuality seen in society)

ලිංගිකත්වය තුල මෙය සුදුසුය මෙය නුසුදුසුය යන්න සඳහා සීම මායිම් නොමැති වුවද ඉතා ප්‍රාථමික සමාජයක් තුල වුවද එය යම් නීති දාමයකට කැටිකොට ඇත. උදාහරණයක් වශයෙන් ශ්‍රි ලන්කීය නීතියට අනුව ලිංගික ක්‍රියා ප්‍රජනනය සඳහා පමනි. ඒ තුල යෝනී සංසර්ගය (peno-vaginal sex) හැරෙන්නට වෙනකකට ඉඩක් නැත. ඒ අනුව බලන කල සමාජීය වශයෙන් සැලකීමේදී සමාජෙයේ පැවැත්මට හානිකර ලින්ගික ක්‍රියා පොදුවේ විෂම ලිංගිකත්වය ක්‍රියාකාරෙත්වයන් ලෙස හදුන්වාදිය හැකිය. මා මෙහිදී විෂම යන්නෙන් අදහස් කරන්නේ Abnormal sexuality මිස Hetero-sexuality නොවේ. එවැනි ක්‍රියාවල යෙදෙන්නම් එක්තරා ආකාරයක මානසික රෝගීන් ලෙස හඳුනාගැනීම සිදුකරයි (Sexual dis-inhibition).
animal sex in sinhala

විෂම ලින්ගිකත්වය සමඟ බැදුනු මානසික රෝග…(psychological disorders related to sex)

මෙතෙක් කතාකල විෂම ක්‍රියාකාරීත්වය සඳහා උදාහරණ ලෙස සම ලිංගික සේවනය, ලමා අපචාර, වැනි තත්ත්ව බහුලව සැලකිය හැකිය. අද මාගේ ප්‍රධාන අවදානය යොමුවන්නේ ළමා අපචාර වෙතය. ශ්‍රි ලාංකික නිතිය අනුව අවුරුදු 16ට අඩු දරුවන්ට ලිංගික ක්‍රියා සඳහා අවසර දීමක් කල නොහැකිය. මන්දයත් ඒ සඳහා අවශය තරම ලිංගික මෙනම මානසික පරිනතභාවයක් ඔවුන් තුල නැත. එසේනම් ඉතාකූඩා කාලයේම විවාහ කරදෙන රටවල දරුවන්ට එය ඇත්දැයි ඔබ විමසනු ඇත. ඒ පිලිබඳ මා තුල අවබෝදයක් නොමැති නමුත් එය එම සංස්කෘතිය තුල පවතින නොහික්මුන බව ප්‍රකාශ කරන බවනම් පැහැදිලිය.
පසුගිය කාලය තුල මෙවැනි ළමා අපචාර නිසා ජීවිතයෙන් පවා වන්දිගෙවු දරුවන් ඇතිබව නොරහසකි. එසේ වුවද දීර්ඝ කාලීනව ඔවුනට ලැබැන මානසික හා සාමජීය අපහසුතා සම්බන්ධයෙන්ද ඇතිවු අවදානය බොහෝ අඩුය. මෙය අප සමාජය තුල කෙමෙන් වර්ධනය වන තත්ත්වයක් බවට පත්ව ඇති බවනම් පැහැදිලිය.

ලින්ගිකත්වයේ අපේක්ෂා ඉ‍ටුවීද..? (have we reached the benefits of human sexuality)

මා මුලින් සඳහන් කල පරිදි ලිංගිකත්වය යනු සමාජයේ ආරක්ෂාව සඳහා ඇතිවූ යාන්ත්‍රනයක් වැනිය. එය තුල සමාජ සම්බන්ධතා වලට බාධාවක් ඇතිවීනම් එහි ප්‍රතිඵලය ලැබී නැත. එනම් අපි නැවත ප්‍රඥවෙන් තොර ආනන්දයක් සොයා යන බව පැහැදිලිය. තවද ආනන්දය ඉපදීමට ප්‍රඥවද පැවතිය යුතුය. එලෙස ප්‍රඥවක් නොමැති තැන ඇති වන්නේ සතුටක් පමනි. නමුත් මෙය ආනන්දයක් ලෙස දැකිය නොහැක.


(මෙය ලිවීම සිදුවුයේ ගූගල් සමාගම අලුතෙන් හදුන්වාදුන් ළමායින් සම්බඳ ලින්ගික දර්ශන අන්තර්ජාලයෙන් ඉවත්කිරීම සම්බන්ධව ලියවුනු ලිපියකට අදාලවය- මෙය ඉතා පැසසිය යුතු කරුනක් ලෙස දකින්නට කැමැත්තෙමි.)

