Search This Blog

Monday, November 16, 2015

ප්‍රථම වරට ශේෂාද්‍රිගේ සිද්ධිය ගැන ප්‍රියසාද් පාර්ශවයෙන් ප්‍රකාශයක් මෙන්න

මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි මගින් වැඩි කතාබහකට ලක්ව ඇති ශේෂාද්‍රි සම්බන්ධයෙන් කාගේත් අවධානය යොමු වී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ඇගේ සැමියා වන සම්පත් ද සිල්වා සමග ඇය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සමගයි. ඔහු මාධ්‍ය වෙත පවසා තිබුණේ ශේෂාද්‍රි සහ සම්පත් ගේ මෙම විවාහයට වසර දෙකක් ගතවීමට පෙර මෙලෙස බිඳ වැටී ඇති බවයි.වැල්ලවත්ත ප්‍රදේශයේ සුපිරි මහල් නිවසක හය වැනි මහලේදී තවත් පිරිමියකු සමග ඇයව හසුවූ බවත් තමන් එම ස්ථානයට ගියේ පොලිසිය සමග බවත් සම්පත් මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණා. කෙසේ වෙතත් ශේෂාද්‍රිගේ පාර්ශවයෙන් අදාළ සිදු වීම සම්බන්ධව කිසිදු ප්‍රකාශයක් සිදු කර තිබුණේ නැහැ. එහෙත් ඇයගේ පවුලේ නීතීඥවරයා වරයා මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනයක් වෙත අදහස් පළ කර තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව නීතීඥවරයා පවසා ඇත්තේ ශේෂාද්‍රි සම්පත්ගේ නිවසෙන් පැමිණ තිබුණේ මැයි මස 29 වනදා බවත් ඉන් පසු දෙමාපියන් සමඟ නිවසේ සිටි ඇය ජූනි මාසයේ සැමියාගෙන් වෙන්වීමට දික්කසාද නඩුවක් දැමූ බවයි. මෙහි පළමු නඩුවාරය සැප්තැම්බර් මස 17 වනදා පැවති අතර ඊළඟ නඩුවාරය දෙසැම්බර් මස පැවැත්වීමට නියමිඔතව තිබෙනවා. මේ අතර ශේෂාද්‍රි මේ දිනවල ව්‍යාපාරයක් පටන් ගැනීමට සුදානම් වන බවට වාර්තා වනවා.

No comments:

Post a Comment