Search This Blog

Thursday, January 21, 2016

සූරූපි තරුණියක ලෙස චැට් කරමින් බුකියේ කො‍ල්ලෙක් නන්නත්තාර කරලා



සුරූපී තරුණීයන් ලෙස පෙනී සිටිමින් ෆෙස්බුක් සමාජ වෙබ් අඩවියේ සිටින තරුණයින් සමග ප්‍රේම සම්බන්ධතා ඇති කර ගනිමින් ඔවුන් රවටා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ගෙන්වාගෙන ඒවා ප්‍රසිද්ධ කරන බවට  තර්ජනය කර ලක්ෂ ගණනින් කප්පම් ගන්නා සංවිධානාත්මක කල්ලියක් ගැන පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී සලකා බැලූ අවස්ථ‍ාවේදීය. ඒ අනුව එම සිද්ධිය ගැන වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙත නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියට මුල්ව ඇත්තේ එක්තරා  හමුදා සෙබළෙක්  ෆෙස්බුක් වෙබ් අඩවිය ඔස්සේ අදහස් හුවමාරු කරගනිමින් සුරූපී තරුණීයකට රැවටී තම නිරුවත් ඡයාරූප සහ වීඩියෝ දර්ශන ලබාදීම බව එහිදි හෙළිව තිබෙනවා. පසුව එම වීඩියෝ දර්ශන හා ඡායාරූප ප්‍රසිද්ධ නොකර සිටීමට නම් කප්පමක්  වශයෙන් එම හමුදා සෙබළාට රුපියල් දෙලක්ෂ දස දහසක මුදලක් ගෙවීමට සිදුව ඇති අතර ඒ අනූව ඔහු මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා.

පැමිණිලිකාර යුද හමුදා සෙබළාගේ ෆෙස්බුක් ගිණුමට සුරූපී තරුණීයක විසින් ඇරයුමක් (ෆෙන්ඩ් රික්වෙස්ට්) ලබාදී ඇති බවත්, පසුව පැමිණිලිකරු විසින් එම තරුණීයක ලෙසින් පෙනී සිටි අය සමග සමීප ඇසුරක් පවත්වා ඇති බවත්, ඔහු සිය පැමිණිල්ලෙන් දක්වා තිබෙනවා. මෙම සමීප ඇසුර හේතුවෙන් තරුණීයක ලෙස ෆෙස්බුක් වෙබ්අඩවියේ පෙනී සිටි තැනැත්තා විසින් පැමිණිලිකාර හමුදා සෙබළාගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන විශාල ප‍්‍රමාණයක් ඉල්ලා ඇති බවත්, මෙම අය කාන්තාවක ලෙස සිතූ පැමිණිලිකරු එම ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන ද ලබා දී ඇත්තේ ඔහුගේ ජංගම දුරකථනය මගින් බවත් රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබෙනවා.

පසුව පැමිණිලිකරුගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප‍්‍රචාරය කරන බව පවසමින් අදාළ ෆෙස්බුක් ගිණුම හිමි කණ්ඩායම විසින් පැමිණිලිකාර හමුදා සෙබළා බිය ගන්වා තර්ජනය කර අවස්ථා දෙකකදී මුදල් රුපියල් දෙලක්ෂ දස දහසක මුදලක් ගිණුම් අංක දෙකකට බැර කරවාගෙන ඇති බවද රහස් පොලිසිය අධිකරණයේදී අනාවරණය කර තිබෙනවා. මෙවැනි පැමිණිලි රාශියක් සම්බන්ධයෙන් මේ වන විට තම අංශය වෙත තොරතුරු ලැබෙමින් පවතින බවද මෙහිදී පවසා ඇති රහස් පොලිසිය සිද්ධියට අදාළව එක් පුද්ගලයකු නොව සංවිධානාත්මක කණ්ඩායමක් කටයුතු කරනු ලබන බවද අධිකරණයට දැනුම්දී තිබෙනවා.
ඒ අනුව, පැමිණිල්ලට අදාළ කප්පම් මුදල් ලබාදුන් බව කියන බැංකු ගිණුම්වල තොරතුරු මෙන්ම අදාළ ඒ.ටී.එම් යන්ත‍්‍රවල සී.සී.ටී.වී කැමරා දර්ශන ද ලබාගෙන මෙම පරීක්ෂණය කඩිනමින් සිදුකර අධිකරණයට සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණය රහස් පොලිසියට නියම කර තිබෙනවා.

No comments:

Post a Comment