Wednesday, January 6, 2016

එක දිගට වාඩිවෙලා සිටීමේ අවදානම් 10ක්


ඔබ, මා, අප සැවොම කුමන හෝ කාර්යයක එක දිගටම නිරත වීම තුළින් සුළු හෝ අපහසු බවක් අත්විඳිනවා. පාසලේදී, කාර්යාලයේදී, නිවෙසේදී ප්‍රමාණය ඉක්මවා වාඩි වී සිටින්න අපි යොමු වී තිබුණත් ඒ තුළින් ඇතිවන බලපෑම් නිසා අපගේ රුධිර නහරවලට සිදුවන ගැටලුකාරී තත්ත්වයන් කීපයක් තිබෙනවා. ඒ තුළින් රුධිර සංසරණය ප්‍රමාද වීමත්, නහර හැකිළීමත් සිදු වෙනවා. තවත් අතුරු ආබාධ ලෙස,
01. දෙපාවල ආබාධ
දිගින් දිගටම වාඩි වී සිටීම තුළින් වළලු කර ඉදිමීම මෙන්ම නහර ඉදිමුමද දැක්වීමට හැකි කාරණයක් වෙනවා. නමුත් ඊට අමතරව මෙම තත්ත්වය නිසා ලේ නහරවල ලේ කැටිගැසීමද සිදුවෙනවා.
02. අස්ථිවල දුර්වලතා
නොකඩවා ක්‍රියාකාරකම් හෙවත් කාර්යයන්වල අඩු වශයෙන් නිරත වීමෙන් ඔස්ටියෝපොරොසිස් තත්ත්වය හටගැනීමේ ප්‍රවණතාවක් තිබෙනවා. ඒ තුළින් සිදුවන්නේ අස්ථි බිඳ වැටීමයි.
03. පසු ප්‍රදේශයන්හි වේදනා
සිටගෙන සිටිනවාට වඩා ඉඳගෙන සිටීම තුළින් කශේරුකාවට ඇතිවන බලපෑම වැඩි බව සොයාගෙන තිබෙනවා. මෙසේ දිගින් දිගටම වාඩිවී සිටීම තුළින් පිටුපස අස්ථිවල සන්ධි බිඳ වැටීමේ අවදානමට ලක් වීම සිදුවෙනවා.
04. බෙල්ල සහ උරහිස ඇදීමට ලක්වීම
වාඩිවී සිටින අතරතුරදී බෙල්ල ඉදිරියට තබා ගැනීම නිසා ගෙල මෙන්ම කශේරුකාවද තුවාල වීම සිදුවෙනවා
05. උකුල ආශ්‍රිත වේදනා
නිරන්තරයෙන් වාඩිවී සිටීමෙන් උකුල තද වීම මෙන්ම සංචලතාවට බාධා වීම්ද සිදුවෙනවා.
06. ආහාර ජීර්ණයේ ගැටලු
ආහාර අනුභව කිරීමෙන් පසුව වාඩි වී සිටීම හේතුවෙන් උදරය හැකිළීම මෙන්ම ආහාර ජීර්ණයද ප්‍රමාද වෙනවා.
07. අග්න්‍යාශය ආශ්‍රිත ගැටලු
නොකඩවා ඉඳගෙන සිටීමෙන් ඉන්සියුලින් නිපදවීමේ සමබර බව නැතිවෙනවා. මේ නිසා මෙමඟින් දියවැඩියාව ඇතිවීමට බලපානවා.
08. පිළිකා රෝගී තත්ත්වය
ඉන්සියුලින් වැඩිවීම නිසා සෛල වර්ධනය සිදුවෙනවා. ඒ හේතුව පිළිකා ඇතිවීමට බලපානවා ශරීරයේ තිබෙන ප්‍රතිඔක්සිකාරක සම්පූර්ණයෙන් පිළිකා සඳහා බලපානවා. කෙසේ නමුත් වාඩිවී සිටීම මඟින් චලන වීම අඩුකර පිළිකා තත්ත්ව වර්ධනය කිරීම සිදු වෙනවා.
09. හදවතට සිදුවන හානිකර බව
අඩු රුධිර සංසරණය මඟින් මාංසපේශීන්වලින් මේදය දහනය අඩුවීම මෙන්ම, ධමනිවල මේද ඇසිඩ් අවහිර වීමද නිතරම වාඩිවී සිටීම මඟින් සිදුවෙනවා.
10. මොළයේ ඇතිවන හානිකර තත්ත්වය
රුධිර සංසරණය අවම වීම නිසා මොළයට ඔක්සිජන් ළඟාවීමද අඩු වෙනවා. මෙසේ ප්‍රමාද වීම නිසා ක්‍රියාකාරිත්වය සහ හෝමෝන අසමබර වීමට හේතු වෙයි.

