Search This Blog

Wednesday, December 9, 2015

මධුසමය ගත කරමින් සිටි සක්විති මනාලයා හෝටලේ දී බිරිඳට හසුවූ හැටි



පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ තනතුරක් දරන විවාහක පුද්ගලයෙකු තවත් පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂ තනතුරක් දරන 24 හැවිරිදි ධනවත් රූමත්තරුණියක් සමග විවාහ වී කොළඹ තරුපහේ හෝටලයක මධුසමය ගතකරමින් සිටිය දී එම පුද්ගලයාගේ බිරිඳ තවත් කිහිප දෙනෙකු සමග ඊයේ (07) අලුයම හෝටලයට කඩා වැදී දෙදෙනාම අල්ලාගෙන පොලීසියට බාරදි තිබෙන පුවතක් වාර්තාවනවා.

අදාළ තරුණිය තමා විවාහ වී තිබෙන්නේ දෙදරු පියෙකු සමග බව දැනගෙන ඇත්තේ ඔහුගේ බිරිද කරුණු හෙළි කිරීමෙන් අනතුරුවයි.

මෙම පුද්ගලයා නව මනාලියට විවාහ උත්සවය දා රන් මාලයක් සහ මුදුවක් පැලඳ ඇති අතර පොලිස් පරීක්ෂනවලින් හෙළිවී තිබෙන්නේ ඒ සියල්ල රන් ආලේපිත ඒවා බවයි.

එමෙන්ම මානාලයාගේ පාර්ශවයෙන් ඔහුගේ මව පමණක් සහභාගී වී ඇතත් ඇයද ව්‍යාජ මවක් බව පොලිසිය පවසනවා.

විවාහය සඳහා ලක්ෂ හතක් පමණ වැය වී ඇතත් එම මුදල ද ගෙවා ඇත්තේ මනාලියගේ පියා විසින්.

අදාළ පුද්ගලයා මෙම විවාහයට පැමිණ තිබෙන්නේ තම යහළුවෙකුගේ විවාහයට සහභාගිවන බව සිය බිරිඳට පවසමින්.

වසර තුනකට පමණ පෙර සේවයේ අවශ්‍යතාවයක් මත මෙම විධායක ශ්‍රේණියේ නිලධාරියා තවත් පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරියකට දුරකතන ඇමතුමක් ලබාගෙන ඇති අතර එම ඇමතුමේ අවසානය ප්‍රේමයකින් අවසන් වි තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස වංචා විමර්ශන ඒකකය වැඩිදුර පරික්ෂන පවත්වනවා.

No comments:

Post a Comment