Search This Blog

Thursday, December 31, 2015

2015දී මුළු ලොවේම අවධානය යොමුවූ දුර්ලභ ඡායා රූප එකතුවක්!

2015 වසරේදී ලොවපුරා ජනතාවගේ වඩාත් අවධානයට ලක්වූ සිද්ධීන් ගණන අපමණය. සතුට ප්‍රීතිය දනවන පුවත් මෙන්ම දුක වේදනාව දනවන පුවත්ද ඒ අතර ඕනෑ තරම්ය. මේ වසරේදී එනම් 2015 වසරේ ලොවපුරා ජනයාගේ වඩාත් අවධානයට ලක්වූ ඡායා රූප පෙළක් පහත පරිදි ය.

යුධ ගැටුම් නිසා මුහුදු මාර්ගයෙන් කැනඩාවට සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී, මුහුදේ ගිළී මියගිය තෙ හැවිරිදි සිරියානු දරුවා වන අයිලාන් කුර්දිගේ මළ සිරුර තුර්කි වෙරළට ගොඩගසා තිබූ හැටි.


මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ පැවති උත්සවයකට, පොප් ගායිකා රියානා අමුතුම විලාසිතාවකින් සැරසී පැමිණ තිබූ හැටි.


බුරුන්ඩි හි කැරැල්ලක් අවස්ථාවේ, පහරකෑමට ලක්වූ අයෙකු දිවි බේරාගැනීමට අගලකට බැස සිටි ආකාරය හා  හමුදා නිලධාරියාගෙන් තම ජීවිතය බේරා දෙන ලෙස ඉල්ලා බැගෑපත්වීම.


රංශයේ පලවන “චාලි හෙබෙයිදෝ”පුවත්පත් කාර්යාලයට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ ත්‍රස්තවාදීන් දෙදෙනෙකු පැමිණ සිටි අයුරු.


ඉකුත් අප්‍රේල් මාසයේදී චිලී හි කැල්බුකෝ ගිනිකන්ද  පුපුරායාමෙන් පසු  සැතපුම් හයක් ඉහළට අළු විසි වී ගිය අතර, ගිනිකන්දේ බලපෑමෙන් ඒ අවට අකුණු කුණාටුවක් හටගත් හැටි.


රෝහින්ගයා සරණාගතයින්ට, තායිලන්ත හමුදාව විසින් ගුවනින් හෙලන ලද ආහාර, අනුභව කරන අවස්ථාවක්. සරණාගතයින් මේ සිටින්නේ අන්දමන් මුහුදට බැසගෙනය.


මුල්‍ය අක්‍රමිකතා සහ වංචා පිළිබඳව චෝදනා එල්ල වූ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති සෙප් බ්ලැටර්ට, මාධ්‍ය හමුවක් අතරතුර බ්‍රිතාන්‍ය ජාතික ප්‍රහසන රංගන ශිල්පියෙකු
ව්‍යාජ ඩොලර් නෝට්ටු තොගයකින් දමාගැසූ අවස්ථාව.


බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් රැජිණ ජර්මානු ජනපති ජෝචිම් ගෝක් සමඟ පවතී භෝජන සංග්‍රහයකට පැමිණි අවස්ථාව.

පැරිසියේ පැවති ‘Colour Run 2015’ නම් දිවීමේ තරඟය අවසන් වූ මොහොත. මෙහි ජයග්‍රාහකයින් හෝ ත්‍යාග ලබාදීමක් වෙනුවට සහභාගී වූ සියල්ලන් විවිධ වර්ණවල කුඩුවලින් නහවන ලදී.
 සරණාගත ගැටලුව 2015 වසරේ ලොව ලොකුම අර්බුදය බවට පත්ව තිබූ අතර සිරියානු සරණාගතයින් පිරිසක් තුර්කියට ඇතුළුවන හැටි.


2015 වසරේදී ලොවපුරා ජනයාගේ වඩාත් අවධානයට ලක්වූ තවත් ඡායා රූප පෙළක් පහත පරිදි ය.






Wednesday, December 30, 2015

එන්රික් ගෙනා ආයතනය බ්ලැක්ලිස්ට් - මුදල් ගෙවීමට දෙසතියක්




විදේශීය ගායකයෙකු මෙරටට ගෙන්වා සංගීත ප්‍රසංගයක් සංවිධානය කළ ආයතනය අසාදු ලේඛනයට ඇතුළත් කරන බව කොළඹ මහනගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පවසයි.

ලතින් අමෙරිකානු ගායකයෙකු වන එන්රික් ඉග්ලෙසියස් නැමැත්තෙකු ශ්‍රී ලංකාවට පසුගියදා ගෙන්වා සී.ආර්.ඇන්ඩ්.එෆ්.සී පිටියේදී සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබිණ.

මෙම ප්‍රසංගය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන බව කියන 'Live Events' නැමැති ආයතනය විසින් බව වාර්තා වේ.