මල නොබැඳෙන භාජනත් ආහාර පිසීමට හිතකර නැහැ


නන්ස්ටික් කියලා කියන්නේ නවීන මුළුතැන්ගෙයක ඉවුම් පිහුම් කරන්න හරිම පහසු භාජන වර්ගයක්. මේ භාජනවල ආහාර ඇලෙන්නෙ නැහැ. ඒ වගේම පිරිසුදු කරන්නත් ලේසියි. නමුත් නන්ස්ටික් භාජනවල ඉවුම් පිහුම් කරන එක කොච්චර දුරට හොඳද කියලා ඔබ දන්නවද?
සෞඛ්‍යයට අහිතකරයි
නන්ස්ටික් භාජන වෙළෙඳපොළට හඳුන්වා දීල තියෙන්නෙ 1940 දශකයේදීයි. ඒ නන්ස්ටික් කියන නමින් නෙවෙයි. පී. ටී. එෆ්. ඊ. (ර්ථීඊජ්ඡ්) කියන නමින්. හරියටම කියනවා නම් පොලි ටෙට්රා ෆ්ලෝරො එතිලීන් කියන නමින්. මේ නන්ස්ටික් භාජන නිෂ්පාදනය කරන්න ඇලුමිනියම්, ස්ටෑන්ලස් ස්ටීල්, රොට් අයන් වගේ දේවල් ප්‍රයෝජනයට ගන්නවා. නමුත් මේ භාජනවල විශේෂත්වය තියෙන්නේ ඒවායේ නොඇලෙන ස්වභාවය නිසා. ඉතින් ඒ වෙනුවෙන් භාජනවල මුහුණතේ විශේෂ කෝටීන් එකක් ආලේප කරනවා. ස්ට්‍රේට් අප් ෆුඩ්ස් කියන වෙබ් සයිට් එක කියන විදියට නම් මෑතක ඉඳලා නන්ස්ටික් භාජන ගැන ලොකු මතවාදයක් ඇති වෙමින් පවතිනවා. ඒ තමයි නන්ස්ටික් භාජනවල පිසින ආහාර සෞඛ්‍යයට හිතකර නැහැ කියන එක. නමුත් ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන ස්ට්‍රේට් අප් ෆුඩ්ස් වෙබ් සයිට් එක පර්යේෂණයක් කරලා තියෙනවා.

ශ්වසන රෝග
ඔවුන් කියන්නෙ නන්ස්ටික් භාජනවල ආහාර පිසීම කරනවා නම් ෆැරන්හයිට් අංශක 500ට වඩා අඩු උෂ්ණත්වයක ආහාර පිසුවට කමක් නැහැ කියලයි. ඒ වගේම ෆැරන්හයිට් අංශක පනහ කියන මට්ටමේ විනාඩි 5කට වඩා තිබීමත් හොඳ නැහැ. උපරිම විනාඩි පහක් ඇතුළත උෂ්ණත්වය අඩු කරන්න ඕනෙ. ඒ වගේම ෆැරන්හයිට් අංශක පනහ ඉක්මවූවාට පස්සෙ නන්ස්ටික් භාජනයෙන් ඉහළ නඟින දුම ශරීරයට හොඳ නැහැ. ශ්වසන රෝග ඇති වෙන්න පුළුවන්. ඒ නිසා උෂ්ණත්වය ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ.

