පෙබරවාරි පළමුදා සිට ජංගම දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ ගාස්තු වෙනස් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව(TRCSL) තීරණය කර තිබෙනවා. මෙහි අරමුණ වී තිබෙන්නේ සියලුම සේවා සපයන්නන් හට පොදු ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීමයි. විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව නිකුත් කල චක්‍රලේඛනයට අනුව කෙටි පණිවිඩ(SMS) පවතින සත 10 යේ සිට සත 20 දක්වා ඉහල යනු ඇත. ඒ වගේම එකම ජාලය තුල ලබා ගන්නා ඇමතුමක් සඳහා වන ගාස්තුව පසු ගෙවුම් පාරිභෝගිකයන්ට සත 50 කින් වැඩි වෙනු ඇත. ඒ අනුව නව අගය රු:1.50 කි. පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට වෙනත් ජාලවලට ලබා ගන්නා ඇමතුමකට(විනාඩි 1ක් සඳහා) මෙතෙක් අය කල රුපියල් 2.50ක ගාස්තුව රුපියල් 1.80 ක් දක්වා පහල යනු ඇත. නමුත් ජාලය තුල මෙතෙක් විනාඩියක ඇමතුමකට අය කල ගාස්තුව රුපියල් 1.50 සිට 1.80 දක්වා වැඩි වෙනු ඇත.
සමස්තයක් විදියට මේ නව වෙනස්කමට අනුව මෙතෙක් ජාලය තුල සහ ජාලයෙන් පිටත ලෙස අය කෙරුණු වෙනස් ගාස්තු අහෝසි වෙනු ඇත. ඒ වෙනුවට පොදු ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

No comments:
Post a Comment