Search This Blog

Monday, January 11, 2016

තරබාරුවීමේ අතුරු ප්‍රතිඵල



විශේෂඥ වෛද්‍ය සංජීවනී ෆොන්සේකා සමේ රෝග විශේෂඥ කථිකාචාර්ය
තරබාරුවීමත් සමඟ ඇතිවෙන අතුරු විපාක පිළිබඳ බොහෝ අයට අවබෝධයක් නැහැ. එම නිසා ප්‍රතිකාර කරන්නේ තරබාරුවට පමණයි. මේ කියන්නේ එසේ වෙනම ප්‍රතිකාර කරගත යුතු තරබාරුවේ අතුරු ප්‍රතිවිපාක ගැනයි.
සම කළුවීම(Acanthosis Nigricans)
මෙය බහුලවම දැකිය හැකි රෝගී තත්ත්වයකි. බෙල්ලේ සම කළු පැහැයට හැරීම කිහිලි, ඉකිලි ආදී නිතර ගැටෙන ස්ථාන කළු පැහැයට හැරීම මෙන්ම නහය හා කට වටා කළු පැහැවීම ඇතිවෙන්නේ තරබාරුවීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙසයි. තරබාරුකම අඩුකර ගැනීමෙන් මේවා පාලනය කර ගත හැකියි. මේ නිසා කුඩා කාලයේ පටන්ම උසට සරිලන බර පවත්වා ගෙන යා යුතුය.

ඉන්නන් (ඉඬඪද ඊචඨඵ)
විශේෂයෙන්ම මෙහිදී බෙල්ලේ හා කිහිලිවල සම වර්ධනය වීමෙන් ඉන්නන් වැනි තත්ත්ව මතුවෙයි. මෙය බෝ වන රෝගයක් නොවේ. කුඩා ගැටිති ලෙස බෙල්ල හා කිහිලිවල ඇති වන මේවා ඇතැම් විට මුහුණේද ඇති විය හැකිය. මේවා ඉවත් කළහැකි වුවත් තරබාරුකම පාලනය නොවන්නේ නම් නැවත ඇතිවීමේ ඉඩකඩ වැඩිය.

රෝම අධිකව වර්ධනය
ස්ථුලතාව සමඟ ඇතිවන හෝමෝන වෙනස්කම් නිසා (ර්ථීධතරජරඵබඪජ ර්ණීමඥපර ච්ඪඵඥචඵඥ) සමේ රෝම අධිකව වර්ධනයක් පෙන්නුම් කරන අවස්ථා ඇත. විශේෂයෙන්ම ගැහැනු දරුවන් වැඩිවියට පත්වීමෙන් පසු අධිකව තරබාරු නම් ආර්තවය හරියාකාරව සිදුවන්නේ නැත්නම් (ර්ථීධතරජරඵබඪජ ර්ණීමඥපර ච්ඪඵඥචඵඥ) රෝගය ඇති බව තහවුරු වෙයි. එවැනි පුද්ගලයන්ගේ මුහුණ, කලවා, උදරය, පිට ප්‍රදේශ ආදියේ රෝම අධිකව වර්ධනය වෙයි. තරබාරු ගැහැනු ළමයින් වැඩිවියට පත්වූ පසු මෙම තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩිය. මේ නිසා මොවුන් බර පාලනය කර ගැනීම අනිවාර්යයි.

ස්ට්‍රෙච් මාර්ක්
සිහින් ශරීරය හිමි අය තරබාරු වීමෙන් සහ තරබාරු අය කෙට්ටු වීම නිසාද සම මත මෙවැනි ස්ට්‍රෙච් මාර්ක්ස් ඇති වෙයි. දෑතේ දෙපාවල උදරය හා පිට වැනි ස්ථානවල මෙම පැල්ලම් ඇති වූ විට ඒවා ඉවත් කිරීම ඉතා අපහසුය.

කුරුලෑ වැනි ආසාදන
තරබාරු අයගේ කුරුලෑ වැඩි වශයෙන් දැකිය හැකිය. මොවුන්ගේ ර්ථීධතරජරඵබඪජ හෝමෝන වැඩි නිසා දරුවන් වැඩි වියට පත්වූ පසු කුරුලෑ ආසාදන, තරබාරු අයගේ ඉකිලි, කිහිලි, පියයුරු යට වැනි ස්ථානවල දහදිය එක්වීම නිසා දිලීර ආසාදන ලෙස ඉස්මතු වෙයි. තරබාරුකම පාලනය කර ගන්නේ නම් මෙම තත්ත්වය පාලනය කර ගන්නට හැකියි.

යටි පතුලේ සම වර්ධනය
තරබාරු අයගේ යටි පතුලේ සම ගනවීමක් පෙන්නුම් කරයි. එවිට යටි පතුලේ සම පැළීමට ලක් වෙයි. මෙයටද තරබාරුකම පාලනය කරගැනීම පිළියමකි.
ඉහත කාරණාවලට අමතරව මොවුන් දියවැඩියා රෝගයට ගොදුරු වීමේ අවදානමද වැඩිය.

පිළියම
සමේ ඇතිවන මෙවැනි වෙනස්වීම්වලට නිසි පිළියම වන්නේ බර අඩුකර ගැනීමයි. දිලීර රෝග ඇත්නම් ප්‍රතිකාර කිරීමත් ඉන්නන් ඇති වේ නම් පුලුස්සා ඉවත් කිරීමත් කළ හැකි නමුත් ආහාර පාලනය කර ගනිමින් හෝ තරබාරුකම පාලනය කළ යුතුවෙයි. දරුවන් තරබාරු නම් අඩු වයසින්ම කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය වැනි රෝග මතුවන නිසා එය පාලනය කර ගැනීමට උනන්දු වන්න.
ශාලිකා රංගනී සමරදිවාකර

No comments:

Post a Comment