Search This Blog

Thursday, February 11, 2016

යෝෂිත-නිශාන්ත ඇතුළු පිරිස 25 දක්වා යළි රිමාන්ඩ්



රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අද(11) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 25 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සී.එස්.එන් නාළිකාවේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙකු පසුගියදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට මහේස්ත්ත්‍රාත්වරයා නියෝග ‍කළේය.

ඒ අනුව අද දිනයේ යෝෂිත රාජපක්ෂ,නිශාන්ත රණතුංග ඇතුළු මහතා ඇතුළු පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු ප්‍රකාශකර සිටියේය.

අද දිනයේ තම සේවාදායකයින් වෙනුවෙන් ඇප අයදුම් කළද අධිකරණය විසින් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත්,චෝදනා කරන අන්දමට යෝෂිත රාජපක්ෂ සී.එස්.එන් නාලිකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කර නැති බවත්,එසේම මෙම නාලිකාවට මිලියන 2.3ක විදේශ මුදලක් ලැබුණු බවට එල්ලවන චෝදනාවද අසත්‍යයක් බවත් විත්ති‍ පාර්ශවයේ නීතිඥ ප්‍රේමනාත් සී.දොලවත්ත මහතා පවසයි.

කෙසේ වෙතත් අධිකරණය ඉදිරියේ විමර්ශනය වන කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි,අමාත්‍ය සාගල රත්නායක මහතා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු දක්වා ඇති බැවින් එසේ කරුණු දැක්වීම ජන මනසට හා අධිකරණ මනසට එල්ල කළ බලපෑමක් වශයෙන් සලකන බවත් නීතිඥවරයා සඳහන් කළේය.

 කෙසේ වෙතත් තම සේවාදායකයන් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට කටයුතු කරන බව නීතිඥ දොලවත්ත මහතා වැඩිදුරටත් කියා සිටියි.

සරාගී Deshii අන්තර්ජාලය හොල්ලයි (ඡායාරූප)



Deshii Senadhira   නම් වූ මෝස්තර නිරූපණ ශිල්පිණියගේ නවතම ඡායාරූප පෙළ මෙන්න…..










පරිණිතාගේ වීඩියෝව ඉන්දියාවම හොල්ලයි (වීඩියෝ)


පරිනිතා චොප්රා  කියන්නේ ඉන්දියාවේ ඉන්න ප්‍රසිද්ධ සුරූපී චරිතයක්නේ. ඔන්න එයා පසුගිය දා සිංදුවක් එළියට දැම්මා. ඒ සිංදුව එක දවසින් පැය කිහිපයක් ඇතුළත විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් නරඹලා තියෙනවා. ඒ කියන්නේ එක දවසට ප්‍රේක්ෂකයින් 50,000ක් බලලා. ඒ වීඩියෝව පහතින් බලන්න.