Search This Blog

Sunday, December 27, 2015

බිරිඳකගේ වාචාල කට කේන්ද්‍රයෙන් හඳුනා ගන්න - යුග දිවිය අවුල් කරන ග්‍රහයෝ



අන්තර්ජාලයෙන් කරුණු උපුටා ගෙන සකස් කරන ලද ලිපියකි.


"අපි කසාද බැන්දේ අඳුරගෙන. අවුරුදු පහක්‌ විතර යාළු වෙලා ඉඳලයි කසාද බැන්දේ. ඒ වුණත් මට දැන් ජීවිතේ එපාවෙලා ඉන්නේ. සමහර වෙලාවට වහ ටිකක්‌ කාලා මැරෙන්ඩ ත් හිතෙනවා. ඒ තරමට කලකිරිල ඉන්නේ. මෙයාගෙ වැඩ දැකලා."

එක්‌තරා සුන්දර බිරිඳක්‌ එසේ කියාගෙන ගියේ තම සැමියා අසලම ඉඳගෙනය. බිරිඳගේ දකුණු පසින් වාඩි වී සිටි සැමියා රජයේ වැදගත් තනතුරක්‌ දරන මනා පෞරුෂත්වයකින් හෙබි කෙනෙකි. හේ කඩවසම්ය. උසය. වයස හතළිස්‌පහක්‌ ඉක්‌ම වූ බව ජන්ම පත්‍රය සනාථ කළේය. බිරිඳගේ වාග් ප්‍රහාරය හමුවේ මේ සැමියා නිහඬව සිටීම අගය කළ යුතු වෙයි. ප්‍රශ්නය ලිහා ගැනීමට නම් ප්‍රශ්නයේ සෑම අංශයක්‌ම දැන ගත යුතු වෙයි. එබැවින් මම කටහඬ අවදි කළෙමි.

"දෙන්නෙක්‌ අතරෙ ප්‍රශ්නයක්‌ ඇතිවෙනකොට දෙන්නගෙම වගකීමක්‌ තියෙනවා. ඉතිං මොකක්‌ද මහත්තය කරන වරද?"

වරද? වරද තමයි සර් මෙයාට අනියම් සම්බන්ධයක්‌ තියෙනවා. ඒ ගෑනිත් මිනිහ මැරිච්ච මහ වල් ගෑනියෙක්‌. මට නම් ඇති ලස්‌සනකුත් නෑ. ඒ වුණාට මෙයා...... එහාටමයි දුවන්නේ. අපේ ගෙවල් කිට්‌ටුවමයි ඉන්නේ. මහ පට්‌ට........"

ඇයට තව දුරටත් කතා කරගත හැකි නොවීය. ඉකිගසමින් සෙමෙන් හඬන්නට වූ බිරිඳ හමුවේ සැමියා පිළිමයක්‌ මෙන් නිසලව සිටී.

"හොඳයි. ඔය මහත්තයාට මේ වගේ දෙයක්‌ කරන්න හිතුනෙ නෝනගෙ මොන වරදක්‌ නිසාද? මොකද්ද නෝනගෙන් වෙච්ච අඩුපාඩුව?

සෘජුව අදහස්‌ පළ කරන සැමියා මෙසේ කීවේය.

"අඩුපාඩුව තමා මෙයා සෙනඟ ඉස්‌සරහ මට අපහාස කරල කතා කරනවා."

"මොන වගේ දේවල් කියලද අපහාස කරන්නේ?"

"මම බුලත් විට කනව කියලා."

"බුලත් විට කනව කියල?"

"ඔව් මෙයාගෙ යාළුවෙක්‌ අපේ ගෙදරට ඇවිත් සෙනඟ ඉස්‌සරහම කීව මගේ මහත්තයගෙ නං මං බුලත්විට කෑම නතර කර ගත්තා. මහත්තයා හදාගන්න ඔයාට තවම බැරිවුණාද කියලා. මෙයා නිතරම මට ඕක කිය කිය බණිනවා."

බුලත් විට කෑම ඒ තරම් වරදක්‌ද? මම බිරිඳගෙන් ඇසුවේ කියන තරම් බුලත් විට කහටක්‌ මේ සැමියාගේ දත්වලින් නොපෙනුණ බැවිනි.