මෙම ප්‍රසංගයේදී ප්‍රවේශපත්‍ර රැසක් අලෙවි වූ අතර ඉහළ වටිනාකම් වලින් යුත් එම ප්‍රවේශපත්‍ර අලෙවියේදී බදු වශයෙන් ලැබිය යුතු රුපියල් මිලියන 29ක මුදලක් කොළඹ මහනගර සභාවට අහිමි වී ගිය බවට පසුගිය දිනවල දැඩි කතා බහක් ඇති විය.

එසේම එම ප්‍රසංගයේදී තරුණියක විසින් සිය තනපට ගලවා එම ගායකයා දෙසට විසිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශයක් ද පසුගිය දින කිහිපයේදී සමාජ ජාල වෙබ් අඩවි වල දැඩි ලෙස කතා බහට ලක්විණ.

මෙම වාතාවරණය යටතේ කොළඹ මහනගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මෙම ප්‍රසංගය සංවිධානය කළ සමාගම වහාම අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බවයි.

එසේම එම ආයතනය සංවිධානය කළ එම ප්‍රසංගයෙන් රුපියල් 29ක පමණ බදු මුදලක් අහිමි වී ගිය බවත්, එම මුදල ගෙවීමට සති දෙකක් ලබාදෙන බවත්, මුදල ගෙව්වත් නැතත් එකී ආයතනය අසාදු ලේඛන ගත කරන බවත්, හෙතෙම අවධාරණය කළේය.

මුදල් නොගෙවන්නේ නම් නීතිමය පියවර ගැනීම ගැන අවධානය යොමු කරන බවද ඔහු පැවසීය.

අදාළ ප්‍රසංගයේදී අලෙවි කළ ප්‍රවේශපත්‍ර වලින් 7000ක පමණ කොළඹ මහනගර සභාවේ මූද්‍රාව ඇති බවටත්, තවත් ප්‍රවේශපත්‍ර 3000ක පමණ එම මූද්‍රාව නැති බවටත් සැක කරන බවත්, මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණ.

යෝධ දැල්ලෙක් දැකලා තියෙනවාද (වීඩියෝ)


ගැඹුරු මුහුදේ වෙසෙන දැල්ලන් වර්ග නොගැඹුරු මුහුදු තීරයේදී දර්ශනය වීම ඉතා දුර්ලභ සිද්ධියක්.
එහෙත් ජපානයේ මධ්‍යම ප‍්‍රදේශයේ ටොයාමා මුහුදු තීරයේදී මෙම දුර්ලභ ගණයේ දැල්ලකු සැරිසැරීම එහි සිටි සියල්ලන්ගේම අවධානය යොමුවී තිබේ.
මෙම සත්වයා දිස්වීමත් සමග එහි කිමිදුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන කිමිදුම්කරුවකු වන අකිනොබු කිමුරා කිමිදී දැල්ලා අසළටම ගොස් සත්ත්වයාගේ ක‍්‍රියාවලිය වීඩියෝ ගතකර ඇත.
කිමුරා පවසන අන්දමට මෙම දැල්ලාට කිසිදු හානියක් වී නොතිබූ බවත් ටික වේලාවක් එම ප‍්‍රදේශයේ සැරිසැරීමෙන් පසු ගැඹුරු මුහුදට ඇදීගිය බවත් සඳහන් කර ඇත.

Tuesday, December 29, 2015

මිස් යුනිවර්ස් දෙවැනි තැන ගත් සුරූපිණියට නිල් චිත්‍රපටියක් - ඩොලර් මිලියනයක ලන්සුවක් (PHOTOS)



මෙවර විශ්ව රූ රැජිණ තරගය දැඩි ලෙස කතා බහට ලක්විය. ඒ අවසන් මහා තරගයේ දී නිවේදකයාට වූ වැරදීමක් හේතුවෙනි.
ඒ අනුව දෙවෙනි ස්ථානය හිමිකරගත් කොළොම්බියාවේ තරඟකාරියට කිරුළ පැළඳවූ අතර කෙසේ වෙතත් ඇයට එහි අයිතිය ලබන්නට වැඩි කාලවේලාවක් හිමි වුයේ නැහැ. නිවේදකයා සමාව අරගෙන වැරද්ද සකස් කළා.
අමෙරිකාවේ ලාස් වේගාස් හිදී  පසුගිය 20 වැනි දා  මිස් යුනිවර්ස් තරගාවලියේදී අනුශුරතාව දිනු සුරූපිනියට ශුරතාව ලබාදීමේ සිදුවීම  ගින්නක් සේ පැතිර ගියා. අන්තර්ජාලය ඇතුළු ලොව  සියලු  මාධ්‍ය පාහේ ආන්දෝලනාත්මකව වාර්තකර තිබුණා.
කොළොම්බියාවේ අරියද්නා ගුටරෙස් Ariadna Gutierrez - මිස් යුනිවර්ස්  අනුශුරතාව නිල වශයෙන් හිමිකර ගත්තා. නිවේදකයාගේ වරද නිසා අරියද්නා විශ්ව රූ රැජිණිය බවට පත්වූයේ විනාඩි  හතර හමාරකට  පමණයි. මේ නිසාම එහි කිරුළ ජයගත් පිලිපීන තරගකාරියටත් වඩා ඇය ගැන විශාල ප්‍රසිද්ධියක් ඇතිවුණා.
මේ ප්‍රසිද්ධිය හිමිකරගත් ලෝක සුරුපිනියන්ගෙන් දෙවෙනියා වුණු අරියද්නාට අමුතු ආරාධනාවක් ලැබිලා. ඒ නිල් චිත්‍රපටයක රඟපාන්නට. එම අවස්ථාව ලබා ගන්නේ නම් ඩොලර් මිලියනයක මුදලක් ගෙවන බව නිල් චිත්‍රපට සමාගම පවසනවා. ආරාධනාව  කර ඇත්තේ ලොව ප්‍රකට විවිඩ් එන්ටර්ටේන්මන්ට් Vivid Entertainment  සමාගමයි.
අරියද්නා අවසන් තරගයේදී සිදුවූ අපකීර්තිය වෙනුවෙන් නීතිය හමුවට යනු ඇතැයි කතා පැතිරුණද සිද්ධියෙන් පසු  නිහැඬියාවක සිටි ඇය ට්විටර් පණිවිඩයක් තබමින් තමාව සැනසූ සියල්ලන්ට ස්තූතිකර නව රූප රැජිණියටද සුබ පැතුවා.
කොළොම්බියාවේ නිරූපිකාවක හා රූපවාහිනී නිවේදිකාවක ලෙස කටයුතු කරන  Ariadna Gutierrez -  නිල් චිත්‍රපට යෝජනාව ගැන තවම ප්‍රතිචාර දක්වා නැහැ.
එම ලිපිය හා ඡායාරූප පහතින්




