Search This Blog

Monday, May 9, 2016

HSBC ශ්‍රී ලංකාව Up කරයි

HSBC ශ්‍රී ලංකාව Up කරයි

HSBC ශ්‍රී ලංකාව Up කරයි

HSBC විසින් සිදුකරනු ලබන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකාව negative ලැයිස්තුවේ සිට positive ලැයිස්තුව දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඩොලර් බිලියන 1.5 ණය සඳහා ගිවිසුම්ගත වීම හේතුකොට ගෙන රටේ විදේශ විනිමය සංචිතවල වර්ධනයක් සිදුවීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ නවතා තිබෙන ඉදිකිරීම් ව්‍යාපෘති ගණනාවක් යළි ක්‍රියාත්මක වීම තුළ මෙරට ඉදිරිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්තය යළි පිබිදෙන බවයි. එසේම 2015 වසරේ සංචාරක පැමිණීම 18% කින් ඉහළ ගොස් තිබීම ද සුභ සළකුණක් ලෙසින් HSBC නිරීක්ෂණය කර තිබේ.
HSBC සිය ශ්‍රේණිගත කිරීම හිදී ශ්‍රී ලංකාව ඉහළට ඔසවා තබන අතරවාරයේ දී වියට්නාමය positive ශ්‍රේණියේ සිට neutral ශ්‍රේණිය දක්වා පහත හෙළා ඇත.