Search This Blog

Monday, November 16, 2015

රසේ දැනුනා ජීවිතේ ...........

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ලිපියකි. සම්පුර්ණ ගෞරවය එහි මුල් රචකයාට හිමිවේ. ඔබට සතුටක් දැනුනද ? සතුටක් දුකින් වෙන් කර හදුනා ගැනීමට නම් ඔබට දුක දෑනී තිබිය යුතුය .ඔබට දුක හඳුනා ගැනීමට සතුට දැනී තිබිය යුතුය .මෙන්න මේ වගේ මේ ලෝකයේ හෑම දෙයකම විරුද්ද දෙයක් තියෙනවා ඔබට මෙය තේරුම් ගන්නට පහසු නොවන්නටත් පුලුවන් නමුත් මාත් එක්කම හිතලා බලමු . ඔබ සතුටින් සිටීමට උත්සාහ කරන්නේ ඔබ දුකෙහි කටුකත්වය දන්නා නිසාය . ඔබ මුදල් උපයා ධනවත් වන්නට උත්සහ කරන්නේ ඔබ ඔබ දුප්පත් කම දන්නා නිසාය. මෙය සමාජීය කාරනා වලට පමණක් නොව විද්‍යාව ගණිතය හා බුදු දහමටද අදාලය මම මේ මතු කරණ අදහස බුදු දහම තුල මීට වසර 2500 පෙර සදහන් වී ඇති බව ඔබත් මමත් දන්නා දෙයකි. අටලෝ දහම වගේ අපි කවුරුත් දන්නා කාරණා තුල වගේම හේතු ඵල දහම තුල ත් මේ කාරණා ඉතා ගැඹුරින් සාකච්ඡාවට භාජනය වෙනවා .. අපි දන්න පැත්තට හැරුනොත් විද්‍යාවේ ධන ආරෝපණ යන්න වටහා ගන්නට රින ආරෝපනය යන්න තිබිය යුතුය .එකට හේතුය ආරෝපන අන්නට ලකුනක් යොදන්නේ එකකට සාපේක්ශව නිසාය . එන්න ඒ විදියට බැලුවොත් ගණිතය තුල ධණ සංඛ්‍යා පවතින්න නම් රිණ සංඛ්‍යා යන්නක් තිබිය යුතුය .. අවකනය නැත්තනම් අනුකලනයද නැත .එකතු කිරීම නැත්තම් අඩු කිරීමද නැත මෙන්න මෙහෙම හිතුවොත් ඔබට තේරේවි දැනට ඔබ වැදගත් යයි සලකන දේවල් ඔබට වැදගත් යයි හිතන්නේ අනෙක් දේවල් වැදගත් නොවන නිසාය .මේක තේරුම් ගන්න උදාහරණ කීපයක් බලමු ගනිමු . ඔබ ඔබේ පෙම්වතෙකු නම් , ඔබ ඔබේ පෙම්වතිය කොන්ඩේ දිගට වවනාවාට අතිශය කැමති වන්නේ නම් .ඔබ ඇය කොන්ඩය කොටට කපනවාට අකමැති විය යුතුය . තවත් උදාහරණයක් ගත්තොත් සිල් රකින මිනිසුන් පිරිසක් සලකන්න .ඔවුන් කිසිවිටෙක සිල් පද නොකඩනවා යයි සැලකුවොත් .ඔවුන් තුල වැරදි කරන පුද්ගලයන් නැද්ද .ඉන්නවා නමුත් ඒ වැරදි කරන අය . සිල් නොරකින මීනිසුන් ඉන්නා තැනකට ගියයොත් ඔහු එතන හොඳම මිනිසා බවට පත් වෙයි . ඔන්න ඔය වගේ හැම දෙයක්ම ගත්තොත් කතා කරන්න වෙන්නේ .වෙන දෙයකට සාපේක්ශව .. කෙනෙක් හොඳද නැද්ද තීරනය කල යුත්තේ යමෙක් හෝ පිරිසක් ඔහු හා සසඳා ය .අපිට ඔහු හොඳ අයෙක් යයි කිව නොහැක .අපට කිව හැක්කේ ඔවුන්ට හෝ ඔහුට වඩා ඔහු හොඳයි ලෙසය ලස්සනද එලෙසය .අපට ලස්සන ද කිව හැක්කේ සාපේක්ශවය ඉතින් මෙලොව තිත්ත නම් රසයක් නොතිබුනා නම් .පැනි රස යන්න ට කිසි තැනක් නොඑනු නැත .කැත නොතිබෙන්නට ලස්සන යන්න නොපවතිනු ඇත ..

No comments:

Post a Comment