Search This Blog

Monday, November 16, 2015

Facebook සහ You Tube අතර ගැටුමක්

ඉන්ටර්නෙට් පරිශීලනය කරන්නන් ඉතා වැඩි වශයෙන් භාවිත කරන ෆේස්බුක් හා යූ ටියුබ් අතර පවතින සීතල සටනක් පිළිබඳව කථාබහට ලක් වෙමින් තිබේ. ඒ, වීඩියෝ upload කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක් හා යූ ටියුබ් අතර තරගකාරිත්වයක් ඇති වී තිබීම හේතුවෙනි. මේ වන විට Facebook තුළින් දිනකට බිලියන 8කට අධික පිරිසක් වීඩියෝ දර්ශන නරඹන බවට සමාජ ජාල වෙබ් අඩවි වාර්තා පළ කරයි. මේ හේතුවෙන් You Tube වීඩියෝ පරිශීලනය සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී තිබේ. මීට ප්‍රථමයෙන් වීඩියෝ දර්ශන නැරඹීම සඳහා පුද්ගලයින් You Tube භාවිත කළ ද අද වන විට එම තත්ත්වය වෙනස් වෙමින් පවතී. නවීන තාක්ෂණය තුළින් කලින් කලට ෆේස්බුක් යාවත්කාලීන වීම හේතුවෙන් ඊට විශාල පිරිසක් ඇදී එමින් සිටිති. එමෙන් ම ෆේස්බුක් තුළින් වීඩියෝ දර්ශන share කිරීමේ පහසුකම් ඇති බැවින් ඒ තුළින් ව්‍යාපාරික අවශ්‍යතා සහිත ග්‍රාහකයින්ට ද වැඩි වශයෙන් ප්‍රතිචාර ලබා ගැනීමේ හැකියාව පවතී. කෙසේ වෙතත් You Tube වෙබ් අඩවිය මේ සඳහා පිළිතුරු දෙමින් පවසන්නේ, Facebook තුළින් වැඩි කාලයක් සහිත වීඩියෝ දර්ශන නැරඹීමට අපහසු බව ත් You Tube තුළින් එවැනි අපහසුතාවන් සිදු නොවන බව ත් ය.

No comments:

Post a Comment