Search This Blog

Monday, January 11, 2016

කොළඹ කොටස් සීඝ්‍රයෙන් පහළට


කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද මධ්‍යහ්න 12.00 පමණ වන විට ඒකක 66.40 කින් පහත වැටී තිබිණ.මෙය පෙර දිනයට සාපේක්ෂව 0.99% ක කඩා වැටීමකි. දිනයේ මුල් භාගය තුළ දක්නට ලැබුණු මෙම පහළ යාම මෑත කාලයේ දක්නට ලැබුණු විශාලතම කඩා වැටීම ලෙසින් සැලකිය හැකිය

මේ වන විට ලොව පුරා කොටස් වෙළෙඳපොළ බොහෝමයක් පත්ව සිටින්නේ ද මේ හා සමාන තත්ත්වයකටය.
Cambridge, Massachusetts-based EPFR Global Inc විසින් සිදුකර ඇති සමීක්ෂණයකට අනුව 2016 වසරේ මේ දක්වා කාලය තුළ දී, ලොව පුරා ආයෝජකයින් ඩොලර් බිලියන 8.8 ක් කොටස් ආයෝජන තුළින් ඉවත් කර ගෙන ඇති බව අනාවරණය වී ඇත.

No comments:

Post a Comment