Search This Blog

Saturday, November 14, 2015

රුවන්ගි ඇන්ද ඇඳුම අයින් කරලා - සමහරු ඒක අඳිනවලු

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී. එක්තරා උත්සවයකට ඇඳපු ඇඳුමක් නිසා රුවන්ගි රත්නායක සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ වඩාත් කතා බහට ලක්වුණා. මේ සම්බන්ධයෙන් රුවන්ගි මාධ්‍ය වෙත අදහස් දක්වමින් තමන් ඒ ඇඳුම ඉවත්කරලා ඇතත් තවමත් සමහරු එය ඇඳගෙන සිටින බව සඳහන් කර තිබුණා. "ඔය ආන්දෝලනය ඇතිවුණේ ෆේස්බුක් හරහා. ඒත් මම ෆේස්බුක් එකේ නැති හින්දා මම ඒවා දැක්කෙ නැහැ.ඒ ඇඳුම මට නුසුදුසු නැහැ. මමම තෝරාගත් ඒ විලාසිතාවේ වරදක් නැහැ. මම ඉන්නේ එම මතයේ වීම හින්දා මට ඔය චෝදනා වැදගත් නැහැ.මම සාමාන්‍යයෙන් එක ඇඳුමක් අඳින්නේ එක උත්සවයකට විතරයි. ඔය ඇඳුම උත්සවයකට ඇන්දා. ආයේ කවදාවත් ඒක අඳින්නේ නැහැ. මම දැන් ඒ ඇඳුම ඉවත්කරලා. හැබැයි තවමත් සමහරු ඒක ඇඳගෙන ඉන්නේ." යැයි රුවන්ගි සඳහන් කර තිබුණා. මේ අතරේ රුවංගිගේ පෙම්වතාත් පසුගියදා පැවති උපන්දින සාදයට එක් වුණා කියලා ඇතැම් මාධ්‍ය සඳහන් කරලා තිබුණා.ඒගැනත් රුවන්ගි පිළිතුරු දෙන්න අමතක කරලා තිබුණේ නෑ. "ඒක බොරු ආරංචියක් ඒ මගෙ පෙම්වතා නමෛයි. හොඳම යාළුවගෙ අයියා.දැනට ආදරය කරන කෙනෙකුත් නැහැ. එහෙම කෙනෙක් හමුවුණ දාට විවාහය ගැන හිතනවා. එතකොට අනිවාර්යයෙන්ම ඒ ප්‍රවෘත්තිය මමම කතා කරලා කියන්නම්." - See more at: http://offair.nethfm.com/article/28981#sthash.U8TtkpS4.dpuf

No comments:

Post a Comment