හොඳම නන්ස්ටික්
නන්ස්ටික් භාජන වර්ග කීපයක් තියෙනවා. එක වර්ගයක් තමයි මීඩියම් හීට් නන්ස්ටික්. අනෙක් එක ලෝ හීට් නන්ස්ටික්. නමුත් මේ දෙකටම වඩා එදිනෙදා පාවිච්චියට සුදුසු වෙන්නෙ පී්‍ර හීට් නන්ස්ටික් කියන එක. ඒ නිසා නන්ස්ටික් භාජන මිලදී ගන්න හිතාගෙන ඉන්නවා නම් මේ ගැන හොඳ අවධානයෙන් ඉන්න. නන්ස්ටික් භාජන මුළුතැන්ගෙහි අසුරද්දී ආලෝකවත් ස්ථානයක අසුරන්න ඕනෙ. අඩු තරමේ පැන්ටි්‍ර කබඩ්ස් ඇතුළෙ හංගන්නෙ නැතිව තියන්න කියලා තමයි උපදෙස් දීලා තියෙන්නෙ. ඒකට හේතුව නන්ස්ටික්වල පුස් වර්ග වර්ධනය වෙන්න ඉඩ තියෙනවා. සමහර විට ඒවා සිරුරට අහිතකර වෙන්න පුළුවන්. අන්න ඒකයි.

පිරිසුදු කිරීම
ඒ වගේම නන්ස්ටික් භාජන පිරිසුදු කරන්න ඩිෂ් වෝෂර් වර්ග පාවිච්චි කරන්න එපා. නන්ස්ටික් භාජනවල තෙල් හෝ ඉඳුල් රැඳෙන්නෙ නැති නිසා පිරිසුදු කරන්න පහසුයි. ඒ නිසා නන්ස්ටික් සඳහාම නිෂ්පාදනය කරලා තියෙන පිරිසුදුකාරක දියරයක් පාවිච්චි කරන්න. ඩිස් වොෂර්වලින් පිරිසුදු කළොත් නන්ස්ටික්වල මතුපිට ආලේප කරලා තියෙන කෝටීන් ආවරණය සිදුරු වෙන්න පුළුවන්. ඒ වගේම දැලි වළං සූරනවා වගේ නන්ස්ටික් භාජන සූරන්න, පතුරු ගසන්න යන්න එපා. එහෙම වුණොත් ඉන් පස්සෙ ආයෙත් ඒ භාජනයෙන් වැඩක් ගන්න බැරි වේවි.

ඉවත් කරන කාලය
නන්ස්ටික් භාජන ගැන කියන්න තියෙන වැදගත්ම කාරණය තමයි නන්ස්ටික් භාජන පාවිච්චි කරනවා නම් අවුරුදු හතරක් හෝ පහක් තුළ ඒවා ඉවත් කරන්න. ඉවත් කරලා අලුත් නන්ස්ටික් භාජන පාවිච්චි කරන්න. අවුරුදු හතරක් පහක් යද්දී කොච්චර හොඳ නන්ස්ටික් භාජනයක වුණත් කෝටීන් එක සිදුරු වෙන්න පටන් ගන්නවා.
ඒක සිරුරට හානිකර වෙන්න කලින් ඒ භාජන ඉවත් කරලා අලුත් භාජන පාවිච්චි කරනවා නම් සිරුරට අහිතකර තත්ත්වයක් ඇති වෙන්නෙ නැහැ. ඒ වගේම දිගු කාලයක් අධික උෂ්ණත්වයට නිරාවරණය වෙලා තියෙද්දිත් නන්ස්ටික්වල ප්‍රමිතිය බාල වෙනවා. ඒ නිසා අඩුම තරමේ අවුරුදු පහකට වතාවක්වත් නන්ස්ටික් භාජන ඉවත් කරන්න උත්සාහ කරන්න.

Tuesday, January 5, 2016

මුත්‍රා අමාරුව - U.T.I.(Urinary Tract Infection)



මොකක්ද මේ U.T.I ? සමහර විට ඔබ දැනටමත් දන්නව ඇති , විශේෂයෙන්ම වයස අවුරුදු 2ට අඩු දරුවන් ඉන්නව නම් මේක ගැන හොඳට දන්නව ඇති , ඒ එක්කම පැටියට මේ ලෙඩේ හැදැනම පැටිය වගේම ගෙදර හැමෝම විඳපු , විඳවිල්ලත් මතක ඇති , ඔව් U.T.I. කියන්නේ Urinary Tract Infection කියන දිග නමේ කෙටි යෙදුම . ඒක සංහලෙන්ම කිව්වොත් “මුත්‍රා මාර්ග ආසාදනය “ කියන්න පුළුවන් . කෙටියෙන් කිව්වොත් “මුත්‍රා අමාරුව කියන්නේ ඕන්න ඕකට. දැන් අපි බලමු මේක අමාරුවක් වෙන්නේ කොහොමද කියල , ඒ ගැන කියන්න නම් ඉස්සර වෙලා අපේ පීල්ල මාරු කරගන්න වෙනවා Anatomy පාඩමකට .

