Search This Blog

Friday, January 8, 2016

ලිංගිකත්වයේ අවශ්‍යයතාවය…(need of sexuality)

අන්තර්ජාලයෙන් කරුණු උපුටා ගෙන සකස් කරන ලද ලිපියකි.

sex in sinhala




මානව ලිංගිකත්වය හා ප්‍රජනනය යනු එකිනෙකින් වෙන්කර ගැනීමට අපහසු වු කරුණු දෙකක් වේ. වඩා වැදගත් වන්නේ ලින්ගිකත්වයද එසේත් නැතිනම් ප්‍රජනනයද යන්න පිලිබඳ මාගේ අදහස කුමක් වුවද මානව පැවැත්මේ මුලික අරමුණ වන ප්‍රජනන්යෙන් ඔබ්බට ගොස් ලිංගිකත්වය තුලම හිස ගල්වාගෙන පවත්වාගැනීම කොතරම් වැදගත් වේ දැයි සිතීම ඔබටම භාරකරන්නට සිත්නි. එබැවින් ඒ පිලිබඳ ඔබම මදක් සිතා බලන්න. කෙසේ වුවද මිනිසා නම් ජීවියාගේ පැවත්මට ප්‍රජනනයට වඩා ලින්ගිකත්වය ඉතා වැදගත් සාධකයක් බවනම් නොරහසකි.

ලිංගිකත්වය වැදගත්වන්නේ ඇයි…(importance of sex)

ඔබ කුඩා වසු පැටවෙකු දැක ඇත්නම්, එසෙත් නැත්නම් වෙනත් ඕනැම ක්ෂිරපායි සතෙකු සැලකුවද පොඩු ලක්ෂණය වන්නේ උපන් මොහෝතේ පටන් ඔවුන් ස්වාධීනත්වය සොයා ගමන් කරන බවයි. දෙමාපියන්ගෙන් ඔවුනට ලැබෙන්නේ ඉතා සුලු උපකාරයක් පමණි. එසේත් නැතිනම් නැති තරම්ය. මිනිස් දරුවා ඉපදී අවුරුදු එකකින් ඇවිදින විට වෙනත් එකෙකු පැයකටත් වඩා අඩු කාලයකින් ඇවිදීම අරබන්නේ එසේ නොකරන එකෙකු උපන් මොහොතේම ස්වාභාවික වරණයට ලක්වීමට ඉඩ හසර සලසමිනි.

ඉතින් මෙවන් ස්වාභාවිකවරනයෙන් බැහැරට ගිය ජීවියෙකු ඇතිදැඩි කිරීම මවකට පමනක් පහසුවෙන් කල හැකි කරුණක් නොවිය හැකිය. එබැවින් පියගේද සහය ඒ සඳහා ලබා ගැනීමට ඇති සාධකය වන්නේ ලිංගිකත්වයයි. එකම ගර්භනීකාලයක් ඇති මිනිසා හා හරකා යන දෙදෙනාගේ මද කිපීම හා ආර්තව චක්‍රය ගතහොත් ඉතා විශල වෙනසක් පෙන්වයි. මෙයට හේතුවන්නේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා දීර්ඝ කාලීනව පවත්වා ගැනීම මිනිස් දරුවාගේ පැවැත්මට වැදගත් වන බැවිනි.
එහි අවසන් ප්‍රතිඵලය ලෙස මිනිසා හා ලිංගිකත්වය දෙකක් නොව එකක් බවට පත්ව ඇත.

ලිංගිකත්වය හා සමාජ සම්බන්ධතා…(benefit of sex for the society)

එසේ සලකන කල මිනිස් සමාජය තුල ප්‍රජනනයට වඩා ලිංගිකත්වය ඉස්මතුවන්නේ වඩා වැදගත් සමාජ සබදතා තුලින් තම ආරක්ෂාව හා පැවැත්ම තහවුරු කර ගැනීමට නොවේද්..? මගේ අදහසනම් එය එසේ විය යුතු යන්නයි. එයට හේතු බොහොමයක් වුවද කිහිපයක් පමනක් සලකන්නට සිතුනි. එහි පලමු වැන්න වෙනකක් නොව කලින් සඳහන් කල දරුවගේ වර්ධනය සඳහා මවුපිය දායකත්වයයි. ඒ තුල ගොඩ නැගෙන ආදරය මුල්කරගත් බැදීම බොහෝවිට ජීවිතයේ අවසන දක්වා ‍රැදී නොපවතින්නේ ඉතා ස්වල්පයක් වු මමත්වය හා මුල අමතක වීම වැනි කුහක ලක්ෂණ පවතින පුදගලයන්ගේ පමණි. ඒ තුල දරුවාගේ මෙන්ම වැඩිහිටි කල දෙමාපියන්ගේද ආරක්ෂාව ස්ථාපනය වේ.
human relationship in sinhala
එහි දෙවැන්න වන්නේ විවාහයයි. අද කෙසේ වුවද එදා විවාහය ප්‍රජනය සඳහා අවස්තාවකට වඩා සමාජ කොටස් දෙකක් අතර සබදතා ගොඩනගා ගැනීමට හේතු වු බව පැහැදිලිය.