මේ උගත් අඹු - සැමියන් දෙදෙනා බුලත් විට ප්‍රශ්නයකට අඬ දබර කරගන්නේ කේන්ද්‍රවල බරපතළ ඒරාෂ්ටක අපලයක්‌ උදා වූ කාලයකය. සමහර විට බුලත් විට නිසා මිනී මැරීමක්‌ හෝ දික්‌කසාදයක්‌ දක්‌වා ප්‍රශ්නය දුර දිග යැමට ඉඩ තිබිණ. මෙය කේන්ද්‍ර අනුව පැහැදිලි කළ විට මේ සැමියා මෙසේ කීවේය.

"මහත්තයා ඔය සම්බන්ධෙ මගෙ පැත්තෙන් නතර කරන එක විතරයි තියෙන්නේ. එයින් ඉවරයි. මෙයා කල්පනා කරල කතා කරනව නං එච්චරයි.

කු=ඩා ප්‍රශ්නයක්‌ දුර දිග යන්නේ එසේය. කේන්දර පොරොන්දම් බලා නැකත් සාදා ජයටම මඟුල් කෑ අයද ග්‍රහ අපලවලදී පවුල් අවුල් කර ගන්නේ නොගැළපෙන කරුණු ඉස්‌මතු වන බැවිනි. බිරිඳගේ වාචාලකම, දුරදිග නොබලා කතාකිරීම, හදවත පසාරු කරන වචන භාවිතය අඹු - සැමි භේද උත්සන්න කිරීමට හේතු වෙයි. සමහර බිරින්දැවරුන් තමන්ගේ වචන සැමියාගේ හදවතට ඊ පහරක්‌ තරම් රිදුම් දෙන බව වටහා ගන්නේ නැත. මෙය බරපතළ අවාසනාවකි.

බිරිඳගේ නොසරුප් වදන් නිසා සැමියා අයාලේ යා යුතු යෑයි මෙයින් අදහස්‌ කරන්නේ නැත. පහත සඳහන් වචන කියන්නේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියකි. සැමියා ඉංජිනේරුවෙකි. ඇය සැමියා අසලම ඉඳගෙන මෙසේ කීවාය.

"මෙයා මෙහෙ ගෙයක්‌ හදන්න කැමැති නෑ. එයාට ඕන එයාගෙ ගමේ ඉන්න. මම එහෙට කැමැති නෑ"

"ඇයි ඒ අකමැති?"

"ඒ පළාත හරි සවුත්තුයි. ඒ පැත්තෙ මිනිස්‌සුත් මට අල්ලන්නෙ නෑ. අනික මෙයාගෙ අම්මා තාත්තා වුණත් ඒ වගේ. මම ඒ ගොල්ලන්ට කැමැති නෑ."

ඉංජිනේරු සැමියා මේ වචන අහගෙන සිටියේ කොතරම් අපහසුවෙන් දැයි මම මුහුණෙන් දැන ගතිsමි. ඔහු දෙලොවක්‌ අතර සිර වී සිටින හැටි මම දුටුවෙමි.

"මම කොහොමද මෙයා කීවට මගෙ අම්මලා තාත්තලා අත්හරින්නේ. මට ඒක කරන්න බෑ."

සැමියා ආත්ම ගෞරවය වෙනුවෙන් එසේ කීවේය. කරුණු අවබෝධ කරගෙන දුරදක්‌නා නුවණින් ක්‍රියා කරන හැටි ඉගෙන ගත් පසුව ඇය සමඟ නිවසක්‌ සෑදීමට සැමියා අවනත විය.

අන් අය ඉදිරියේ තම සැමියාට, සැමියාගේ විනෝදාංශවලට හෝ සැමියාගේ මවුපියන්ට, ඥාතීන්ට අපහාස කරන බිරින්දැවරු බොහෝය. මෙයින් සිදුවන්නේ මුළු පවුලම කැඩී විසිරී යැම හෝ තුන්වැන්නෙක්‌ මේ දෙදෙනා අතරට පැමිණීම බව ඔවුන් අවබෝධ කර ගන්නා විට ප්‍රමාද වැඩිය. කිව යුතු දෙයක්‌ වුවත් කියන අවස්‌ථාවක්‌ තිබේ. කිසිවෙක්‌ සමාජය ඉදිරියේ ලැඡ්ජා වීමට කැමැති නැත.