දැන් අපි ටිකක් හදුනගන්න බලමු අපේ මුත්‍රා පද්ධතියේ සැකැසුම ගැන. මේ පද්ධතියේ ප්‍රධාන ස්ථාන හතරක් හදුනගන්න පුළුවන් , ඒ මුත්‍රා හදන ෆැක්ටරිය වකුගඩු (Kidney) , හදපු බඩු ගබඩාවට ගෙනියන මුත්‍රා වාහිනී (Ureters) , ඊට පස්සේ හදපු ඒවා වෙලාව එනකම් ගබඩා කර තබා ගන්න Bladder (මුත්‍රාශය) සහ වෙලාව ආවම නිශ්පාදනේ එළියට දාන දොර මුත්‍රා මාර්ගය (urethra) . ..මේ කතා කළ දේට අමතරව මේ පද්ධතියට වැඩකරන්නට අවශ්‍ය පහසුකම් දෙන රැධිරවාහිනි (Blood vessels) , පණිවිඩ ගෙනියන දුරකතන ජාලයක් වගේ ස්නායු (Nerve)  වගේ අයත් උදව් වෙනවා , ඒ හැමෝම ගැන මෙතන කතා කරන්න ගියොත් කියනව අයටත් මේ අමාරුව හැදේවි වෙලාවට මුත්‍රා බැහැරලන්න නොගියොත් ..


මේ කතා කළ ඒකක ඇතුලේ  විෂබීජ නැති බොහොම “පිරිසිදු පරිසරයක්“ තමයි සාමාන්‍යෙයන් තියෙන්නේ , ඒ නිසා ඉන් හැදෙන මුත්‍රාත් “ඉතා පිරිසිදුයි “ කියන්න පුළුවන් , ඒ කියනනේ ඒ තුල බැක්ටීරියා , දිලීර වගේ ක්ෂුද්‍රජීවීන් නැහැ නිරෝගී අවස්ථාවේදි.  ඒ වගේම ඒ තත්ත්වයේදි මේ පද්ධතිය පුරාම හොඳ සක්‍රිය පරිසරයක් තියෙනවා , ඇතුලත බිත්තී නිරෝගීව සුමටව තියෙනවා ,

දොර ගාව භූතයා Urethritis 
ඒත් යම් ක්‍රමයකින් මේ පද්ධතිය ඇතුලට බැක්ටීරියාවෙක් , ක්ෂුද්‍රජීවියෙක් ඇතුළු වුනොත් මොකද වෙන්නේ ? .සාමාන්‍යෙයන් වෙන්නේ ම්‍රත්‍රා ගලා ඒමත් එක්ක එයාලාව ඉවතට පැමිනීමක් , ඒත් සමහර ක්ෂුද්‍රජීවීන්ට පුළුවන්  එසේ නොවි රැඳී සිටිමින් , එම  ප්‍රෙද්ශයේ පටක වෙනස් කරමින් තුවාල කරමින් “ආසාදනයක් Infection “ ඇති කිරීම. ඔය රෝග කාරක ජිවියා Pathogenic organism එක මුත්‍රා මාර්ගය තුල රැඳිලා එතැන ආසාදනයක් ඇති කළොත් ඒක වෛද්‍යවිද්‍යාත්මකව අපි නම් කරන්නේ Urethritis කියලා , හරිම වේදනාකාරී , ඒ වගේම අසහනකාරී තත්ත්වයක් , හැබැයි මේ කරදරකාරයා ඔතනින් ඉහළට ගියොත් ටිකක් කරදරේ වැඩියි , එතකොට ඒ රෝග කාරක ජීවියා මුත්‍රාශය කියන මල්ලේ බොහොම යසට වර්ධනය වෙනවා , ආසාදනය දරුණු කරනවා , ඔය දියවැඩියාව තියෙන අයට බහුලවම ඇති වෙන තත්ත්වය , මොකද එයාලගේ Bladder මල්ල ,පැණි මල්ලක් වගේනේ , සීනී එහෙම තියෙන නිසා , අනෙක එයාලගේ රෝග වලට ඔරොත්තු දෙන හයිය අඩු නිසා , රෝග කාරකයෝ මුත්‍රාශය ඇතුලේ පදිංචි වෙලා “ඩෙගා  නටනවා“ , එතකොට හැදෙන තත්ත්වය අපි නම් කරන්නේ Cystitis නමින් ,

