Search This Blog

Saturday, November 14, 2015

ප්‍රංශයේ සන්නද්ධ ප්‍රහාරයක් - ශ්‍රී ලාංකිකයින්ට අනතුරක් නෑලු!

ප්‍රංශයේ පැරිස් නුවරට එල්ලවූ ත්‍රස්ථ ප්‍රහාරයකින් පුද්ගලයින් 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ස්ථාන කිහිපයකට එකවර අදාළ ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බරපතළම ප්‍රහාරය එල්ල වී ඇත්තේ පැරිස් හි පිහිටි ‘බැටක්ලාන්‘ නැමැති රංග ශාලාවකට බව සඳහන්ය. ඊට කඩා වැදුණු තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ප්‍රහාරය එල්ල කර තිබේ. එහිදී එහි සිටි තවත් සියයකට අධික පිරිසක් තුවක්කුකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිකුත් කෙරෙන නවතම වාර්තා වලට අනුව ප්‍රාණ ඇපකරුවන් පිරිස මුදාගෙන ඇති අතර තුවක්කුකරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. පැරිස් නගරයේම පිහිටි තවත් අවන්හලකටද එම මොහොතේම ප්‍රහාරයක් එල්ල වී තිබේ. එමෙන්ම ‘ස්ටේඩි ෆ්‍රාන්ස්‘ නැමැති ක්‍රිඩාංගණයටද ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ල වී ඇති බව සඳහන්ය. එහි සිටි තිදෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි. සිකුරාදා රාත්‍රියේ ජනතාව වැඩි වශයෙකන් එක්රැස්වන ස්ථාන ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල වී ඇති බව ප්‍රංශ බලධාරීන් පවසයි. මේ වන විට ප්‍රංශය තුළ හදීසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත්කර ඇති බවද වාර්තා වෙයි. එමෙන්ම අදාළ ප්‍රහාර වලින් ප්‍රංශයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට මේ වන විට අනතුරුක් වී නොමැති බව ප්‍රංශයේ ශ්‍රී ලාංකික තනාපතිවරයා සඳහන් කරයි. එහි සිටින ලාංකිකයින් ගැන විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් 0033789238926 යන දුරකථන අංකයෙන් විමසන ලෙස ඔහු සඳහන් කරයි.

No comments:

Post a Comment