එහෙත් හැම බිරිඳක්‌ ම එසේ නොවේ. විදේශ රටක සිට තම මුදල් හා සැමියාගේ මුදල් යොදා තට්‌ටු හතරක නිවසක්‌ සාදා ගැනීමට එක්‌තරා බිරිඳක්‌ සමත් වූවාය. මෑතකදී ඇය ලංකාවට පැමිණියේ සැමියා එතෙර සිටියදීමය. දරුවන් ලංකාවේ පාසලකට භාර දුන් ඇය ඉහත කී නිවසේ පදිංචි විය. එහෙත් එහි සිටියේ සැමියාගේ මවත්, අක්‌කාත් ය. මෙම නැන්දා සහ නෑනා ඇයට ඇනුම්පද කීවෝය. නොයෙකුත් සිත් රිදීම් කළෝය. තමන් හදාගත් නිවසේම ඇය පිටස්‌තරයකු බවට පත්විය. ඇය මේ ගැන පැවසුවේ මෙවන් අදහසකි.

"මට නොයෙක්‌ විදිහට කරදර කරනවා. මගේ ගෙදරම ඉඳගෙන. ඒත් මම උඩතට්‌ටුවට ගිහින් රේඩියෝ එකේ පිරිත් දාගෙන සද්ද නොකර ඉන්නවා. මම මේ මොකවත් මහත්තයට කියන්නේ නෑ. මම කැමැති නෑ රංඩු වෙන්න."

තම බිරිඳ කොතරම් කරදරයකට පත් වී දැයි මේ බිරිඳගේ සැමියා දැන ගන්නේ තමන්ගේම දරුවන් කියන විටය. සාමය වෙනුවෙන් ඇය ඉවසුවාය.

ඉහත සඳහන් කළ සිදුවීම් සත්‍ය ඒවාය. මේ බුලත් විට කෑම නිසා හෝ සැමියාගේ ඥාතීන් පහත් කොට තැකීම නිසා හෝ නැන්දාගේත්, නෑනාගේත් ග්‍රහණයට හසුවීම නිසා පවුල් අවුල් ඇති වූ යුවතිපතීන් කේන්ද්‍රය පදනම් කරගත් උපදේශනයකින් පසුව සාමකාමී පවුල් ජීවිත ගත කරති.

කේන්ද්‍ර ගළපා විවාහ වුවත් ග්‍රහ අපල තදබල ලෙස බලපවත්නා විටදී බිරිඳගේ හෝ සැමියාගේ නොගැළපීමක්‌a ඉස්‌මතුවීම ස්‌වභාවයකි. මෙයට එක්‌ හේතුවක්‌ වන්නේ කේන්ද්‍ර, පොරොන්දම් විස්‌ස පමණක්‌ බලා විවාහය තීන්දු කිරීමය.

විවාහ සහකරුගේ දුර්වල චරිත ලක්‍ෂණ, ඔහුගේ හෝ ඇයගේ ජන්ම පත්‍රය බලා හඳුනාගැනීම අපහසු නොවේ. වාචසික සංවරය හෙවත් සංවර ලෙස කතා කිරීම බොහෝ අවුල් සමථයට පත් කිරීමට හේතුවන අතර zවාචාලකටZ නිසාම නැති ප්‍රශ්න ඇති වේ. මූණටම කියනවා යන අදහස සෑම විටම සාර්ථක වන්නේ නැත.

බිරිඳකගේ වචන භාවිතය කේන්ද්‍රයෙන් හඳුනා ගැනීමට කේන්ද්‍රයේ දෙවැන්න ලග්නාධිපති වචනයට අධිපති බුධ හා ශනි ගේ බලපෑම නිරීක්‍ෂණය කිරීම වැදගත් වේ.

දෙවැන්නේ සුබ ග්‍රහයන් වන ගුරු, ශුක්‍ර, සඳු, බුධ වැනි ග්‍රහයන් බලවත්ව පිහිටි අය කතා කරන්නේ පිරිසිදු වචන වේ. දෙවැන්නේ ගුරු බලවත් නම් ජන්මියා බොහෝ ප්‍රඥවන්තව දුර දිග බලා කතා කරන කෙනෙක්‌ වේ. ඔවුන් අන්‍යයන්ට උපදෙස්‌ ගුරුහරුකම් දීමට පවා දක්‍ෂ වෙති. දෙවැන්නේ සිකුරු අලංකාර චමත්කාර වචන කතා කරයි. මේ අය ගීත ගායනයට ද දක්‍ෂ විය හැකි අතර අන්‍යයන් ආකර්ෂණය කර ගැනීමට හැකි වචන කතා කරයි. කතාවෙන් අනුන්ගේ සිත් දිනා ගැනීමට දක්‍ෂ වෙති.

