Search This Blog

Monday, November 16, 2015

දැක්කොත් 'කසාද බඳින්න හිතෙන' ගණිකාවෝ

තරුණ ගණිකාවන්ගේ සේවය ලබා දෙමින් වැඩි පාරිභෝගික අවදානයක් දිනා සිටි සුපිරි ගණිකා නිවාසයක්‌ වැටලීමට පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. මහරගම පන්සල පාරේ සුවිසල් තෙමහල් නිවසක පහත මාලයේ මෙය පවත්වාගෙන ගොස් තිබු අතර එහි සේවය සඳහා යොදවා සිටියේ අවුරුදු 24 ට අඩු කාන්තාවන් තිදෙනකු බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ. මෙම තෙමහල් නිවාසයේ පවුල් කිහිපයක්‌ පදිංචි වී සිටින අතර එහි පහත මාලයේ එක්‌ කොටසක්‌ කුලියට දීම සඳහා දැන්වීමක්‌ දමා තිබූ අතර එම දැන්වීමට අනුව එකම පවුලේ මව, පුතාසහ දියණියක කියාගත් තුන්දෙනකු මෙම කොටස කුලියට ගත්තේ මාසයකට රුපියල් 35,000 ක කුලියක්‌ යටතේයි. එඑකම පවුලේ සාමාජිකයන් නොවූ ඔවුන්ගේ අදහස වී තිබුණේ නිවස හිමිකරුට හා අසල්වැසියන්ට එලෙස පෙන්වා ගණිකා නිවාසයක්‌ එම කොටසේ පවත්වාගෙන යාමයි. මව කියාගත් කාන්තාව එම ගණිකා නිවාසයේ අයිතිකාරිය ලෙස කටයුතු කළ අතර පුතා කියාගත් පුද්ගලයා එහි කළමනාකරු ලෙස කටයුතු කළ අතර දියණිය කියාගත් කාන්තාව ගණිකා වෘත්තියේ නිරතවී තිබෙනවා. මෙහි සිටින කාන්තාවන් ගැන කළමනාකරු විශාල වර්ණනාවක් කරන අතර පාරිභෝගිකයකු කතා කළ විට කළමනාකරු"අපි ළඟ ඇත්තටම ඉන්නේ ගණිකා සේවයේ යෙදෙන අය නොවෙයි. හදිස්‌සියක්‌ නිසා සල්ලි වගයක්‌ හොයා ගන්න මෙහෙම කරන්නේ. " යනුවෙන් පවසනවා. "එක්‌කෙනෙක්‌ ඉන්නවා වයස අවු. 21 යි. හුඟක්‌ ලස්‌සනයි. බඳින්න කොල්ලෙකුත් ඉන්නවා. කොල්ලට හොරෙන් තමයි මේ වැඩේ කරන්නේ. රාත්‍රි කාලයට නම් එන්නේ නැහැ. දවල්ට විතරයි කැමති නම් ඇවිත් බලන්න. දැක්‌කොත් මහත්තයා ඒකිව කසාද බැඳගනීවි. ඒතරම්ම ලස්‌සනයි. අහිංසකයි. සල්ලි නැති නිසා සල්ලි ටිකක්‌ හොයා ගන්න මේ රැකියාව කරන්නේ." යනුවෙන් ද මෙම කළමනාකරු තරුණියන් ගැන වර්ණනා කරනු ලබනවා. කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන ගිය මෙම ගණිකා නිවාසය පසුගියදා වැටලීමේ දී එහි සිටි අවුරුදු 24 ට අඩු කාන්තාවන් තිදෙනෙක් ද පොලිස් බාරයට ගැනුණා. - See more at: http://offair.nethfm.com/article/29003#sthash.sXnsNAfm.dpuf

No comments:

Post a Comment