Search This Blog

Thursday, November 12, 2015

පොප් ගායිකා මයිලි සයිරස් MTV සම්මාන උළෙලේ තිරය පිටුපස නිරුවතින්

පොප් ගායිකා මයිලී සයිරස් පසුගියදා පැවති MTV වීඩියෝ සංගීත සම්මාන උළෙලේ තිරය පිටුපසදී නිරුවතින් ඡයාරූපයකට පෙනී සිට ඇත. 22 හැවිරිදි ගායන තාරකාවියගේ නිරුවත් රුව රැගත් V සගරාවේ දෙසැම්බර් කලාපය නොවැම්බර් මස අවසානයේ අලෙවිසැල්වලට නිකුත් වීමට නියමිත බව පැවසේ. නිල් පැහැති කන් ආභරණ පමණක් පැළඳ සිටින සයිරස් ඇගේ සිරුර පුරා කොටා ඇති පච්චා මනා ලෙස අනාවරණය කර තිබේ. ඩිස්නි ළමා තාරකාවියක්ද වූ මයිලී සයිරස් මින් පෙරද අවස්ථා ගණනාවකදී ආන්දෝලනාත්මක ඡයාරූප රැසකට පෙනී සිට ඇත. සම්මාන රාත‍්‍රියේදී ඇය තමන්ගේ නවතම ගීතය ඩූ ඉට් සජීවීව ඉදිරිපත් කර ඇති අතර තවත් ආන්දෝලනාත්මක පියවරක් ගනිමින් ඇය ඒ සඳහා ඩ‍්‍රැග් ක්වීන් හෙවත් පිරිමි නර්තන ශිල්පිනියන් පිරිසක්ද ඵඔඪ වේදිකාව මතට කැටුව පැමිණි බව පැවසේ. එක් පිරිමි නර්තන ශිල්පිනියක් වන ලගාන්යා ඒස්ට‍්‍රාන්යා පවසා ඇත්තේ දැවැන්ත වේදිකාවක් මත තමන් ප‍්‍රසිද්ධ තලයට රුගෙන ඒම පිළිබඳව මයිලී සයිරස්ට බෙහෙවින් ස්තූතිවන්ත වන බවයි. ඕනෑම ලිංගිකත්වයක පුද්ගලයකුට ආලය කළ හැකි බවට තමන් හඳුන්වාගන්නා මයිලී සයිරස් සමලිංගික හා වෙනත් ලිංගිකත්වයන් සහිත ප‍්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් හඬ නගන ගායිකාවක් ලෙස සැලකේ. මෙම MTV සම්මාන රාත‍්‍රියේ නිවේදිකාව වූයේද ඇය වීම විශේෂත්වයකි. මූලාශ‍්‍ර – 01

No comments:

Post a Comment