මේ දෙකේදිම මුත්‍රා කරත්දි දැවිල්ලක්(Dysurea)  ඇති වෙනවා , මුත්‍රා කරන්නට පටන් ගත්තමයි , අවසන් වුනාමයි ඒ දැවිල්ල හුඟක් වැඩි වෙනවා .(මතකද හොඳ දැවිල්ලට කෑමක් කාපු දවසටත් ඔය වගේ දැවිල්ලක් එනවා , ඒ වෙනම හේතුවක් ) අනෙක මුත්‍රා කරල ඉවර වුනත් “තව තියෙනවා වගේ දැනෙනවා“ සමහර විට ආයෙත් බින්දු කීපයක් පිටතට එන්නත් පුළුවන් (Hesitancy) , මුත්‍රා වලින් තද ගඳකුත් එනවා ,ඒ එක්කම බඩේ තද කැක්කුමක් එනවා , උණකුත් එක්කම . පොඩ්ඩන්ට හැදුනම කන්නේ බොන්නෙත් නැතුව යනවා. එයාලට මේ එක්කම බඩ බුරුල්වෙලා යන්න වගේ තත්ත්වයකුත් ඇති වෙන්න පුළුවන් .

ඔතනින් වැඩේ වලක්ව ගන්න බැරි උනොත් ලෙඩේ ටිකක් උඩට යනවා  ඒකියන්නේ දැන් වකුගඩු වල ආසාදයක් ඇති කරනවා , මේ තත්ත්වය ටිකක් භයානකයි ,නිසි ප්‍රතිකාරයක් නොගත්තොත් ලොකු කරදරයක වැටෙන්න පුළුවන් තත්ත්වයක් , ඒ එක්කම මේ තත්ත්වයේදි ප්‍රතිකාරය වගේම පසු නිරීක්ෂණ සහ පරික්ෂණ හරිම වැදගත් , මොකද මේ රෝග කාරකයාට හැංගිලා ඉන්න පුළුවන් තැන් වැඩියි දැන් . ඒ නිසා ප්‍රතිකාරයේ නිසි පල ගන්න නම් ලෙඩ හදන්නාව සොය සොයා පහරදීල සම්පූර්ණයෙන් ඉවත් කරන්නට ඕන , සාම සාකච්ඡා තියා තියා සැරින සැරේට ලෙඩේ මතුවුනාම විතරක් බෙහෙත් ගන්න ගියොත් ඉතින් වැඩ ඔක්කොම කොට උඩ යන්න පුළුවන්.

මෙතැන ලෙඩේ අවස්ථා කිහිපයක් තියෙනවා , පයලෝනෙෆ්‍රයිටිස් කියන්නේ ඉන් බහුල අවස්ථාවක් , මෙතැනදි අර මුලින් කී ලක්ෂණ වලට අමතරව කොන්ද දෙපැත්තෙන් එන තද කැක්කුමක් එක්ක , ගැහින උණ ගන්නවා , කන්න බොන්න නම් බෑ , වමනෙම තමයි . මේ තත්ත්වයේදි ගෙදර තියාගෙන අත් බෙහෙත් කරන්න යන්න එපා , සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවෙන්න , ඒ යත්දි පුළුවන් නම් U.F.R. (Urine Full Report) කියන සරළ මිළ අඩු පරීක්ෂණය කරවාගෙන යන්න පුළුවන් නම් හොඳයි , නැතත් රජයේ රෝහලකදි එය නොමිලේම කර ගන්නත් පුළුවන්.

