Search This Blog

Saturday, January 2, 2016

ආහාර අසාත්මිකතාවය - food allergy

 
 
ඇත්තටම මොකක්ද මේ Food allergy  කියන්නේ , ඔබේ ආහාරයේ තිබෙන යම් සංඝටකයකට , විශේෂයෙන්ම ප්‍රෝටීනයකට විරුද්ධව ඔබේම ප්‍රතිශක්ති කරණ පද්ධතිය Immune system ක්‍රියාත්මකවිම , එහිදී පළු දැමීම , කැසීම වගේ සරළ ලක්ෂණ විතරක් නොවෙයි එහි උපරිම අවස්ථාව වන anaphylaxis තත්වයේදී ක්ෂණික ශ්වසන අපහසුතාවක් ඇවිත් මරණය පවා ළඟා වෙන්න පුළුවන් , අනෙක් කෑම කාළ විනාඩි දෙක තුනක් වුවත් ඇති මේ අනතුර සිදුවන්නට  (Food allergies are the body's abnormal responses to harmless foods; the reactions are caused by the immune system's reaction to some food proteins.)

මේකෙදි සිද්ද වෙන්නේ ආහාරයේ තියෙන යම් ප්‍රෝටීනයක් “අපේ තරහකාරයෙක් “ කියල අපේම ප්‍රතිශක්ති පද්ධතිය රැවටෙන එක , ඉතින් ඒ තරහ කාරයාව නැති කරල දාන්න IgE කියන අපේ ලේ වල ඉන්න ආරක්ෂකයත් , mast cell කියන ආරක්ෂකයත් එකතුවෙලා(තව කට්ටිය ගොඩක් උදව් කරනවා)   ....හිස්ටැමින් කියන සංයෝගයක් මුදා හරිනවා ....අන්න ඒ histamine  නිසා තමයි මේ සියලුම අසාත්මික ලක්ෂණ ඇති වන්නේ . මේ හිස්ටැමීන් වලට පුළුවන් ක්ෂණිකව රැධිර පීඩනය අඩාල කරන්න , ශ්වසන පද්ධතියේ ක්‍රියාව දුර්වල කරන්න පවා ....හිතා ගන්න පුළුවන් නේද වෙන්න පුළුවන් අනතුර......
බලාගෙනයි ඇලජික් වෙන්න  පුළුවන්.

මොනවගේ ආහාර වලටද ඇලජික් වෙන්න පුළුවන් ...“ඒක එක් එක්කෙනාට වෙන් වෙන දෙයක් හැබැයි ...පොදුවේ ගත්තොත් ඉස්සෝ , කකුළුවෝ වගේ මුහුදු ආහාර , සමහර දරුවන්ට බිත්තර ඇලජික් වෙන්න පුළුවන් , ඊට අමතරව කිරි (ඒ කිව්වේ මව් කිරි නොවෙයි ) , සෝයා ආහාර , කජු වැනි ඇට වර්ගත් අසාත්මික වෙන්න පුළුවන් කාණ්ඩයේ තියෙන්නේ ඒ වගේම කුකුළු මස් වලටත් තක්කාළි වලටත් (ඇත්තටම කිව්වොත් තක්කාළි ඇට වලටයි ඇලජික් වෙන්නේ ) අසාත්මික වෙන්න පුළුවන් ....

දැන් අපි බලමු මොනවද අසාත්මික ලක්ෂණ කියලා ...පුංචි පුංචි බිබිළි සම මතු පිට මතු ෙවනවා ..සමහර විට බලා ෙගන ඉඳිත්දි ෙම් ලප මතු ෙවනවා හරි ඉක්මණට ... එයත් එක්කම  ස ෙම් කැසීමක් , ඉදිමීමක් ඇති වෙනවා ...ඒත් එක්ක වමනය දියරමය ලෙස මළපහ පිටවීමත් වෙන්න පුළුවන් ...මේ ඔක්කොටම වඩා භයානක ...හුස්ම ගැනිම අපහසු වෙලා ක්ලාන්තය වගේ(anaphylaxis shock ) ඇතිවෙලා ජීවිතය ඉතා අනතුරුදායක තත්ත්වයකට ගෙන යන්නත් මේ පුංචි දේට පුළුවන්....

