Search This Blog

Wednesday, December 16, 2015

පිරිමින්ට ගහන්නම හදපු ගැහැණු සපත්තුව



පිරිමියෙකුට එරෙහිව කාන්තාවකට ඇති හොඳම ආයුධය පාවහන් යුගළ බව ජන වහරේ පවතින කතාවක්. කාන්තා පාවහන් ප්‍ර‍හාරයෙන් පිරිමියෙකුට දැනෙන වේදනාවට වඩා වැඩි වේදනාවක් ඉන් සිදුවන අපහාසය නිසා විඳන්න සිදුවීම ඊට හේතුවයි. 

කෙසේ වෙතත් මේ තත්වය තේරුම්ගත් අමෙරිකානු සමාගමක් කාන්තාවකට යම් පුද්ගලයකු විසින් අතවරයක්‌ සිදුකිරීමට සැරසෙන විට  ප්‍රහාරය සඳහා භාවිත කළ හැකි සුවිශේෂී අඩි උස සපත්තුවක්‌ ඇමරිකාව විසින් නිපදවා තිබෙනවා.

මෙම අඩි උස සපත්තු වර්ගය මේ වන විට ලොව පුරා බොහෝ කාන්තාවන් අතර ජනප්‍රියත්වයට පත්වෙමින් තිබෙනවා. මෙම සපත්තුවකින් කාන්තාවක්‌ වැර යොදා එල්ල කරන ප්‍රහාරයක ප්‍රබලතාව කිලෝග්‍රෑම් 95 ක්‌ බර පිරිමියකු පළඳින සපත්තු අඩිය 9 ප්‍රමාණයේ සපත්තු ප්‍රහාරයට වඩා ප්‍රබලය.

බ්‍රිතාන්‍යයේ කාන්තාවන් අතරද මෙම සපත්තු වර්ගය 2016 වසරේ සිට ජනප්‍රිය කරවීමට එරට කාන්තා සංවිධාන තීරණය කර තිබෙනවා. එම සපත්තුවෙන් පහරදීම සඳහා ඉගැන්වීමට විශේෂ ආත්මාරක්‌ෂක පන්ති පැවැත්වීමටද බ්‍රිතාන්‍ය කාන්තා සංවිධාන මේ වන විට පියවර ගෙන ඇතැයි පැවසෙනවා.

No comments:

Post a Comment