Search This Blog

Thursday, November 19, 2015

Fit On Room එකේ ඇඳුම් අඳිද්දි හොරෙන් බලනවද කියල දැනගන්න හැටි මෙන්න

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ලිපියකි




විලාසිතා මන්දිරයකින් එහෙම නැත්නම් රෙදි පිළි සාප්පුවකින් නිමි ඇඳුමක් මිලදී ගත්තම ඒ ඇඳුම තමන්ගෙ ඇඟට ගැලපෙනවද කියල අනිවාර්යයයෙන් ඇඳල බලන්න වෙනව. රෙදිපිළි සාප්පු හැම එකකම වගේ ඒ කටයුත්ත කරන්න වෙනම කාමර තියෙනව.

මේ කාමර ඇතුළෙ කාන්තාවන් ඇඳුම් මාරු කරද්දි වෙළඳසැලේම සමහරු ඒ දිහා හොරෙන් බලනව කියල සැකයක් සමාජ ගතවෙලා තියෙනව. යම් යම් අවස්ථාවල ඒ වගේ සිද්ධි අතටම අහුවෙලත් තියෙනව.

දැන් දැන් මේ වැඩේට කාමරයෙ සවි කරල තියෙන මූණ බලන කණ්නාඩිත් පාවිච්චි කරන අවස්ථා තියෙනව. මේ සඳහා භාවිත කරන්නෙ බැලූ බැල්මට සාමාන්‍ය කණ්නාඩි වගේ පෙනෙන විශේෂිත කණ්නාඩියක්. මේ කණ්නාඩිය හඳුන්වන්නේ Two way mirror කියලයි. Fit On Room එකේ මේ වර්ගයේ කණ්නාඩි සවි කර ඇතිවිට ඔබට ඔබේ රූපය පෙනෙනව වගේම අනිත් පැත්තෙ ඉඳගෙන හොරෙන් බලන කෙනාටත් ඔබ කාමරය ඇතුළෙ ඇඳුම් මාරු කරන හැටි හොඳට පෙනෙනව.

සාමාන්‍ය මුහුණ බලන කණ්නාඩියක් සහ Two way mirror එකක් හොඳින් බැලුවොත් හඳුනගන්න පුළුවන්. සාමාන්‍ය මුහුණ බලන කණ්නාඩියට ඇඟිල්ල ළං කළ විට ඇඟිල්ල සහ ඇඟිල්ලේ ප්‍ර‍තිබිම්භය අතර සුළු ඉඩක් දැකිය හැකිය. නමුත් Two way mirror එකකදී ඇඟිල්ල සහ ඇඟිල්ලේ ප්‍ර‍තිබිම්භය එකිනෙක ඉතා හොදින් ගැටෙන අයුරු දැකිය හැකිය. 

එම පරීක්ෂාවෙන් Tow way mirror එකක් ඇතැයි සැක සිතේනම් වහාම එම කාමරයෙන් පිටවන්න



No comments:

Post a Comment