Search This Blog

Monday, December 14, 2015

බස් - දුම්රිය වර්ජන සැලසුම් හකුළාගනියි


හෙට පැවැත්වීමට සැලසුම් කර තිබූ වැඩ වර්ජනය නතර කිරීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියයි.

එහි සභාපති ගැමුණු විජයරත්න මහතා පැවසුවේ අය වැයෙන් වැඩි කළ දුම් පරීක්ෂණ ගාස්තුව අඩු කිරීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් ලැබුණු  යහපත් ප්‍රතිචාරය මත හෙට ක්‍රියාත්මක කිරීමට තීරණය කළ වර්ජනය අතහැර දැමීමට තීරණය කළ බවයි.

මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය ද හෙට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ වර්ජනය අත්හිටුවා තිබේ.

තවද දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති විසින් ද හෙට සැලසුම් කළ වැඩවර්ජනය අත්හැර දැමීමට තීරණය කර ඇත.

රුපියල් 10,000 දීමනාව මූලික වැටුපට එකතු කර ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු රාජ්‍ය, අර්ධ රාජ්‍ය ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් හෙට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කරන ලදී.

අද පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ විශේෂ ප්‍රකාශයෙන් පසු වෘත්තීය සමිති කිහිපයක්ම දැනටමත් සිය වර්ජන සැලසුම අතහැර දැමීමට තීරණය කර තිබේ.

No comments:

Post a Comment