Search This Blog

Friday, January 15, 2016

අඩුවෙන් නිදාගත් විට අපේ ශරීරයට මොකද වෙන්නේ?



නින්දේ ඇති වැදගත්කම මේ කාලයේ ඉතාමත් ජනප්‍රිය මාතෘකාවක් වෙලයි තිඛෙන්නේ. ඒ අපි අඩුවෙන් නිදාගන්න එක අපේ සමාජයේ ගොඩක් ලොකු ගැටළුවක් වෙමින් තිඛෙන නිසයි.

අපි ඇතිවෙන්න නිදාගත්තහම අපිට පුළුවන් නැවත ජවයක් ලබාගෙන ඵලදායි හොද සෞක්‍ය සම්පන්න විදිහට අවදි වෙන්න. එත් අපිට මේ හැම දෙයක්ම කරන්න වෙලාවක් නැති වෙන්න පුළුවන් අපි රෑ ඇහැරගෙන වැඩ කරනවා වෙන්න පුළුවන්.

එක් එක් වයස් සීමාවන් සදහා නිදාගත යුතු කාලසීමාවන් පහත ආකාරයට හදුන්වලා දෙන්න පුළුවන්. ඔයාලත් මොන වයස සීමාවේද ඉන්නේ කියලා බලන්න.

• වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්• පැය 7-8 අතර
• වයස අවුරුදු 26-64 අතර වැඩිහිටියන්• පැය 7-9 අතර
• වයස අවුරුදු 18-25 අතර තරුණ පුද්ගලයන්• පැය 7-9 අතර
• වයස අවුරුදු 14-17 අතර නව යොවුන් වියේ පුද්ගලයන්• පැය 8-10 අතර
• වයස අවුරුදු 6-13 අතර පාසල් දරුවන්• පැය 9-11 අතර
• වයස අවුරුදු 3-5 අතර පෙර පාසල් දරුවන්• පැය 10-13 අතර
• වයස අවුරුදු 1-2 අතර සිගිත්තන්• පැය 11-14 අතර
• වයස මාස 4-11 අතර අත දරුවන්• පැය 12-15 අතර
• වයස මාස 3 ට අඩු අළුත උපන් දරුවන්• පැය 14-17 අතර

අපි අඩුවෙන් නිදාගත්තහම අපේ මොලයේ තිඛෙන සුදු පදාර්ථ වෙනස් වීමකට පත්වෙලා අපේ ජාන වලට බලපෑමක් ඇති වෙනවා. වාසනාවකට වගේ අපේ ශරීරයට හැකියාව තිඛෙනවා, අපි හොදට නිදාගත් විට තනියම අළුත්වැඩියා වෙන්න. සමහර විට අඩුවෙන් නිදාගත් විට ඇතිවෙන රෝග ටික කලක් ගිය විට තමයි මතුවෙන්නේ.

අපි අඩුවෙන් නිදාගත් විට අපේ ශරීරයට මොකද වෙන්නේ?
අපිට ප්‍රමාණවත් ආකාරයට නින්ද නොලැබුණු විට අපේ මොලයට විතරක් නෙමෙයි හානි වෙන්නේ. ඒක විවිධ විදිහට බලපාන්න පුළුවන්.

• අපිව අසනීප වෙනවා
ප්‍රතිශක්තීකරණ පද්ධතියත් අඩුවෙන් නිදා ගැනීමත් අතර ඍජු සම්බන්ධතාවයක් තියනවා. අඩුවෙන් නිදාගැනීම මගින් රෝග ඇතිවීමේ අවදානමක් තිඛෙනවා.
• අපිට සිතීමේ ගැටළු ඇතිවෙනවා
අපිට ප්‍රමාණවත් නින්දක් නොලැබුණු විට අපේ තීරණ ගැනීමේ හැකියාව අඩුවෙනවා, ගැටළුවක් විසදා ගැනීමේ හැකියාව අඩුවී යම් දේයකට ප්‍රතිචාර දැක්වීමට කාලය වැය වෙනවා.
• අපේ බර වැඩි වෙනවා
අඩුවෙන් නිදාගැනීම සහ බර වැඩිවීම අතර තියන සම්බන්ධය ඉතා ප්‍රසිද්ධයි. රෑට පැය පහකට වඩා අඩුවෙන් නිදා ගන්න පුද්ගලයෙකු මහත වැඩිවී තරබාරු වීමේ අවදානමක් තියනවා.
• අපි ඉක්මනට වයසට යනවා
වැඩිහිටි වියේදී අඩුවෙන් නිදා ගැනීමෙන් සම රැලි වැටී සම මත පැල්ලම් හටගෙන වයස වැඩියෙන් පෙනීමට පටන් ගන්නවා.
• අපි අපේ හදවත හානි කරගන්නවා
අඩුවෙන් නිදාගැනීමෙන් අපේ හදවතට හානි සිදු වෙනවා. එමගින් හෘද රෝග ඇතිවීමේ අවධානමක් තියනවා.
• අපි පිළිකා සැදීමේ විශාල අවධානමකට මුහුණ දෙනවා
පිළිකා රෝගින් පැය හතක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් නිදා ගැනීමෙන් මරණ අනුපාතය අඩු වෙලා තියනවා.
• අපේ ලිංගික ආශාව අඩුවෙනවා
අපි පැය පහකට වඩා අඩුවෙන් නිදා ගැනීමෙන් අපේ ලිංගික හෝමෝන මට්ටම 15% කින් පහල බහිනවා. ඒවගේම ලිංගිකව එක්වීමට ඇති ආසාවද අඩුවී යනවා.
• අපිට ඉක්මනටම අමතක වෙනවා
අපි නිදාගන්නා විට අපේ සිතේ තිඛෙන දේවල් නැවත නැවත සිහිපත් වෙනවා. අපි අඩුවෙන් නිදා ගන්නා විට එම තත්වයට බාධා ඇතිවී යම්කිසි දේවල් ඉක්මනින්ම අමතක වී යනවා.

නින්ද කියන්නේ කෙටි විවේකයක් විතරක් නෙමෙයි නිසිපරිදි නිදා ගැනීම අපේ සෞඛය්‍යට ඉතාමත් විශාල ලෙස වාසි අත් කරගන්න පුළුවන්. ඔබට නිරෝගී සහ දිගු දිවියක් ගත කිරීමට ප්‍රමාණවත් පරිදි නිදා ගන්න.

No comments:

Post a Comment