දෙවැන්නේ පුර සඳු නම් කාරුණික වදන් තෙපළයි. නිහතමානීව, සිත් නොරිදෙන ලෙස මවක මෙන් මෛත්‍රී සහගතව ඔවුන්ගේ වචන පිට වේ. දෙවැන්නේ සඳු දුබල නම් මේ තත්ත්වය පහත වැටෙනු ඇත.

දෙවැන්නේ බුධ බලවත් නම් ජන්මියා දක්‍ෂ කථිකයකු වනවා ඇත. කතාව බුද්ධිමත්ය. තර්කානුකූලය. දැනුම සහිතව අවබෝධයෙන් කතා කරන අයගේ බුධ හා දෙවැන්න බලවත් වේ. දක්‍ෂ නීතිඥයන් මේ යෝගයෙන් බිහි වේ.

බලවත් ග්‍රහයන් මෙසේ වුවද, දෙවැන්නාධිපති දුර්වලව හා දෙවැන්නේ පාප ග්‍රහයන් සිට බුධ ද දුර්වල නම් ජන්මියාගේ වාචසික සංවරය අඩු වන්නේය. විශේෂයෙන් දෙවැන්නේ බුධ නීච වීම වචන ගොත ගැසීමට පවා හේතු වේ.

දෙවැන්නේ පාප කුජ අශුභව තැන්පත් වූ විට පරුෂ වචන කියන කෙනකු වනවා ඇත. අන්‍යයන් හා බැණ ගැනීමටත් රංඩු සරුවල් ඇතිකර ගැනීමටත් මේ අය දක්‍ෂය. ඕනෑම කෙනකුට හී සැරයක්‌ මෙන් සිත් රිදෙන වචන කීමට මේ අය අතිදක්‍ෂයෝ වෙති. ඉක්‌මනින් අනුන් අමනාප කර ගනී.

දෙවැන්නේ බුධ සතුරු වී ශනි සමඟ නම් බොරු හා කේලාම් කියන කෙනෙක්‌ බව පෙන්වයි. මේ අය ද වචන හොඳ නැති අය ලෙස ප්‍රසිද්ධ වනවා ඇත.

දෙවැන්නේ රවි අශූභව තැන්පත් වු අය අහංකාර ලෙස කතා කරන අය බව පෙනේ. බොරු පුරාඡේරුව, ආත්ම වර්ණනාව කරන මේ අය කතා කරන්නේ අන් අයට අණ දෙන්නෙක්‌ මෙනි. එහෙත් අසන්නෝ ඊට කැමැති වන්නේ නැත.

දෙවැන්නේ රාහු දුර්වල නම් ජන්මියා හිස්‌ වචන හා ප්‍රලාප කියන කෙනකු බව පෙන්වයි. දුරදිග නොබලා කියන වචන සියලු අවුල් ඇති කරවයි. සමහර විට සඳුත් ඊට සම්බන්ධ නම් ජන්මියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු නරක වචන කියන කෙනෙක්‌ද වනවා ඇත.

මේ අතර යම් කෙනකුගේ ලග්නාධිපති ග්‍රහයා 6, 8, 12 යන භාවයක බුධත් සමඟ සිටී නම් ජන්මියා කතාව නිසාම පාඩු සිදු කර ගනී. එසේ හයවැන්නට සම්බන්ධ වූ විට තමන්ගේ කතාව නිසා සතුරන් ද 8 නම් හානි ද, 12 නම් පාඩු ද සිදුÊකර ගනී. ලග්නාධිපති බුධ සමඟ හතරේ නම් ජන්මියා හිතට එකඟව කතා කරන කෙනෙකි.

යුග දිවිය සමඟ කෙරෙන කතාවේ බලපෑම සුළුපටු නොවේ. එහෙත් පොරොන්දම් පරීක්‍ෂාවකින් පමණක්‌ සහකරුගේ මෙවැනි ගති ලක්‍ෂණ දැකිය හැකි නොවේ. ඒ සඳහා වෙනමම කේන්ද්‍රය පරීක්‍ෂා කර ගත යුතු වේ.

වචන බවට පෙරළෙන්නේ සිතන දේය.. ක්‍රියා බවට පෙරළෙන්නේ කියන දේය. එබැවින් කියන වචනවලින් හිතන දේත්, කරන දේත් වටහා ගැනීම අපහසු නොවේ.

No comments:

Post a Comment