මානව ලිංගිකත්වය තුල මතුවන විෂම ලක්ෂණ…..(abnormal sexual functions)

කවුරුන් කෙසේ කීවද මානවයාද තවත් එක් වනචාරී ජීවියෙකු පමණි. ඔහුගේ එම සිත ප්‍රඥව නැමති තිර කඩකින් වැසීතිබීම නිසා එම ලක්ෂණය පිටතට දිස්වීමක් නොමැත. එසේවුවද ලිංගිකත්වය තුල විටෙක සෞම්‍යබව මෙන්ම විටෙක රවුද්‍ර බව කැටි වන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසය. විටෙක ආදරණීය චරිතයක් වන පුද්ගලයෙක් තවත් විටෙක ඉතා රවුද්‍ර කොටියෙකු වීම නොවැලැක්විය හැකිය. එය තුල අනෙකුත් සතුන්ට වඩා ලිංගික ක්‍රියාවලිය තුල මිනිසාගේ අපුර්වත්වය ‍රැදී පවතී.

සමාජය තුල මතුවන විෂම ලිංගික ලක්ෂණ….(abnormal sexuality seen in society)

ලිංගිකත්වය තුල මෙය සුදුසුය මෙය නුසුදුසුය යන්න සඳහා සීම මායිම් නොමැති වුවද ඉතා ප්‍රාථමික සමාජයක් තුල වුවද එය යම් නීති දාමයකට කැටිකොට ඇත. උදාහරණයක් වශයෙන් ශ්‍රි ලන්කීය නීතියට අනුව ලිංගික ක්‍රියා ප්‍රජනනය සඳහා පමනි. ඒ තුල යෝනී සංසර්ගය (peno-vaginal sex) හැරෙන්නට වෙනකකට ඉඩක් නැත. ඒ අනුව බලන කල සමාජීය වශයෙන් සැලකීමේදී සමාජෙයේ පැවැත්මට හානිකර ලින්ගික ක්‍රියා පොදුවේ විෂම ලිංගිකත්වය ක්‍රියාකාරෙත්වයන් ලෙස හදුන්වාදිය හැකිය. මා මෙහිදී විෂම යන්නෙන් අදහස් කරන්නේ Abnormal sexuality මිස Hetero-sexuality නොවේ. එවැනි ක්‍රියාවල යෙදෙන්නම් එක්තරා ආකාරයක මානසික රෝගීන් ලෙස හඳුනාගැනීම සිදුකරයි (Sexual dis-inhibition).
animal sex in sinhala

විෂම ලින්ගිකත්වය සමඟ බැදුනු මානසික රෝග…(psychological disorders related to sex)

මෙතෙක් කතාකල විෂම ක්‍රියාකාරීත්වය සඳහා උදාහරණ ලෙස සම ලිංගික සේවනය, ලමා අපචාර, වැනි තත්ත්ව බහුලව සැලකිය හැකිය. අද මාගේ ප්‍රධාන අවදානය යොමුවන්නේ ළමා අපචාර වෙතය. ශ්‍රි ලාංකික නිතිය අනුව අවුරුදු 16ට අඩු දරුවන්ට ලිංගික ක්‍රියා සඳහා අවසර දීමක් කල නොහැකිය. මන්දයත් ඒ සඳහා අවශය තරම ලිංගික මෙනම මානසික පරිනතභාවයක් ඔවුන් තුල නැත. එසේනම් ඉතාකූඩා කාලයේම විවාහ කරදෙන රටවල දරුවන්ට එය ඇත්දැයි ඔබ විමසනු ඇත. ඒ පිලිබඳ මා තුල අවබෝදයක් නොමැති නමුත් එය එම සංස්කෘතිය තුල පවතින නොහික්මුන බව ප්‍රකාශ කරන බවනම් පැහැදිලිය.
පසුගිය කාලය තුල මෙවැනි ළමා අපචාර නිසා ජීවිතයෙන් පවා වන්දිගෙවු දරුවන් ඇතිබව නොරහසකි. එසේ වුවද දීර්ඝ කාලීනව ඔවුනට ලැබැන මානසික හා සාමජීය අපහසුතා සම්බන්ධයෙන්ද ඇතිවු අවදානය බොහෝ අඩුය. මෙය අප සමාජය තුල කෙමෙන් වර්ධනය වන තත්ත්වයක් බවට පත්ව ඇති බවනම් පැහැදිලිය.

ලින්ගිකත්වයේ අපේක්ෂා ඉ‍ටුවීද..? (have we reached the benefits of human sexuality)

මා මුලින් සඳහන් කල පරිදි ලිංගිකත්වය යනු සමාජයේ ආරක්ෂාව සඳහා ඇතිවූ යාන්ත්‍රනයක් වැනිය. එය තුල සමාජ සම්බන්ධතා වලට බාධාවක් ඇතිවීනම් එහි ප්‍රතිඵලය ලැබී නැත. එනම් අපි නැවත ප්‍රඥවෙන් තොර ආනන්දයක් සොයා යන බව පැහැදිලිය. තවද ආනන්දය ඉපදීමට ප්‍රඥවද පැවතිය යුතුය. එලෙස ප්‍රඥවක් නොමැති තැන ඇති වන්නේ සතුටක් පමනි. නමුත් මෙය ආනන්දයක් ලෙස දැකිය නොහැක.


(මෙය ලිවීම සිදුවුයේ ගූගල් සමාගම අලුතෙන් හදුන්වාදුන් ළමායින් සම්බඳ ලින්ගික දර්ශන අන්තර්ජාලයෙන් ඉවත්කිරීම සම්බන්ධව ලියවුනු ලිපියකට අදාලවය- මෙය ඉතා පැසසිය යුතු කරුනක් ලෙස දකින්නට කැමැත්තෙමි.)

No comments:

Post a Comment