Search This Blog

Tuesday, December 29, 2015

මේ ඉල්ලන්නේ ඇඳුම් නැතුව පාරේ යන්නද?




පසුගිය දා  ආන්දෝලනයකට තුඩුදුන් ප්‍රසංගයක් සම්බන්ධයෙන් තමා විසින් සිදුකළ ප්‍රකාශයට  මේ වන විට අන්තර්ජාලය පුරා මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද  කොළඹ පැවති සම්මාන උත්සවයට සහභාගී වෙමින්ය.

අදාළ ප්‍රකාශයට තමාට මඩ ගැසූ පමණින් තමාට කිසිදු දෙයක් සිදුනොවන බවත්, සිදුවන්නේ මෙරටේ සංස්කෘතිය හානියක් බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.

තවද තමාට මඩ  ප්‍රහාර එල්ල කරනා පුද්ගලයින් ඉල්ලා සිටි‍නුයේ ඇඳුම් නැතිව පාරේ යන්නද යන්න තමන් ප්‍රශ්න කරන බවද හෙතෙම අවධාරණය කර සිටියේය.

මෙම ක්‍රියා මගින් මෙරටේ සංස්කෘතිය කොයිතරම් නම් අඩු තක්සේරුවකට ලක්වෙනවාද යන්න තමන් විසින් අදාළ පුද්ගලයින්ගෙන් ප්‍රශ්න නගන බවද ඒ මහතා වැඩිදුරටත් එම අවස්ථාවේදී කීවේය.

පසුගිය දා විදේශික ගායකයෙකු මෙරටට ගෙන්වා සංගීත ප්‍රසංගයක් පැවැත්වූ අතර එහිදී සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විවේචනයට ලක්විය.

අදාළ ප්‍රසංගය සංවිධානය කළ පුද්ගලයින්ට මඩු වළිගයෙන් ගැසිය යුතු බවත්, තරුණියක තනපට ගලවා වේදිකාවට ‍විසිකර අසීලාචාර ලෙස හැසිරී ඇති බවත්, ඒ මහතා එහිදී පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අන්තර්ජාලය පුරා නොයෙකුත් ආකාරයේ ප්‍රචාරයන් දියත් වුණි.

No comments:

Post a Comment