Search This Blog

Saturday, November 14, 2015

ප්‍රංශ ප්‍රහාරය ගැන ජනපති ශෝකවෙයි

ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රංශ ජනාධිපති ෆැංෂුවා හොලන්ඩේ මහතා වෙත ශෝක පණිවුඩයක් නිකුත් කර තිබේ. ජිවිත හානි ගණනාවක් සිදු කරමින් තවත් විශාල සංඛ්‍යවකට තුවාල සිදු කරමින් ඊයේ ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිය බලවත් ශෝකය ප්‍රකාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කර ඇත. ප්‍රංශ රජයටත් ජනාතාවටත් මියගිය අයගේ සහ තුවාල ලැබූවන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙනුත් ශෝකය පල කිරිමට ශ්‍රී ලංකා රජය සහ ජනතාව ද තමා සමඟ එක්වන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත. ත්‍රස්තවාදයෙන් කාලයක් පුරා දැඩි පීඩාවිදි රටක් ලෙස ශ්‍රී ලංකාව මෙවැනි ත්‍රස්ත ක්‍රියා හෙලා දකින බව ද ජනාධිපතිවරයා පවසා තිබේ. ත්‍රස්තවාදි සහ අන්තවාදි ව්‍යවසනයන් දුරු කිරිමට ජාත්‍යන්තර ප්‍රජාව සමග එක්ව කටයුතු කිරිම අත්‍යාවශ්‍ය බව ජනාධිපතිවරයා සිය නිවේදනයේ සදහන් කර ඇත. එමෙන්ම මෙම ශෝක ජනක අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය සහ ජනතාව ප්‍රංශ රජය සහ ජනතාව සමග ශෝකය බෙදාගැනිමට එක්ව සිටින බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ. මේ අතර පැරිස් නුවරට එල්ල වූ ම්ලේච්චි ත්‍රස්තවාදි ප්‍රහාරය පිළිබඳව කණගාටුව පල කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ප්‍රංශ අග්‍රාමාත්‍ය මැනුවෙල් වෝල්ස් මහතා වෙත ලිපියක් යොමු කර ඇත

No comments:

Post a Comment