Search This Blog

Tuesday, December 29, 2015

මිස් යුනිවර්ස් දෙවැනි තැන ගත් සුරූපිණියට නිල් චිත්‍රපටියක් - ඩොලර් මිලියනයක ලන්සුවක් (PHOTOS)



මෙවර විශ්ව රූ රැජිණ තරගය දැඩි ලෙස කතා බහට ලක්විය. ඒ අවසන් මහා තරගයේ දී නිවේදකයාට වූ වැරදීමක් හේතුවෙනි.
ඒ අනුව දෙවෙනි ස්ථානය හිමිකරගත් කොළොම්බියාවේ තරඟකාරියට කිරුළ පැළඳවූ අතර කෙසේ වෙතත් ඇයට එහි අයිතිය ලබන්නට වැඩි කාලවේලාවක් හිමි වුයේ නැහැ. නිවේදකයා සමාව අරගෙන වැරද්ද සකස් කළා.
අමෙරිකාවේ ලාස් වේගාස් හිදී  පසුගිය 20 වැනි දා  මිස් යුනිවර්ස් තරගාවලියේදී අනුශුරතාව දිනු සුරූපිනියට ශුරතාව ලබාදීමේ සිදුවීම  ගින්නක් සේ පැතිර ගියා. අන්තර්ජාලය ඇතුළු ලොව  සියලු  මාධ්‍ය පාහේ ආන්දෝලනාත්මකව වාර්තකර තිබුණා.
කොළොම්බියාවේ අරියද්නා ගුටරෙස් Ariadna Gutierrez - මිස් යුනිවර්ස්  අනුශුරතාව නිල වශයෙන් හිමිකර ගත්තා. නිවේදකයාගේ වරද නිසා අරියද්නා විශ්ව රූ රැජිණිය බවට පත්වූයේ විනාඩි  හතර හමාරකට  පමණයි. මේ නිසාම එහි කිරුළ ජයගත් පිලිපීන තරගකාරියටත් වඩා ඇය ගැන විශාල ප්‍රසිද්ධියක් ඇතිවුණා.
මේ ප්‍රසිද්ධිය හිමිකරගත් ලෝක සුරුපිනියන්ගෙන් දෙවෙනියා වුණු අරියද්නාට අමුතු ආරාධනාවක් ලැබිලා. ඒ නිල් චිත්‍රපටයක රඟපාන්නට. එම අවස්ථාව ලබා ගන්නේ නම් ඩොලර් මිලියනයක මුදලක් ගෙවන බව නිල් චිත්‍රපට සමාගම පවසනවා. ආරාධනාව  කර ඇත්තේ ලොව ප්‍රකට විවිඩ් එන්ටර්ටේන්මන්ට් Vivid Entertainment  සමාගමයි.
අරියද්නා අවසන් තරගයේදී සිදුවූ අපකීර්තිය වෙනුවෙන් නීතිය හමුවට යනු ඇතැයි කතා පැතිරුණද සිද්ධියෙන් පසු  නිහැඬියාවක සිටි ඇය ට්විටර් පණිවිඩයක් තබමින් තමාව සැනසූ සියල්ලන්ට ස්තූතිකර නව රූප රැජිණියටද සුබ පැතුවා.
කොළොම්බියාවේ නිරූපිකාවක හා රූපවාහිනී නිවේදිකාවක ලෙස කටයුතු කරන  Ariadna Gutierrez -  නිල් චිත්‍රපට යෝජනාව ගැන තවම ප්‍රතිචාර දක්වා නැහැ.
එම ලිපිය හා ඡායාරූප පහතින්




No comments:

Post a Comment