Search This Blog

Saturday, November 28, 2015

ලොව පළමු ‍දිවා රාත්‍රී ටෙස්ට් තරඟය අද ඇරඹෙයි



ක්‍රිකට් වංශ කතාවේ නව පිටුවක් පෙරළමින් ලොව පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරඟය අද ආරම්භ වෙයි.

ඒ ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතරයි.

මෙම තරඟය ඔස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් හි පැවැත්වෙන අතර ඒ සඳහා රෝස පැහැති පන්දුවක් යොදා ගැනීමට නියමිතය.

වසර 138 ක ටෙස්ට් ක්‍රීකට් ක්‍රීඩා ඉතිහාසය වෙනස් කරමින් පළමුවරට මෙම තරඟය පැවැත්වෙන අතර එය  නවසීලන්ත වේලාවෙන් පස්වරු 04.30 හෙවත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පෙරවරු 09 ට පමණ ආරම්භවිමට නියමිතය.

නරඹන්නන් වැඩි පිරිසක් තරඟයට සහභාගි කර ගැනීමේ අදහසින් රාත්‍රී තරඟ පැවැත්විමේ සංකල්පය හඳුන්වා දී ඇත.

නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර මෙවර තරඟාවලියේ මේ වන විට එකට බිංදුවක් ලෙස ඉදිරියෙන් පසුවන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

තරඟාවලිය තරඟ 3කින් සමන්විත අතර තරඟාවලියේ අවසන් තරඟයද මෙය වේ.

මේ අතර මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර ඇත.

No comments:

Post a Comment