Search This Blog

Monday, August 19, 2019

ඡන්ද විමසීමකින් අපේක්ෂකයා තෝරාගන්නා ලෙසට රනිල්ට යෝජනාවක්



එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ඡන්ද විමසීමකින් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරාගන්නා ලෙස ඉල්ලමින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිත යෝජනාවක් අද (19) පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබේ.

ඒ අතර නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවකින් මෙම ගැටලුව විසඳාගන්නා ලෙස තවත් මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනා කර සිටියි.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේත් ඒකාබද්ධ රැස්වීමක් කැඳවා ඡන්ද විමසීමකින් ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරාගන්නා ලෙස ඉල්ලමින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 55 දෙනෙකුගේ අත්සන් සහිත යෝජනාවක් අද පෙරවරුවේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබේ.

ඒ පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් සහ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් විසින්.‍
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ රැස්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

No comments:

Post a Comment