Search This Blog

Thursday, December 17, 2015

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කෙරෙමින් උමං මාර්ගයක්



ශ්‍රී ලංකාව හා ඉන්දියාව සම්බන්ධ කරන උමං මාර්ගය ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය නිතින් ගඩ්කාරි මහතා පවසයි.
අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ සංචාරයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳව සාකච්ඡා කර ඇතැයි නිතින් ගඩ්කාරි මහතා පවසයි.
ඉන්දියා‍වේ රාමේෂ්වරම් සිට තලෙයිමන්නාරම දක්වා මෙම උමං මාර්ගය ඉදිකිරීමට යෝජිත අතර ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍ය සහයෝගීතාව ලබාදෙන බව ද ඔහු වැඩිදුරට ත් පවසා තිබේ.
ලෝක් සභාවේ ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව අනාවරණය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

No comments:

Post a Comment