“ගණන් ගන්න“ මේක හදිස්සියක් .......
විශේෂයෙන්ම මෙහිදි හුස්ම ගැනීමේ අපහසුවක් ,ක්ලාන්ත වන බවක් දැනුනොත් අදාල පුද්ගලයා හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාරයට යොමු කරන්න ...කිසිම වෙලාවක “ඕක ඇරිළ යයි“  කියල ගණන් නොගෙන ඉන්න එපා....එවිට වෛද්‍යවරයා අවස්ථාවට අදාලව ඖෂධ , ඔක්සිජන් ආදිය භාවිතයන් ජීව්තය රැකදීමට කටයුතු කරාවි .....අපේ වගකීම තමයි මේ තතත්වය ගැන දැන ගන්න එක සහ අවශ්‍ය අවස්ථාවේ නියම ආකාරයෙන් ක්‍රියාත්මක වන එක ...

තව දෙයක් කියන්න ඕනෑ , අපි අත්දැකීමෙන් දකින දෙයක් තමයි ...දැන් දැන් මේ food allergy තත්ත්වයේ වැඩි විමක් ...හුඟක් පාසල් දරුවන් මෙම තත්ත්වයට ගොදුරු වෙනවා ...මට හිතෙනව ඒකට ප්‍රධානතම හේතුව වෙන්න ඇති , short eats මොකද බොහොම වෙලාවට ඒවට විවිධ රසකාරක දානවනේ...ඉතින් chemical allergies ඇතිවෙන්න ඉඩ වැඩියි.... 

හා.....ච් චෝං ං ං මේකත් ඇලජියක් ....
මම මෙතැන Food allergy  ගැන කතා කළේ අද සිද්ද වුනු දේ නිසානේ ....ආහාර වලට විතරක් නොවෙයි. ඔබගන්නා ඖෂධ වලට(Drug allergy) , ගාන ක්‍රීම් වලට ...දුහුවිලි වලට පවා allergies  ඇති වෙන්න පුළුවන් ...“පීනස“ කියන්නෙත් allergic condition  එකක් ...ඒ වගේම අපි හොඳට දන්න “හතිය“ කියන්නෙත් එවැන්නක් . ඒවගේම එක් allergy තත්ත්වයක් තියෙන අයට තවත් දෙයක් සඳහා මෙවැනි තත්ත්වයක් ඇතිවීමේ අවදානම තිබෙනවා.... 

අපිට කරන්නට තිබෙන හොඳමදේ තමයි තමන්ට allergic  මොනවාද කියල අඳුනගෙන ඉන් ඉවත්ව කටයුතු කරන එක .....අනික හදිසියේ හරි මෙහෙම තත්ත්වයක් ඇති වුනොත් නිසි ක්‍රියා මාර්ග ගන්න එක නේද ?  ...ඒත් මේ වෙනුවෙන් හදිසි ප්‍රතිකාර Emergency treatment වලට අමතරව Antihistamine කාණ්ඩයේ ඖෂධ Mast cell stabilizers වගේ ඖෂධ ගන්න පුළුවන් ඒත් හොඳට මතක ලියා ගන්න , මේ හැම ඖෂධයක්ම ගන්නට ඕනැ වෛද්‍ය උපදෙස් මත පමණයි ඒ වගේම mast cell stabilizers  ගන්න උපදෙස් දුන්නොත් වෛද්‍යවරයාගේ උපදෙස් අනුව එක දිගට මාස 3ක් හෝ 6ක් විතර වුනත් ගන්න වේවි.....

No comments:

Post a Comment