Search This Blog

Wednesday, December 9, 2015

කරන ක්‍රීඩාව අනුව සිරුර වෙනස්වෙන්නේ මෙහෙමයි (PHOTOS)



හොවාඩ් ෂට්ස් කියන්නේ නිව්යෝක් නගරයේ වෙසෙන ඡායාරූප ශිල්පියෙක්.

ඔහු පසුගිය දිනක ඉතා අපූරු වැඩක් කරලා.ඒ ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුරුරු සිය කැමරාවට හසුකරගනිමින් ඇත්ලීට් නමින් පොතක් නිර්මාණය කරමින්.


ඔලිම්පික් ක්‍රීඩකයෙකු යැයි පැවසූ සැනින් බොහෝදෙනාගේ සිතට නැගෙන්නේ හොඳින් වැඩුණු  සිරුරකින් සහ පිරිපුන් මාංශ පේශී සහිත පුද්ගලයෙකු වුවත් මෙම ඡායාරූප මාලාව හරහා ඔවුන්ගේ සිරුරු එකිනෙකාට වෙනස් වන අයුරු පැහැදිළි ලෙස දක්වා තිබෙනවා.


උස, මිටි. කෙට්ටු,මහත වැනි විවිධාකර හැඩයන්ගෙන් යුත් සිරුරු වලට හිමිකම් කියන ඔවුන් අතර ඇති එම වෙනස ඔවුන් යෙදෙන ක්‍රීඩාව මතද රඳා පවතින බවයි එම ඡායාරූප වලින් පෙනෙන්නේ.


මෙම ඡායාරූප එකතුවට ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 125 දෙනෙකුගෙ ඡායාරූප එක් කර ඇති අතර එය පොතක් ලෙස නිර්මාණය කර තිබෙනවා



No comments:

Post a Comment