Search This Blog

Tuesday, January 19, 2016

MKADS අභාවප‍්‍රාප්ත වෙයි..



කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඉඩම් ඇමති එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ.
මේ වන විට ඔහුගේ මෘත දේහය එම රෝහලේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් කියයි.
ගුණවර්ධන මහතා පසුගිය මාස කිහිපය තිස්සේම රෝගී තත්වයෙන් පසු වූ අතර මාස දෙකකට ආසන්න කාලයක් එංගලන්තයේ රෝහලක නැවතී ප‍්‍රතිකාර ලැබීය.
ගුණවර්ධන මහතා 2015 ජනවාරි 08 වැනිදා මෙරට සිදු වූ දේශපාලන බල පෙරලියේ පෙරගමන්කරුවෙකි.
මෙසේ අභ‍්‍රාවප‍්‍රප්ත වන විට ඒ මහතා 69වන වියේ පසුවිය.

No comments:

Post a Comment