Search This Blog

Wednesday, January 13, 2016

කාන්තා හිංසනයට එරෙහිව ස්විස් කලාකාරිනියක් නිරුවතින් විරෝධයේ.. [Video]



ලොව පුරා ජනතාව නව වසර උදාව සමරමින් සිටින අතරවාරයේ ජර්මනියේ කොලෝන් නගරයේ කාන්තාවන් සියගණනක් හිංසනයට ලක්වීමේ සිදුවීමට විරෝධය පළ කරමින් ස්විට්සර්ලන්ත ජාතික කලාකාරිනියක් නිරුවත් වී ඇත.
ඩසල්ඩෝර්ෆ්හි කලාකාරිනියක් හා නිරූපිකාවක් ලෙස කටයුතු කරන 32 හැවිරිදි මිලෝ මොයර් කොලෝන්හි දේවස්ථානය ඉදිරියේ නිරුවතින් විරෝධය දක්වමින් පවසා ඇත්තේ කාන්තාවන්ට ගරු කළ යුතු බවයි.
කාන්තාවන්ට ලිංගික උපකරණයක් ලෙස නොව පරිපූර්ණ ජීවියෙකු ලෙසින් සිය ජීවිතය ගත කිරීමට ඉඩ ලැබිය යුතු බව මොයර් පවසා තිබේ.
මේ අතර අගෝස්තු මසදී ලක්‍ෂ ගණනක් සරණාගතයින් සඳහා ජර්මානු දේශසීමාව විවෘත කිරීමට චාන්ස්ලර් ඇන්ජල් මර්කල් ගත් තීරණයෙන් අනතුරුව ගම්මිරිස් දියර හා තුවක්කු අලෙවිය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
බර්ලින් නගරයේ ගිනි අවි අලෙවිසැලක් පවත්වාගෙන යන පාවෙල් ස්වර්ඞ්ලොව් පවසා ඇත්තේ මෙතරම් ආත්මාරක්‍ෂක අවි අලෙවි වනු තමන් මින් පෙර දැක නොමැති බවයි.
දෙසැම්බර් 31වන දිනය තුළ කොලෝන් නගරයේ දුම්රිය ස්ථානය හා දේවස්ථානය අතර ප‍්‍රදේශයේදී කාන්තාවන් 121ක් පමණ මංකොල්ල කා, තර්ජනයට ලක්ව හෝ ලිංගික අඩන්තේට්ටම්වලට ලක්ව ඇතැයි වාර්තා විය.
මෙතෙක් හඳුනාගෙන ඇති සැකකරුවන් 32 දෙනෙකුගෙන් 27 දෙනෙකු මැදපෙරදිග හෝ උතුරු අප‍්‍රිකානුවන් වන අතර ඔවුන්ගෙන් 22 දෙනෙකු සරණාගතයින් ලෙස පැමිණ ඇති පුද්ගලයින් බව පැවසේ.

No comments:

Post a Comment