මේ වගේ ලක්ෂණ එක්ක ඔබ රෝහල ගියොත් මූලික පරික්ෂාවකට පස්සේ Urine Culture and A.B.S.T කියන පරීක්ෂණය කරන්නට පුළුවන් , එතැනදි ඔබට කරකවල වහන්න පුළුවන් මූඩියක් තියෙන විශේෂ බෝතලයක් (විෂබජ කිසිවක් නැති) දේවි , ඕකට මුත්‍ර ටිකක් අරන් දෙන්න කියල කියාවි රෝහල් සේවකයා හෝ හෙදිය (මේ ගැන නිවැරදිව පැහැදිලි කරල දීම සෞඛළු කාර්ය මණ්ඩලයේ වගකීමක් ), හොඳට මතක තියා ගන්න , ඔය පරික්ෂණේට මුත්‍රා සාම්පලය ගන්න විදිය හරිම වැදගත් , මොකද වැරද ක්‍රමයට මුත්‍රා ගත්තොත් ලෙඩේ හරියට හඳුන ගන්න බැරි වෙනවා , සමහර විට අනවශ්‍ය බෙහෙතක් පාවිච්චි කරන්නත් වෙන්න පුළුවන් , මෙන්න මෙහෙමයි හරියට මුත්‍රා සාම්පලේ ගන්නේ , ඔය බෝතලේත් අරගෙන කැසිකිලියට යන්න (දැන් ඉතින් රජයේ රෝහල් වල කැසිකිලි ගැන කතා කරන්න ගියොත් ...?) දැන් ඔය බෝතලය පිරිසිදු තැනකින් (?????????) තියලා (උපක්‍රමයක් විදියට කඩදාසියක් උඩින් තියන්නකෝ) හොඳට අත් සෝද ගන්න , (කුණු පොඟවන්න නොවෙයි , නිවැරදිව අතසෝදගන්න ..මේ ගැන කතා කරල තියෙන නිසා ආයෙත් ඕන නැහැනේ ) දැන් සබන් සහ වතුරින් මුත්‍රා විවරය සහ ලිංගික අවයව ආශ්‍රිත ප්‍රෙද්ශය හොඳින් සෝදන්න , පිරිමි ඔබ ඔබේ පෙරසම පිටුපසට කරල හොඳින් පිරිසිදු කරගන්නම ඕන , ඊට පස්සේ පියන තරමක් බුරුල් කරන අතරේ මුත්‍රා කරන්න ආරම්බ කරන්න , මුල් මුත්‍රා ටික බැහැරට ගියාට පස්සේ තමයි සාමපලයට අවශ්‍ය මුතා ටික ඔය බෝතලේට අරගෙන පියන ඉක්මණින් හොඳින් වහන්නට ඕන (මතක තියා ගන්න , පියනේ ඇතුල අල්ලන්න එපා  ඒක වටෙන් අල්ලගෙන අතේම තියා ගන්න ) දැන් බෝතලය වටේ හොදින් පිසදාල භාර දෙන්න පරික්ෂණාගාරයට යවන්නට.

මේ පරික්ෂණ වල ප්‍රතිපල එක්කම ඔබට ප්‍රතිජෛවක භාවිත කරමින් ප්‍රතිකාර ආරම්භ කරාවි , සමහර විට දවස් දෙකක් යනකොටම ලෙඩේ “හොඳයි වගේ දැනෙනවා“ , ඒත් වෛද්‍ය උපදෙස් අනුව නියමිත කාළයටම , (සමහර විට සති දෙකක් , මාස දෙකක් වගේ දිගු කාළයක් වෙන්නත් පුළුවන් ) ඖෂධ ගන්න , මොකද අපි මුලින් කීවා වගේ මේ රෝග කාරකායා හැංගිලා  ඉතිරි වුනොත් ආයෙත් කරදරයක් වෙනවා , සමහර විට සති කිහිපයකට පස්සේ නැවතත් ඔබ පරික්ෂණ සඳහා කැඳවාවි , යන්න , මේ පරික්ෂණ මගින් රෝගය සම්පුර්ණයෙන් සුව වුනාදැයි සොයාගන්නට පුළුවන් , පොඩ්ඩන්නට , විශේෂයෙන් කොළු පැටවුන්ට මුත්‍රා අමාරුවක් හැදුනොත් ටිකක් කරදරයි , කාළයක් ප්‍රතිකාර වගේම විශේෂ පරික්ෂණ කිහිපයකුත් වරින් වර කරන්නට වෙනවා. ඒ අතරේ මුත්‍රා මාර්ගයට බටයක් ඇතුළු කරල කරන M.C.U.G(Micturating CystoUrethrorygram) මුල් තැනක් ගන්නවා.

