Search This Blog

Sunday, December 13, 2015

කාර්මික දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු ඇනහිටී



කාර්මික දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු ඇනහිට තිබේ.
විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්‍ය සුරේන් බටගො‍ඩ සඳහන් කළේ, බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක ඊයේ පස්වරුවේ හටගත් දෝශයක් හේතුවෙන් විදුලි ජනන යන්ත්‍ර ඇනහිටි බව ය.
නොරොච්චෝලේ ගල් අඟුරු තාප බලාගාරයේ අනෙක් ජනන යන්ත්‍ර දෙක ද මේ වන විට ක්‍රියාත්මක නොවේ.
එම ජනන යන්ත්‍ර දෙකෙන් එකක් වාර්ෂික නඩත්තු කටයුතු සඳහා අක්‍රිය කර ඇති අතර අනෙක් ජනන යන්ත්‍රය ද දෝෂයක් හේතුවෙන් විදුලි ජනනය ඇනහිට ඇති බව ලේකම් වරයා සඳහන් කළේ ය.
ආචාර්‍ය සුරේන් බටගොඩ මහතා සඳහන් කළේ, කාර්මික දෝෂයට ලක් වූ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය අද දිනයේ අලුත් වැඩියා කරන බව ය.

No comments:

Post a Comment