Search This Blog

Wednesday, November 18, 2015

ගැබ් ගැනීමක් සිදුවෙන්නේ සරු කාලයේ එක් වුණොත් විතරමද

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ලිපියකි. සම්පුර්ණ ගෞරවය එහි මුල් රචකයාට හිමිවේ.




අලුත විවාහ වුණ යුවළක් දරුවකු බලාපොරොත්තුවෙන් ලිංගිකව එක් වන්නේ නම් සැලකිලිමත් විය යුතු වන්නේ කුමක් ගැනද?
මුලින්ම ඇය දරුවකු පිළිසිඳ ගැනීමට තරම් කායිකව ශක්තිමත් වයසක (අවු. 18, 19 ඉක්මවා) පසුවිය යුතුයි.
කාන්තාවගේ ඔසප් චක්‍රය ක්‍රමිකව සිදුවිය යුතුයි.

දෙදෙනාම මානසිකවත් යහපත් තත්ත්වයක සිටීම වැදගත්ය. මෙම මූලික කාරණා සියල්ල ගැන සැලකිලිමත් වෙමින් සතියකට තුන් හතර වරක්වත් දෙදෙනා එක්විය යුතුයි.

දරුවකු බලාපොරොත්තුවෙන් යුවළකට එක් වීමට සුදුසුකම කාලය කුමක්ද?
කාන්තාවගේ මාසික ඔසප් වීම ආරම්භ වී 8 වැනි දිනයේ සිට 20 වැනි දිනය තෙක් කාලය ඇතුළත එක්වන්න. සරු කාලය ලෙස හඳුනා ගන්නේ මෙම කාල පරාසයයි.
කාන්තාවකගේ ඔසප් චක්‍රය අනුව සරු හා නිසරු කාලය හඳුනා ගන්නේ කෙසේද?

කාන්තාවකගේ මාසික ඔසප් වීම ආරම්භ වූ මුල් දින සිට ඉදිරියට ඇති දින 7 හඳුන්වන්නේ නිසරු කාලය ලෙසයි. මෙම කාලය තුළ ලිංගිකව එක් වුවද දරු පිළිසඳ ගැනීමක් සිදු නොවීමට වැඩි ඉඩකඩක් තිබීම මෙයට හේතුවයි. ඉන්පසු 8 වැනි දිනයේ සිට 20 වැනි දිනය තෙක් එක්වීමට සුදුසුම කාලය හෙවත් සරු කාලය ලෙස හඳුනා ගන්නේ මෙම කාලයේදී එක්වන විට දරු පිළිසිඳ ගැනීමක් සිදුවීමට වැඩි ඉඩකඩක් පවතින නිසාය. නමුත් ඉන් අනතුරුව එළැඹෙන 22 වැනි දින සිට 31 වැනි දිනය නැවැතත් නිසරු කාල සීමාවක් ලෙස හඳුනා ගැනේ.

ඒ කියන්නේ නිසරු කාලයේදී එක් වීමෙන් දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවන්නේද?
නිසරු කාලයේදී සිදුවන එක් වීමකින් දරු පිළිසිඳ ගැනීමක් බොහෝ විට සිදුනොවේ. නමුත් ඇතැම් විට දරු පිළිසිඳ ගැනීමක් සිදුවීමට 10%ක පමණ හැකියාවක් ඇත.
සාමාන්‍යයෙන් කාන්තාවගේ සිරුරින් (සංසේචනයට අවශ්‍ය) ඩිම්බයක් පිටවන්නේ කුමන කාල පරාසයකදීද?
සාමාන්‍යයෙන් කාන්තාවකට ඩිම්බයක් පිටවන්නේ දින 28කට වරකි. මාසිකම ඔසප් වීම ආරම්භ වීමට දින 14කට පෙර ශරීරය ඩිම්බයක් පිට කිරීමට සූදානම්ය. නමුත් මේ ක්‍රියාවලිය එක් එක් කාන්තාවගේ සිරුර අනුවද වෙනස් වීමට පුළුවන. සරු හා නිසරු කාලය තීරණය වන්නේ මේ අනුවය.
පිරිමි අයටත් එක් වීමට සරු කාලයක් තියෙනවාද?

කාන්තාවන්ට මෙන් පිරිමි අයට සරු කාලයක් නැත. මෙයට බලපාන්නේ කායික නිරෝගීභාවය හා යහපත් මානසිකත්වයයි.
කාන්තාවන් මෙන්ම පුරුෂයන්ද සැලකිලිමත් විය යුතු වන්නේ කුමන කාරණා සම්බන්ධයෙන්ද?
• ශරීර ස්කන්ධය සාමාන්‍ය මට්ටමක පවත්වා ගැනීම (ඕර්ධ් අගය)
• කම්මුල්ගාය වැලඳී ඇත්නම් පුරුෂ ධාතු පරීක්‍ෂා කර ගැනීම.

• වයස අවුරුදු 35ට වැඩියි නම් මාස 6ක් පමණ එක්වූ පසුවත් දරු පිළිසිඳ ගැනීමක් නොවේ නම් පරීක්‍ෂා කර ගැනීම.
ශුක්‍රාණුවකට ස්ත්‍රී ලිංගික පද්ධතියක් තුළ දින කීයක් ජීවත් විය හැකිද?
සාමාන්‍යයෙන් පැය 72කි. ඉන්පසුව එහි සක්‍රියතාවක් නොමැත. නමුත් ඩිම්බයක් සක්‍රිය වන්නේ පැය 12 - 20 අතර කාලයකදී පමණි.
ගැබ් ගත් බව හඳුනා ගැනීමට කොපමණ කාලයක් ගත වෙයිද?
සාමාන්‍ය මාසික ඔසප් චක්‍රය නැවැතී දින 45කින් පමණ පරීක්‍ෂා කළ විට මෙය නිසියාකාරවම තහවුරු කර ගැනීමට හැකියි. ඊට පෙර පරීක්‍ෂා කිරීමෙන් නිශ්චිතව තහවුරු කරගත නොහැකියි.

ගැබ්ගත් බව නිවැරැදිව හඳුනා ගන්නේ කෙසේද?
මාසිකව ඔසප් වන දිනය පසුවී දින 45ක් ඉක්ම ගිය පසු මුත්‍රා පරීක්‍ෂාවකින් හෝ ස්කෑන් පරීක්‍ෂණයකින් මේ බව තහවුරු කර ගැනීමට පුළුවන.
මාසික ඔසප්වීම නැවැතී කලලයක් හට ගැනීමට දින කීයක් ගතවෙනවද?
ඔබට අවසන් වරට මාසික ඔසප්වීම සිදුවුණු දින සිට දින 14කින් පසුව පිළිසිඳ ගැනීම සිදුවේ. කලලයට සති 3ක් වූ විට ඔබට මෙය පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමට හැකි වෙයි.

No comments:

Post a Comment