දැන් අපි අමාරුටික කතා කරානේ , අපි දැන් බලමු මේකට හේතු මොනවාද කියලා , මේ රෝග කාරකයන්ගෙන් වැඩිම ප්‍රමාණයක් අපේ මළපහ සමඟ පිටවන අය , ඊ.කෝලායි කියන කෙටි නමින් කියන බැක්ටීරියාවා මේ අතර ප්‍රධානයි, ඉතින් මළපහ වල ඉන්න අය කොහොම මෙතැනට එන්නේ , උත්තරේ යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම , විශේෂයෙන්ම මෙම ප්‍රෙද්ශය පිරිසිදු කිරීමක් කරනවානම් Front to back නීතිය හරිම වැදගත් , ඒ කියන්නේ ඉදිරිපස සිට පිටු පස දිසාවට පමණයි පිරිසිදු කරන්නේ , කිසිම වෙලාවක ගුදයේ සිට මුත්‍රා විවර දෙසට පිසදැමීම් කරන්න එපා , විශේෂයෙන්ම පැටවුන්ගේ පිරිසිදු කිරීම වලදි මේ ගැන අවධානයෙන් ඉන්න.
කොහොමත් කාන්තා පාර්ශවය මේ සඳහා අවදානම වැඩියි , ඒ ඔවුනගේ මුත්‍රා මාර්ගය කෙටිවිම නිසා , ඒ වගේම ලිංගික එක්වීමකදි ඇතුලු වන විෂබීජ එම ප්‍රෙද්ශයේ රැඳීමේ හැකියාව වැඩිවීම , ඒ නිසා කාන්තාවන් තම සනීපාරක්ෂක ක්‍රම සහ පවිත්‍රතාව ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට වෙනවා , ලිංගික එක්වීමකට පස්සේ ම්‍රත්‍රා බැහැරලීමත් පිරිසිදු කර ගැනීමත් මෙම ආසාදනය වලක්වා ගැනීමට වැදගත් උපක්‍රම.ගර්භනී කාන්තාවනුත් මේ සඳහා අවදානම් ඒ නම් වෙනත් හේතු කිහිපයක් ,  ගර්භාෂයේ තෙරපීමත් එක්ක මුත්‍රා සම්පුර්ණයෙන් පිටවීම නොවීම , අවහිරවිම් වගේ හේතු නිසා ඒ . සමහර උපත් පාලන ක්‍රම(Diaphram)මගිනුත් මේ තත්ත්වය කාන්තාවන්ට ඇති කරනවා.

ඒ වගේම දියවැඩියාව හෝ කාළීන ඖෂධ ගන්නා අයටත් මේ අවදානම වැඩියි  ඔවුන්ගේ ප්‍රතිශක්තිය අඩුවීමට ඇති අවස්ථාව නිසා , විශේෂයෙන්ම පිළිකා ප්‍රතිකාර ගන්නා රෝගීන් හුඟක් පරිස්සම් වෙන්න ඕන , ඒ විතරක් නොවෙයි රෝහලගත වෙලා ඉන්න අවස්ථාවේ මේ තත්ත්වය බෝවන්නටත් පුළුවන් Cross infection කියන ක්‍රමයට සෞඛ්‍ය කණ්ඩායමේ කෙනෙක්ගේ අතින්මත්.

වයස් ගතවීමත් තවත් සාධකයක් , මීට අමතරව මුත්‍රා බට (catheter) දාල තියෙන අයෙක්ටත් U.T.Iඇති වෙන්න අවස්ථාව වැඩියි  , ඒත් නිසි පිළිවෙත් මගින් එය පාලනය කරන්නත් පුළුවන් .ඒ වගේම බොහෝ S.T.D එක්ක (sexually Transmitting Diseases) එක්ක මේ නැවත නැවත ඇතිවන U.T.I  හිතවත්.ඒ එක්කම Urinary system එකේ යම් යම් විකෘතිතා ඇති අයටත් මේ අවස්ථාව වැඩියි.

හරි..දැන් මේකෙන් වලකින්නම් ....ඔව් ....හොඳට බොන්න ඕන ..ඒකිව්වේ වයසට , ප්‍රමාණවත් තරමට දියර වර්ග පානය කරන්නම ඕන , අනෙක නිසි අවස්ථාවේ මුත්‍රා බැහැරලීම හරිම වැදගත් , පල්කර කර තියා ගන්න එපා ...තමන්ගේ ශාරීරික පවිත්‍රතාව personnel hygiene හොඳින් පවත්වා ගන්න , පැටවුනට Diapers අන්දනවානම් (නොඅන්දනවා නම් වඩාත් හොඳයි , මොකද ටික වෙලාවක් ගියාම Diaper එක විෂබීජ ගුහාවක්)  අපිරිසිදු වූ අවස්ථාවේම එය ඉවත් කර පිරිසිදු කරන්න ඕන  . ලිංගික එක්වීමකට පෙර සහ පසු ලිංගික ප්‍රෙද්ශය හොඳින් පිරිසිදු කරගන්නත් මතක තියා ගන්න . එහෙම වුනොත් U.T.I. අවස්තාවක් වන  honeymoon cystitis තත්ත්වය වලක්වා ගන්නම පුළුවන් .