සෙල්ෆි පිස්සුවේ අලුත්ම උන්මාදය – දික්කසාද සෙල්ෆිය (ඡායාරූප සහිතයි )



සෙල්ෆි ඡායාරූප ගැන දැන් නොදන්න එක්කෙනෙක් නැහැනේ.
මේ සෙල්ෆි ඡායරූප කාලයෙන් කාලයට එක එක මාතෘකා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙනවාවේ.
එක කාලයකට දඩ සෙල්ෆි අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධ වෙන්න ගත්තා. ඒවගේ ‍ගොඩක්  එක එක මාතෘකා ඔස්සේ මේ සෙල්ෆි  ප්‍රසිද්ධ වුණා.
ඔන්න දැන් ආයෙත් නවතම සෙල්ෆියක් ඇවිල්ල.
ඒ ගැන මොකක්ද කියලා කියනවානම් පුදුම වෙයි ඔයාලා.
ඒක තමයි දික්කසාද සෙල්ෆිය එහෙම නැතිනම් divorce selfie කියලා මේක හදුන්වනවා.
ඒ  සෙල්ෆි ඡායාරූපයෙන් කරන්නේ දික්කසාද වුණු යුවළක් එකට එකතු වෙලා දික්කසාදය ලැබුණු සතුටට ගන්නා ලද සෙල්ෆි ඡායාරූපයක්.
බලන්නකෝ ඉතින් සෙල්ෆිය ගිහින් තියෙන දුර කොහොමද කියලා.





මේ ඉල්ලන්නේ ඇඳුම් නැතුව පාරේ යන්නද?




පසුගිය දා  ආන්දෝලනයකට තුඩුදුන් ප්‍රසංගයක් සම්බන්ධයෙන් තමා විසින් සිදුකළ ප්‍රකාශයට  මේ වන විට අන්තර්ජාලය පුරා මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද  කොළඹ පැවති සම්මාන උත්සවයට සහභාගී වෙමින්ය.

අදාළ ප්‍රකාශයට තමාට මඩ ගැසූ පමණින් තමාට කිසිදු දෙයක් සිදුනොවන බවත්, සිදුවන්නේ මෙරටේ සංස්කෘතිය හානියක් බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.

තවද තමාට මඩ  ප්‍රහාර එල්ල කරනා පුද්ගලයින් ඉල්ලා සිටි‍නුයේ ඇඳුම් නැතිව පාරේ යන්නද යන්න තමන් ප්‍රශ්න කරන බවද හෙතෙම අවධාරණය කර සිටියේය.

මෙම ක්‍රියා මගින් මෙරටේ සංස්කෘතිය කොයිතරම් නම් අඩු තක්සේරුවකට ලක්වෙනවාද යන්න තමන් විසින් අදාළ පුද්ගලයින්ගෙන් ප්‍රශ්න නගන බවද ඒ මහතා වැඩිදුරටත් එම අවස්ථාවේදී කීවේය.

පසුගිය දා විදේශික ගායකයෙකු මෙරටට ගෙන්වා සංගීත ප්‍රසංගයක් පැවැත්වූ අතර එහිදී සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විවේචනයට ලක්විය.

අදාළ ප්‍රසංගය සංවිධානය කළ පුද්ගලයින්ට මඩු වළිගයෙන් ගැසිය යුතු බවත්, තරුණියක තනපට ගලවා වේදිකාවට ‍විසිකර අසීලාචාර ලෙස හැසිරී ඇති බවත්, ඒ මහතා එහිදී පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අන්තර්ජාලය පුරා නොයෙකුත් ආකාරයේ ප්‍රචාරයන් දියත් වුණි.