Search This Blog

Saturday, November 28, 2015

Wi-Fi වලට වඩා 100 ගුණයක් වේගවත් Li-Fi

 අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ලිපියකි. සම්පුර්ණ ගෞරවය එහි මුල් රචකයාට හිමිවේ.

Wi-Fi වල ඉදන් Li-Fi වලට මාරු වෙන්න කාලේ හරි වගෙයි නේද. නමුත් ඒකට නම් තව ටික කාලයක් ඉවසන්න වෙනවා. මොකද Li-Fi තාම පරීක්ෂණ මට්ටමෙයි පවතින්නේ. Li-Fi කියන්නේ වර්තමානයේ පවතින Wi-Fi වල සාමාන්‍යය වේගයට වඩා 100 ගුණයක් වේගවත් තාක්ෂණයක්. ප්‍රථම වතාවට මෙය විද්‍යාගාරයෙන් පිටත පරික්ෂා කර තිබෙනවා, රැහැන් රහිත විශ්මය දනවන වේගයක් ලබාගනිමින් එය සාර්ථක වී තිබෙනවා.
Li-Fi කියන තාක්ෂණය රැහැන් රහිත දත්ත හුවමාරුව සඳහා ආලෝකය යොදා ගන්නවා. කෙටියෙන් කිවහොත් Li-Fi කියන්නේ Wi-Fi සඳහා වූ අධිවේගී විකල්පයක්. වසරේ මුල විද්‍යාගාරය තුල විද්‍යාඥයයන්ට හැකියාව ලැබුනා තත්පරයට ගිගා බිට්ස් 224 ක දත්ත හුවමාරු වේගයක් මේ හරහා ලබා ගන්නට. මේ තාක්ෂණය වෙළඳපොලට පැමිණි විට අපි දැනට අන්තර්ජාලය භාවිතා කරන ආකාරය වෙනස් වෙනවා නොඅනුමානයි. Velmenni නම් සමාගමක් සමත් වුනා මේ තාක්ෂණය විද්‍යාගාරයෙන් පිටතට ගෙන සැබෑ ලෝකයට ගෙන එන්නට.


ගිගා බයිට් 1 ක දත්ත ප්‍රමාණයක් තත්පරයක් තුල සම්ප්‍රේෂණය කරන්නට මෙහිදී සමාගම සමත් වී තිබෙනවා. මේ වේගය Wi-Fi හරහා ලබා ගත හැකි සාමාන්‍යය වේගයට වඩා 100 ගුණයකට වැඩියි. Wi-Fi සංඥා මෙන් නොව, Li-Fi ආලෝකය මුලික කරගන්නා තාක්ෂණයක් නිසා බිත්ති ආදීය හරහා ගමන් කිරීමට නොහැකියි. එබැවින් වඩා වැඩි ආරක්ෂාවක් සැලසෙනවා.
මේ Li-Fi තාක්ෂණය හඳුන්වා දුන්නේ ජර්මානු ජාතික භෞතික විද්‍යාඥයයකු වන Harald Haas විසින් 2011 වසරේදීයි. ඔහු විදුලි බුබුලක් රැහැන් රහිත router එකක් ලෙස භාවිත කිරීමේ හැකියාව පෙන්වා දී තිබෙනවා. ඔහු 2011 වසරේදී සිදු කල එම කතාව පහත වීඩියෝවෙන් දැක්වෙනවා.


No comments:

Post a Comment