Search This Blog

Sunday, November 15, 2015

මොලය හා නිවන

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ලිපියකි. සම්පුර්ණ ගෞරවය එහි මුල් රචකයාට හිමිවේ. නිවන යන්න කුමක් දැයි අපි දන්නේ නැත .ඒ එය අපි අත් විඳ නොමැති නිසාය .එක ලබා ගත්තෙකු අපට කිසිඳා හමු වන්නේ ද නැත .. 2014 දී නිකුත් වූ lucy සිනාමා පටය දෙතුන් වතාවක් බැලුවම අපේ අගම ගැන යමක් හිතන්නට හිතුනා .මම මේ උත්සහ කරන්නේ බුදු දහම බටහිර විද්‍යාවට ලගු කරන්න නොවෙයි .සිනමා පටයේ පෙන්නනේ විද්‍යා ප්‍රබන්ධයක් මිස පරම සත්‍ය නොවේ .නමුත් සිතන්නට නම් බොහෝ දේ තිබෙනවා මුලින් මේ සිනමා පටය ගැන යමක් කියමු .මෙහි ලුසි නම් තරුනියට වෙන අකරතැබ්බයක් නිසා මත් ද්‍රවයක් නිසා ස්න්‍යායු අදිකව උත්තේජනය වෙලා සීග්‍රයෙන් නියුරෝන අවදි වෙන්නට පටන් ගන්නවා .. මැය මෙය 100% මොලයේ ක්‍රියාකරීත්වය දක්වා ද්යුණු කරණවා .ඔබ මෙය හොදින් වටහා ගන්නට නම් නැරඹිය යුතුම වෙනවා සිංහල උප සිරැසිත් බයිස්කෝප් එකේ තියෙනවා . මම මේකේ මොලයේ එකක් එක මට්ටමේ ක්‍රියා කාරීත්වය ගන්නම් 5%----------- සාමාන්‍යයෙන් බොහෝ සතුන් තම මොලයේ ධාරිතාවයෙන් බාවිතා කල හැකි ප්‍රමාණය 10-15%----------මෙය මිනිසාගේ සාමාන්‍ය තම මොලයේ ධාරිතාවයෙන් බාවිතා කල හැකි ප්‍රමාණය අපි මෙතෙක් දකින මේ විශ්ව කර්ම නිර්මාණය කලේ මොලෙයේ මේ තරම් අඩු ප්‍රතිශතයක් බාවිතා කරගෙන 20%----------ඩොල්පින් මාලුවට පූලුවන් මිනිසාට වැඩි ප්‍රමාණයෙන් මොලය බාවිතා කරන්න .ඩොල්පින් ට පුලුවන් තරංගසමග වැඩ කරන්න ..ඩොල්පින්ගේ මොලයට පුලුවන් අති ධ්වනි හදුනා ගන්න වගේම පිට කරන්න ..මේ මට්ටමේදී මිසෙකූට පුලුවන් තම ශරීර්යේ පාලනය තමන් අතට ගන්න 28%---------.වෙද්දි පුලුවන් කෙනෙක්ගේ හිත කියවන්න ..ඒ වගේම කිසි හැඟීමක් හෝ බැඳීමක් දැනෙනේ නෑ ..මූලික ශක්තීන් වෙන ආලෝකය .විද්යුත් තරංග ආදිය මනසින් (හෝ මොලයෙන් )පාලනය කල හැකි වෙනවා ...මේ මට්ට්ම ගණිතය විද්‍යාව සියල්ල අබිබවා යනවා 30%--------- මේ මට්ටමේදී යම් තැනක සිට යම් තැනක වෙන දේ බලන්නට පුලුවන් .ඒ වගේම .වෙනත් අයව පාලනය කරන්නට පුලුවන් 40%----------- භෞතික වස්තු පාලනය හැකි වෙනවා 50%----------- වෙන විට මෙතෙක් කල හැකි වූ සියල්ල ඉතා වේගයෙන් මෙන්ම වැඩි ප්‍රමාණයකින් කරන්න පුලුවන් වෙනවා 90%---------- මේ වන විට කාලය හරහා මනසට ගමන් කිරීමේ හැකියාව .. ක්ශනයෙන් ඔනේම තැන කට යාමේ හැකියාව ලැබෙනවා 100%--------- සම්පූර්නයෙන් ස්කන්දයක් නැතිවෙලා ශක්තියක් බවට හැරෙනවා මේ ශරීරය මේ චිත්‍ර පටය ඉවර වෙනකොටම මට දැනුනේ නිවන හා මේ මොලයේ වෙන දියුනුව අතර යම් සම්බන්දයක් තියෙන බව .ගැඹුරින් බැලුවොත් බුදු දහමේ මනස යන්න ට තවමත් නිර්වචනයක් නොමැති නිසා මොලයේ දියුණුව මනසේ දියුනුවක් ලෙස අරගෙන තමයි මම මේ සිතුවිල්ල ඉදිලයි . බෞද්ධ දර්ශණයට අනුව අපට යා හැකි උපරිමය තමයි නිවන් ලැබීම මේ නිවන යනු ..නැවත ඉපදීමක් නොමැති වීම .නැත්තං ආත්මයක් නොමෙති වීම ... සරලව හිතුවොත් මනසක් හා ශරීරයක් යන සීමා වලින් ඉවත් වෙලා .නිදහස් වීම .දැන් දන්න විද්‍යාවට අනුව ශක්තියක් බවට පත් වෙලා විශ්වයට නිකුත් වීම . මේ අවස්තාව කෙනෙකුගේ මොල්යේ 100% ලෙස හිතන්න බැරිද ?. මේ සිනමා පටයේ ලුසී නිවන් දකිනවා කියන්න උත්සහ දරනවා නෙවෙයි .ඇය අවසානයේ ...ස්කන්දයෙන් හා මනසින් තොර ශක්තියක් බවට පත් වෙනවා ... මොලයේ යම් යම් මට්ටම් වලදී .පුබ්බේ නිවාණානුස්සති ,චුතුපපාතී ,ආසවඛ්‍ය වැනි තත්ව 90%-100% සංවර්ධිත මොලයකට ලැබෙනවා ... නිවන් මග කියන්නේ මොලේ නැත්තම හිතේ බාවිතා වන පරිමාව වැඩි කිරීමේ ප්‍රතිපලයක් කියලයි මගේ අදහස . විද්‍යාවට හිත යන්න මොලෙන් වෙනකර හදුනා ගන්න අමාරු වෙලා තිබ්බට ..මොලේ කියන්නේ පරිගනකයක් නම් හිත කියන්නේ එම පරිගනක ය හරහා පිවිසෙන සයිබර් අවකාශයක් වෙන්න පුලුවන් නේද ? මේ ගැන ඔබේ අදහසත් කියන්න

No comments:

Post a Comment